හතරැස් බැම්ම අවස්ථාව හා ප්‍රයෝජන
විශේෂයෙන්ම පාලම් පාදය නිර්මාණය කිරීමේදී වැඩිපුරම භාවිත වන බැම්මකි. පාලම් පාදයේ ගැට නවයෙන් අටක්ම හතරැස් බැම්ම ගසනු ලබයි. හතරැස් බැම්ම ආශ්රයෙන් බාලදක්ෂ කුලුනු නිර්මාණය කිරීමත්, කාලීන උපකරණ නිර්මාණය කිරීමත් කඳවුරකදී අනිවාර්යයෙන්ම සිදු කරන කාර්යයකි.
ඉහළ ගොඩනැඟිලි නිර්මාණය කිරීමේදී පලංචි බැ¼දීමට මෙම වෙළුම භාවිත කිරීම නිසා පලංචි ගැටය නමිනුත් හඳුන්වනු ලබයි.
කුරුස හැඩයට ලී ද½ඩු හමුවෙන ඕනෑම අවස්ථාවක හතරැස් බැම්ම භාවිතයෙන් වඩා ශක්තිමත් බැ¼දීමක් නිර්මාණය කරගැනීමට හැකි ය. කොස්පට්ටා ගැටයෙන් ආරම්භ කර කොස්පට්ටා ගැටයෙන්ම අවසන් කරන මෙය ලී ද½ඩුු දෙකම එකට හසුවන සේ වෙළීමෙන් අනතුරුව වටකර හිර කිරීම මඟින් අමතරව තිරිංගයක් භාවිත කිරීම නිසා ශක්තිමත් බව ඉහළයි.
——————————-
තංගුස් ගැටය
තංගුස් ගැටය හෙවත් මසුන් මරන්නාගේ ගැටය භාවිත කරන්නේ සමාන ඝනකමේ ලණු දෙකක් එකට ගැට ගැසීමටයි. මෙය ධීවරයන් විසින් බහුලව භාවිත කරනු ලබන අතර, කුඩා විෂ්කම්භයකින් යුත් නූල් සහ තංගුස්වලින් මෙම ගැටය යෙදීම ඉතා ඵලදායි වේ. දෙවැනි කඹය වටා පළමු කඹයේ ධාවන කෙළවරේ මාපටැඟිල්ල ගැටයක් බැඳ තබන්න. ඉන් පසුව පළමු කඹය වටා දෙවැනි කඹයේ මාපටැඟිල්ල ගැටයක් බැඳ තබන්න. මාපටැඟිලි ගැට ගැසී ඇති අතර, ස්ථායි කෙළවර ඇදී යන විට ඒවා එකිනෙකට එරෙහිව තද වෙයි. ලිස්සන හා තෙමුණු කඹ සඳහා වඩාත් යෝග්‍ය වේ.