‘‘සුහුඹුල් අත් පා යදඬු කරන්නයි කිරිකැටි පුතුනේ‘‘ එම ගීතය පුංචි පුතා ගයන විටදි සිත සමාධිගත වෙයි. කොතෙක් අසා සිටියත්, ඇති වෙන්නේ නැති තරමටම ඒ හඬ කන්කලු ය. ඉතින් දුවේ පුතේ, දක්ෂතා රැසකින් සමන්විත මේ පුංචි මිතුරා හඳුන්වා දීමටයි මේ සූදානම. ඔහු නමින් විදුනිත ය. ඉතින් අපි ඔහුගේ කතාව අසමු.
‘‘ මම කුඩා කාලයේ සිටම ගීත ගායනා කිරීමට ගොඩක් කැමැතියි. මට ගීත ගායනා කිරීමට හැකියාව ලැබුණේ මගේ අම්මාගෙන්. අම්මා ගීත ගායනා කරන විට මම අහගෙන ඉන්න ආසයි. මගේ අම්මා සංගීත ගුරුවරියක්. ඇය මට කවි, කතා, සිංදු කියලා දෙනවා. ඒවා ගොඩක් වටිනවා. ඒ තාලයට මමත් ගයන්න උත්සාහ කරලා තිබෙනවා. ඇය මගේ වැරැදි ස්ථාන නිවැරැදි කරලා නැවතත් මා ලවා ගායනා කරනවා. ගීතයක උස් පහත් වෙන ස්ථාන අප නිවැරැදිව හඳුනාගත යුතුයි. ලස්සනට තාලයට ගීතය ගායනා කළොත් විතරයි. ඒක අනෙක් අයට අහගෙන ඉන්න පුළුවන් වෙන්නේ. ඉතින් අම්මා මාව ඒ තත්ත්වයට පුරුදු පුහුණු කරනවා. මට පාසලේ ගුරුවරුන් වගේම යාළුවොත් ආදරෙයි.‘‘
‘‘ මම අධ්‍යාපනය ලබන්නේ බණ්ඩාරවෙල ඇටම්පිටිය ජාතික පාසලෙයි. මගේ පාසලේ විදුහල්පතිනිය එස්. පී පතිරණ මහත්මියයි. මගේ පන්තිභාර ගුරුතුමා වන්නේ ගම්ලත් මහත්මයායි. මම අවුරුදු හතරේදී තමයි ගිටාර් සහ තබ්ලා වාදනය ආරම්භ කළේ. ඒ සඳහා මට මගේ අම්මාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. සෑම විටම අම්මා මගේ පසුපසින්ම සිටිමින් උපදෙස් සැපයුවා. ඒක මට ලොකු ශක්තියක් වුණා. මම අවුරුදු නවය වන විට ගිටාර් සහ තබ්ලා ප්‍රථම විභාගය සම්පූර්ණ කළා. ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කයේ ළමා සමාජ අතර පැවති තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගත්තා. ජාතික තරුණ සේවා සභාව මඟින් පැවැත්වූ සම්මාන යෞවන සම්මාන තරගාවලියේදී ශාස්ත්‍රීය වාදනයට ශාස්ත්‍රීය ගායනයට, ශාස්ත්‍රීය ගිටාර් වාදනයට, තබ්ලා වාදනයට, මෙන්ම හාර්මෝනියම් වාදනයෙන් සහාය වීම. ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රද්ධාභිනන්ද වැඩසටහනින් ජයග්‍රහණය ලැබීම. පාසලේ බටහිර තූර්යවාදන කණ්ඩායමේ එකෝඩියන් වාදකයකු ලෙස කටයුතු කිරීම.
‘‘ මේ සෑම දෙයකටම මගේ අම්මා සහ තාත්තා මෙන්ම මගේ විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුළු ගුරුවරුන් ද සහයෝගය දැක්වූවා. මට කියන්න තියෙන්නේ පුංචි කාලයේදීම දක්ෂතා හඳුනාගෙන ඉදිරියට යන දරුවකු වන්න ඔබත් උත්සාහ කරන්න කියලයි.”
රූපාන්ති බුලත්සිංහල