මෙම දෙසැම්බර් 13 -18 දක්වා දිනවල ශ්‍රී ලංකාවේ 35 වැනි ජාතික මානවක බාලදක්ෂ සමුළුව වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන ආයතනයේදී පැවැත්වූ අතර, එහිදී මානවක බාලදක්ෂයන් දිනාගත් ” බේඩ්න් පවෙල් බාලදක්ෂ ප්රදානය ” පිරිනැමීම සිදු විය. බේඩ්න් පවෙල් බාලදක්ෂ ප්රදානය හෙවත් ” ඕර්ථ ඒඹචපඤ ” යනු කුමක්ද සහ එහි ඉතිහාසය කුමක්ද පිළිබඳ තොරතුරු දැනගනිමු.
බීපී ප්රදානය යනු මානවක බාලදක්ෂයන් වෙනුවෙන් පිරිනැමෙන ඉහළම සම්මානය වේ.
මානවක බාලදක්ෂ අංශය වර්ෂ 1918දී එක්සත් රාජධානියේ ආරම්භ වුවද 1964දී බ්‍රිතාන්‍ය බාලදක්ෂ සංගමය විසින් මානවක අංශය අහෝසි කළ අතර, බීපී ප්රදානය බ්‍රිතාන්‍යයේදී තවදුරටත් ප්රදානය නොකරයි. එමෙන්ම බොහෝ රටවල බාලදක්ෂ සංගම් විසින් තවදුරටත් මානවක බාලදක්ෂ අංශය ක්‍රියාත්මක නොකරන හෙයින් මෙම සම්මානය රටවල් කිහිපයකට පමණක් සීමාවී ඇත .
එහෙත් “බේඩ්න් පවෙල් බාලදක්ෂ සංගමය” වැනි සාම්ප්‍රදායික බාලදක්ෂ සංවිධාන මුල් වැඩසටහන පවත්වාගෙන යමින් බීපී සම්මානය ප්රදානය කරන අතර, ඔස්ට්‍රේලියාව , කැනඩාව , නවසීලන්තය , ද. අප්‍රිකාව, සිංගප්පූරුව , ඉන්දියාව හා ශ්‍රී ලංකාව යන රටවල් තුළ මානවක බාලදක්ෂ සම්මාන ක්‍රමය ක්‍රියාත්මකව පවතී.
බේඩ්න් පවෙල් සාමිවරයා මුලදී මානවක බාලදක්ෂයන් සඳහා වූ ලාංඡනවලට විරුද්ධ වූ අතර, ඔහු කියා සිටියේ ඔවුන් ළමයින් නොව වැඩිහිටියන් බවයි . එසේනම් සැතපුම් 100ක් පා ගමනේ හා තවත් සැතපුම් 400ක් පා පැදියකින් හෝ බෝට්ටුවකින් ගොස් රැම්බ්ලර් ලාංඡනය සඳහා අවශ්‍යතා සම්පූර්ණ වූ පසු මානවකයන් පැලඳීය යුත්තේ කුමක්දැයි ඇසූ විට හෙතෙම කියා සිටියේ බ්‍රැම්බල් නම් කටු ඇඹිල්ල කොටස් ගෙන සිය තොප්පියේ පලඳීන ලෙස ය. යම් කාලයකදී එය සිදුවිණි . සැබැවින්ම බීපී නිවැරැදි විය. වැඩිහිටියන් හට සිය ජයග්‍රහණය පෙන්වීමට ලාංඡන අවශ්‍ය නොවිය යුතු ය. එහෙත් බීපී හමුදා නිලධාරියකු ලෙසින් කටයුතු කිරීමේදී පරීක්ෂණවලින් අවශ්‍ය ප්‍රමිතිය ලබා ගන්නා අයට විශේෂ ලාංඡන ප්රදානය කිරීමෙන් තමාට හොඳ ප්‍රතිඵලයක් ලබා ගත හැකි බව බීපී පැවසීය . එම අවස්ථාවේදී ඔහු නිවැරැදි විය.
මානවක බාලදක්ෂයන් යනු වැඩිහිටියන් බවත් ඔවුන්ට සිය ජයග්රහණයන් වෙනුවෙන් කුසලාන හෝ ශූරතා පලිහ අවශ්‍ය නොවන බවත් බී පී පැවසීය . මෙහිදී සිහිපත් කළ යුතු විශේෂ කරුණක් වන්නේ බීපී, වල් ඌරන් දඩයම වෙනුවෙන් කදීර් කුසලානයේ සාඩම්බර හිමිකරු වුවත් පසුව එය ඔහුට පිළිකුල්සහගත වූ හෙයින් කුසලාන හෝ ශූරතා පලිහ පිළිකුලෙන් බැහැර කළ හෙයින් වර්ෂ 1923 දී බ්රෙයාර් නම් ගොකටු වර්ගයේ ශාකයක කොටසක් සිය උරහිස් පටි ( ඇපයුලට්ස්) මත පලඳීන ලෙසට උපදෙස් දී තිබිණි. පසුව එය රිදී ලාංඡනයකට මඟ පෑදුවේ ය.
1932 සිට 1953 දක්වා නිකුත් කරන ලද බීපී ප්රදානය සඳහා සමාන අවශ්‍යතා තිබූ අතර, 1953 සිට 1964 දක්වා ව්‍යාපෘති ලාංඡනය දකුණු උරහිස් පටි භාවිත කළේ ය. එය ලෙන්යාඩයක ( ඹ්චදරචපඤ ) ස්වරූපය ගත්තේ ය . කෙසේ වෙතත් කාලීනව සිදුවූ වෙනස්කම් මත ආකර්ෂණීය ලෙස නිමවූ බීපී ප්රදානය මානවක බාලදක්ෂ අංශයේ ඉහළම සම්මානය ලෙස ප්රදානය කිරීම සිදු විය.
“තරුණ මානවකයන්ට වඩා අඩු ලාංඡන තිබෙන මුත් වඩා හොඳ සුදුසුකම් ලත් මානවක බාලදක්ෂයා සිය නිල ඇඳුම මඟින් නිරූපණය කරයි”
ධර්මලාල් ගුණවර්ධන
බාලදක්ෂ ආචාර්ය
නාලන්දා විද්‍යාලය
කොළඹ