Home » Blog » සූර්යයාට ළං වූ පාකර්

සූර්යයාට ළං වූ පාකර්

by thanushika
0 comments

ආදරණීය දුවේ පුතේ, අප අද කතා කරන්නේ මෑතකදි ලෝකයේ කතා බහට ලක් වුණ පාකර් මෙහෙයුම ගැනයි. NASA ආයතනයේ Parker සූර්ය ගවේෂණ යානය දෙසැම්බර් 24 වැනි දා සිට සූර්යයාට සැතපුම් මිලියන 3.8ක් දුරින් පියාසර කරමින් සූර්යයාට ආසන්නතම ගමන ලෙස සනිටුහන් කළා. පැයට සැතපුම් 430,000ක ඇදහිය නොහැකි වේගයකින් ගමන් කරන එය, මෙතෙක් මිනිසා විසින් සාදන ලද වේගවත්ම වස්තුව වේ. දෙසැම්බර් 26 වැනි දින, අභ්‍යවකාශ යානය පෘථිවියට නැවත සංඥාවක් එව්වා. එය යහපත් තත්ත්වයෙන් තිබුණා. අමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් හි ජෝන්ස් හොප්කින්ස් භෞතික විද්‍යාගාරයේ මෙහෙයුම් කණ්ඩායමට මෙම සංඥාව ලැබුණා.

මෙම මෙහෙයුම වැදගත් වීමට හේතු ගොඩක් තිබුණා. මෙම Parker සූර්ය ගවේෂණ යානය ගමන් කරන අතරතුර, සූර්යයා පිළිබඳ වැදගත් දත්ත රැස් කළා. ඒ සූර්ය සුළං, සූර්යයාගේ වායුගෝලයේ පිටත මායිම සිතියම්ගත කිරීමට අවශ්‍ය තොරතුරු වගේ දේවල් ය. Parker Solar Probe යනු NASA ආ‍යතනයේ Living With a Star වැඩසටහනේ කොටසක් ලෙසින් හැඳීන් විය හැකි ය. එයින් සූර්යයා පෘථිවියට සහ සමාජයට බලපාන අකාරය ගැන අධ්‍යයනය කරනවා. අභ්‍යවකාශ යානය 2025 ජනවාරි 1 දින සූර්යයා ගැන විස්තරාත්මක දත්ත ආපසු එවීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම අපගේ සූර්යයා පිළිබඳ තවත් අබිරහස් සොයා ගැනීමට විද්‍යාඥයන්ට උපකාර කරාවි කියලා ඔවුන් බලාපොරොත්තු වෙනවා.

බොහෝ විද්‍යාඥයන් මේ පිළිබඳ ඉතා විමර්ශනශීලිව අධ්‍යයන කටයුතුවල යෙදුණා. කෙටියෙන් දෙයක් සෙවීමට වඩා විස්තරාත්මකව දෙයක් විශ්ලේෂණය කිරීම ඔවුන්ගේ අදහස වුණා. මේ නිසා වරින් වර ලැබෙන තොරතුරු පිළිබඳ ඔවුන් සැලකිලිමත් වුණා. නාසා ආයතනය මෙහිදී විශේෂ කාර්යභාරය රැසක් ඉටු කළා. සූර්යයා පිළිබඳ ගවේෂණය කිරීම එතරම් පහසු නැත. එහෙත් ඒ අමාරු කාර්යය ඉතා ප්‍රවේසමින් කිරීමට නාසා ආයතනය සමත් වුණා. මෙහි ගෞරවය එක විද්‍යාඥයකුට පමණක් ලබා දෙන්න බැහැ. මේ වෙනුවෙන් විද්‍යාඥයන් රැසක් එකතු වුණා. මේ සියලු දෙනාගේම හැකියාව නිසා පාකර්ට සූර්යයාට ළං වීමට හැකියාව ලැබුණා.

 

රුසින් තත්සර
මොරටුව විශ්වවිද්‍යාලය

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department