by thanushika
0 comments

ගාල්ල දිසා බාලදක්ෂ සංගමය හා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකය එක්ව සංවිධාන කරන ලද ජීවිතාරක්ෂක පුහුණු පාඨමාලාවේ

01 වැනි කණ්ඩායමේ පුහුණුව හික්කඩුව මුහුදු තීරයේදී ආරම්භ කෙරිණි.

මෙහිදී බාලදක්ෂයන් වෙත මූලික ජීවිතාරක්ෂක ක්‍රම ශිල්ප න්‍යායන් හා ප්‍රයෝගික පුහුණුව ලබාදීම සිදු කරයි.

මෙහි සමාරම්භක අවස්ථාවට ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස් උපුල් කලන්සූරිය, වැඩසටහනේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක, දිස්ත්‍රික් මානවක බාලදක්ෂ ආචාර්ය, වෛද්‍ය රොෂානි වීරතුංග, විද්‍යාලෝක බාලදක්ෂ සමූහයේ බාලදක්ෂ ආචාර්ය ඩී. සුරේෂ් පුෂ්පකුමාර, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී. එන්. ටී. හේවගේ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු සහභාගි වී සිටියහ.

නුවන් කොඩිකාර


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department