ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කළ “නත්තල් බැති ගී ප්‍රසංගය” යක්කල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ශ්‍රවණාගාරයේ දෙසැම්බර් 28 දින පැවැත්විණි. ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ ප්‍රසංගය ගම්පහ දිසා කොමසාරිස් ජනක සුගත් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් සහය දිසා කොමසාරිස් ඉරෝමා පෙරේරා මහත්මිය විසින් සංවිධානයකර තිබිණි. ගම්පහ දිසාවේ සියලුම බාලදක්ෂ කණ්ඩායම් නියෝජනය කරමින් බාලදක්ෂයන්, පෝතක බාලදක්ෂයන් 700කට අධික පිරිසක් මෙහිදී බැති ගී ගායනා කළහ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ උප සභාපති කේ.එච්. කුමාරසිංහ පියතුමන්, සහය ප්‍රධාන කොමසාරිස් (මාධ්‍ය, මහජන සම්බන්ධතා, සංස්කෘතික) ප්‍රභාත් කුලරත්න සහ ප්‍රධාන කොමසාරිස් (මානවක) ශ්‍රීලත් ද සිල්වා මහත්වරුන් ඇතුළු කොමසාරිස්වරුන් රැසක් එක්ව සිටියහ.
නුවන් කොඩිකාර