ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සහය ප්‍රධාන කොමසාරිස් ශ්‍රීලත් ද සිල්වා, සහය මූලස්ථාන කොමසාරිස් වී.ජී. ඉන්දික ප්‍රසන්න මහත්වරුන්ගේ සම්බන්ධීකරණයෙන් ‘‘විද්‍යාර්ථීන් වෙනුවෙන් මානවක කටයුතු ‘‘ යන තේමාව යටතේ මානවක සමාජ ආරම්භ කෙරිණි.
ඒ අනුව රුහුණු , වයඹ, කොතලාවල හා පේරාදෙණිය විශ්වවිද්‍යාල නියෝජනය කරමින් මානවක බාලදක්ෂයන් වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන ජාතික ගුරු අධ්‍යාපන පීඨයේදී පසුගිය 13 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවති 35 වැනි ජාතික මානවක බාලදක්ෂ රෝවරිය-2024 සඳහා සහභාගි වූහ.
වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදිත් කේ. ජයසිංහ, අධ්‍යක්ෂ ආචාර්ය ජානක වික්‍රමසිංහ, සම්බන්ධීකාරක සංජීව ජානකසිරි, රුහුණු විශ්වවිද්‍යාලයේ බලයලත් නිලධාරී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්.එම්. යූ. එස්.කේ. රත්නායක, වෘත්තීය මාර්ගෝපදේශක ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය නිලන්ති අධිකාරම්, කොතලාවල විශ්වවිද්‍යාලයේ උපකුලපති රියද් අද්මිරාල් දම්මික කුමාර, සමූහ නායක කපිතාන් (විශ්‍රාමික) ඉංජිනේරු උදය දම්පගේ, මානවක නායක සමිත් තල්කිරියාව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ඩබ්ලිව්.එම් .ටී. මධුජිත්, අධ්‍යක්ෂ මහාචාර්ය දිලීප් ද සිල්වා, උපදේශක සුමුදු ලංකාතිලක යන මහත්ම මහත්මීන්ගේ මඟපෙන්වීම හා උපදෙස් මත එම විශ්වවිද්‍යාලවල මානවක සමාජ ක්‍රියාත්මක කෙරෙයි.
නුවන් කොඩිකාර