සිරියානු කාන්තාරය උතුරු අරාබි කාන්තාරය ලෙස ද හඳුන්වයි. බටහිර ආසියාවේ උතුරු සවුදි අරාබියේ කොටස, නැඟෙනහිර ජෝර්දානය, දකුණු සිරියාව සහ බටහිර ඉරාකය පුරා මෙම කාන්තාරය විහිදී ඇත. කාන්තාරය ඔරොන්ටෙස් නිම්නය සහ බටහිරින් හරට් අල්-ෂාමා ගිනිකඳු ක්ෂේත්‍රයෙන් සහ නැඟෙනහිරින් යුප්‍රටීස්වලින් මායිම් වේ. ඉරාකයේ දේශ සීමාවේ පිහිටි සිරියානු කාන්තාරයේ නැඟෙනහිර කොටස බටහිර කාන්තාරය ලෙස හැඳීන්වේ. මෙම කාන්තාරය සඳහා ෂමියා යන නම භාවිතකර ඇත. ඉතින් මේ සූදානම පුංචි දූලා පුතාලට සුන්දරත්වයෙන් යුතු සිරියානු කාන්තාරය පිළිබඳ තොරතුරු රැගෙන එන්නයි.
සිරියානු කාන්තාරයේ අතීතයේ බෙඩොයින් ගෝත්‍රිකයෝ ජීවත් වූහ. මොවුහු තවමත් මෙම කලාපයේ රැඳී සිටිති. ඔවුන්ගේ සාමාජිකයෝ ද ක්ෂේම භූමිය අසල ඉදිකරන ලද නගරවල ජනාවාස සාදා ඒවායේ ජීවත් වෙති. සමහර බෙඩොයින්වරු තවමත් කාන්තාරයේ ඔවුන්ගේ සාම්ප්‍රදායික ජීවන රටාව පවත්වාගෙන යති. සාක්ෂරතාව ඇති බෙඩොයින්වරුන් විසින් ලියන ලද ප්‍රාග්-අරාබි පාඨ , සෆායිටික් සෙල්ලිපි සිරියානු කාන්තාරය පුරා දක්නට ලැබේ. මේවා දළ වශයෙන් ක්‍රිස්තු පූර්ව පළමු සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ හතර වැනි සියවස දක්වා පැරැණි ය.
මෙම කාන්තාරයේ පැරැණි ජනාවාස පිහිටා තිබේ. ක්‍රිස්තු පූර්ව යුගයේ මෙම නගරය වෙළෙඳ මධ්‍යස්ථානයක් හඳුන්වා දී තිබේ. මෙහි ජීවත් වූ මිනිස්සු තමන්ගේ අවට තිබුණු දෑ අලෙවිකර ආදායම් උපයා ගත්හ. මේවායින් මොවුහු ධනය උපයා ගත්හ. ඇතැම් අවස්ථාවල මොවුහු අවට ඇති ප්‍රදේශවලට ද සංක්‍රමණය වෙමින් වෙළෙඳාම් කළහ.
තවත් පැරැණි ජනාවාසයක් වන්නේ යුප්‍රටීස් ගඟේ ඩූරා-යූරෝපස් නගරයයි. මෙය සෙලියුසිඩ් අධිරාජ්‍ය කාලයේදීආරම්භකර ඇත. මෙය මුල් කාලයේ බළකොටුව ලෙස හඳුන්වා ඇති අතර, පසුව ඩූරා යන නම ලැබී තිබේ. එහෙත් ග්‍රීකයෝ යුරෝපොස් ලෙස හැඳීන්වූහ. ච්භපච-ඡ්භපධනධඵ සංයෝජනය නවීන සොයාගැනීමකි. මෙම සොයාගැනීම සමඟ නගරය සමෘද්ධිමත් විය. යුප්‍රටීස්හි පිහිටීම නිසා මෙසපොතේමියාව සහ මධ්‍යධරණී මුහුද අතර වාණිජ හා යුද හමුදා සම්බන්ධතාව වර්ධනය විය. මෙම කාන්තාරය නියඟය සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් තර්ජනයට ලක්ව තිබේ. මෙහි බොහෝ ශාක විශේෂ මිය ගොස් තිබේ.
චතුරි ලක්ෂිකා