Home » Blog » පෝතක බාලදක්ෂ ආචාර්යවරුන්ගේ හතර වැනි අදියර උසස් පාඨමාලාව මීරීගම, ලී දසනායක බාලදක්ෂ පුහුණු කඳවුරේදී

පෝතක බාලදක්ෂ ආචාර්යවරුන්ගේ හතර වැනි අදියර උසස් පාඨමාලාව මීරීගම, ලී දසනායක බාලදක්ෂ පුහුණු කඳවුරේදී

by thanushika
0 comments

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ පුහුණු කිරීමේ අංශය මඟින් සංවිධානය කළ 90 වැනි පෝතක බාලදක්ෂ ආචාර්යවරුන්ගේ හතර වැනි අදියර උසස් පාඨමාලාව මීරීගම ලී දසනායක බාලදක්ෂ පුහුණු කඳවුරේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා මහතාගේ මඟපෙන්වීම යටතේ සහය ප්‍රධාන කොමසාරිස් පුහුණු නායිකා රේණුකා සිල්වා මහත්මියගේ උපදේශකත්වයෙන් ක්‍රියාත්මක වූ අතර, පාඨමාලා අධ්‍යක්ෂිකා ලෙස සහය මූලස්ථාන කොමසාරිස් පුහුණු නායිකා ස්වර්ණා සෙනෙවිරත්න සහ සහාය පාඨමාලා අධ්‍යක්ෂිකා පුහුණු නායිකා මානෙල් දිසානායක යන මහත්මීහු කටයුතු කළහ.

“සතුට පිරුණු පෝතක ලොවකට මංපෙත් විවර කරමු” යන තේමාව යටතේ ක්‍රියාත්මක වූ මෙම උසස් පාඨමාලාව සඳහා පෝතක බාලදක්ෂ ආචාර්ය මහත්ම මහත්මීන් 50 දෙනෙක් සහභාගි වී සිටියහ. එංගලන්තය, මැලේසියාව, මාලදිවයින සහ හොංකොං රටවල් නියෝජනය කරමින් විදේශීය කොමසාරිස්වරු සහභාගි වී සිටියහ.

 

ඡායාරූප- දමිත් වන්නිආරච්චි


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department