Home » Blog » පෝතක ආකේලා ලී පදක්කම් පාඨමාලාව

පෝතක ආකේලා ලී පදක්කම් පාඨමාලාව

by thanushika
0 comments

ලොව පළමු පෝතක ආකේලා ලී පදක්කම් පාඨමාලාව හෙවත් උසස් පාඨමාලාව වර්ෂ 1921 වසරේ සැප්තැම්බරයේදී ගිල්වෙල් උද්‍යානයේදී පවත්වනු ලැබී ය .

එලෙස පුහුණුව ලැබූ ආකේලා හට පිරිනමන ලද්දේ ලී පබළු ප්‍රදානය නොවේ . පෝතක ආකේලාවරුන් ලෙස පුහුණුව ලැබූ අය හට හම් රැහැනක ඇමිණූ වෘක දත බැගින් වූ පලඳනාව ප්‍රදානය කළ අතර, සහාය පුහුණු ( ALT) නායකයන් සඳහා වෘක දත් දෙකකින් යුත් පලඳනාව ප්‍රදානය කරන ලදි.

වර්ෂ 1926දී වෘක දත් පලඳනාව වෙනුවට සමස්ත පෝතක හා බාලදක්ෂ අංශ සඳහා ලී පබළු ප්‍රදානය කිරීම ආරම්භ කරන ලදි. පෝතක අංශය සඳහා කහ පැහැති ලී පබළු ද බාලදක්ෂ අංශය සඳහා කොළ පැහැති ලී පබළු හා 1927දී මානවක අංශය සඳහා රතු පැහැති ලී පබළු ද ප්‍රදානය කරන ලදි .

එහෙත් මෙම ක්‍රමය ජනප්‍රිය නොවූ අතර, වර්ෂ 1928දී සියලු අංශ සඳහා වර්තමානයේදී ප්‍රදානය කරන ලී පබළු ප්‍රදානය ආරම්භ විය.

ධර්මලාල් ගුණවර්ධන

බාලදක්ෂ ආචාර්ය

නාලන්දා විද්‍යාලය

කොළඹ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department