Home » Blog » පුංචි ලේඛකයෝ

පුංචි ලේඛකයෝ

by thanushika
0 comments

උදය සිරි

කන්ද උඩින් හිරු එබී බලනවා
මල් පිපිලා සුවඳ දසත පැතිරී යනවා
කුරුලු රෑන් රෑන් රෑන් පියඹා යනවා
පුංචි අපිත් සතුටු සිතින් පාසල් යනවා

වතුසුදු ගහ සිල් අරගෙන වගේ පෙනෙනවා
ගොවි මහතුන් නියර දිගේ ඇවිදන් යනවා
මී මැසි ගුමු ගුමු ගීතය හොඳින් ඇසෙනවා
ගස් වැල්වල මල් පලතුරු ඉතිරී යනවා

පුංචි පුංචි හා පැටවුන් දඟකර නටනා
දිය කඩිත්තේ මාළු පැටව් පීනා යනවා
පුංචි පුංචි කුරුලු පැටව් කිචි බිචි ගානා
වනන්තරේ උදේ සිරිය ඉතිරී යනවා

D. S. H.  මොවින්දි
7 ශ්‍රේණිය
හ/ශ්‍රී ලංකා සිංගප්පූරු මිත්‍රත්ව බාලිකා විද්‍යාලය,

හොඳ දරුවෙක්

මව් පිය ගුරුවරු සලකන
වැඩිහිටි ඔවදන් විමසන
අලසව වැඩ කල් නොදමන
ඔහු දරුවෙකි සිරි කැන්දන

Obeying parents teachers
Inquiring great elders
Never allow for laziness
Lucky child brings the blessings

J. A. M. T. Semindi
Grade 7

සොඳුරු ළමා කාලය

නැවත අපට ලැබිය නොහැකි දේ
බොහොමය…
එයින් එකකි
සොඳුරු ළමා කාලය…
ළමා කාලය සොඳුරු නමුදු වැටහෙන
විට එය පසුවේය…
අකුරට ගොස් ආ සැණෙකින්
සෙල්ලම්කළ සැටිද සිහිවේය…
එම කාලයට නැවත යා හැකි නම්
එය කෙතරම් සුන්දර ද
එම මතකයන් සිහිවෙයි නැවත
නැවත සිත පාරා ගෙන…

රෂ්මි සෙහන්සා සමරසිංහ
7 ශ්‍රේණිය ඒ

මගේ මව් රට

මාගෙ රට ශ්‍රී ලංකාවයි
ඉන්දිය සයුරේ මුතු ඇටයයි
ඉන්දියාවට දකුණින් පිහිටූ
ලස්සන මගේ මවු ලංකා

ඇළ දොළ, ගංගා දිය ඇලිවලින් ද
සුවඳ හමන නෙක මල්, ඵලවලින් ද
රන් පැහැයෙන් දිදුලන කෙත්වලින් ද
පෝෂිත මගේ මවු ලංකා

දහසක් භික්ෂූන් වැඩ සිටි
මහ වැව් සෑදූ රජුන් සිටි
සතුරන් පැරදූ විරුවන් සිටි
රට මගේ මවු ලංකා

පෙරදිග ධාන්‍යාගාරය වූ
පොළොවේ මාණික්‍ය තැන්පත් වූ
බුදු දහමින් පිදුම් ලැබූ
සුරකිමු අපෙ රට මවු ලංකා

ඩ්. ඒ. නිතිනි සඳසරණි
6 ශ්‍රේණිය

මගේ රට

මගේ රට ශ්‍රී ලංකාවයි. එය ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හඳුන්වයි. මගේ රටේ ජාතික වෘක්ෂය නා ගස ය. ජාතික පක්ෂියා වළිකුකුළා ය. ජාතික සත්ත්වයා දඬු ලේනා ය. ජාතික පුෂ්පය මහනෙල් මල ය. ජාතික ක්‍රීඩාව අත්පන්දු ය. ජාතික මාණික්‍යය නිල් මැණිකයි. මාගේ රටේ දිගම ගඟ මහවැලි ගඟ ය. උසම කන්ද පිදුරුතලාගලයි. මගේ රටේ සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් යන ජාතිකයෝ ජීවත් වෙති. මගේ රටට මම ආදරෙයි.

චතූප දිනෙත් වික්‍රමආරච්චි
5 ශ්‍රේණිය
කෑ/ දෙහි/ තුම්බාගේ ප්‍රාථමික විද්‍යාලය
බුලත්කොහුපිටිය

තනිකම රජයයි අපේ පන්තියේ

පන්තියෙ ළමයි මම කොන් කළ විට
හැඬුවෙමි තනියම ගේ මුල්ලක සිට
ඒ ගැන සිතනා විට තනියම මම
කඳුළක් වැටුණේය ඇසකින් නොදැනි මට

තනිකම හැරයන්ට පොත් කියවන නිතර
පාළුව පිටු අතර ගුළිකර දමමි මම
මිතුරෙක් නැති ලොව මොන සුන්දර ද
තනිකම රජයයි මගේ හිස් මුදුනේම

සැමදා උදයෙ පාසල වෙත පිය නඟන මම
පන්තියේ උසුළු විසුළු ඉවසා සිටිමි සැම
තනියම ඇඬුවෙමි රෑ දෙවොලක් නැතිව
ඇයි මම දිළිඳු වූයේ යැයි සිතෙයි මට

දිළිඳකු වී ඉපදුණු මම පෙර පවට
මිය යා යුතු නැත දිළිඳකු ලෙසට
හොඳ හැටි ඉගෙනුම ලබා මම
රකිනෙමි අම්මා මගේ රැජන ලෙසින

තනිකම සමඟ දිවිගෙවනා සියල්ලම
පසු තැවි තැවී නොසිටා එක මොහොතකට
දැන් සිට වැඩ අරඹලා සිත දිරිය ගෙන
ජය ගමි මමත් මාගේ දිවි ඉදිරි දින

මලීෂා සතරසිංහ
9 ශ්‍රේණිය
ශ්‍රී සුමංගල ජාතික පාසල
වාරියපොළ

අම්මා

දසමසක් කුස දරා
මා හැදූ අම්මා
ලේ කිරිකර පොවා
මා දැඩි කළ අම්මා
මහමෙරක් දුක් සිත දැරූ
අම්මා
මට කඳුළක් නොදුන්
අම්මා
අහසේ තරු අතර දිලිසෙන එකම
තරුවත් ඔබමයි අම්මා
දිව රෑ නොබලා මා වෙනුවෙන්
වෙහෙසූ අම්මා
මගේ වටිනාම චරිතය
ඔබයි මගේ අම්මා
නිතරම හොඳ දේ දුන්නත්
මගේ අම්මේ
ඔබ නිවන් දකිත්වා මගේ අම්මේ

ඩියෙන්කා හංසනදී
7 ශ්‍රේණිය
සිංගප්පූරු බාලිකා විදුහල
හම්බන්තොට

ලොව මවිත කළ අපේ පැරැණි වාරි තාක්ෂණය

ලෝකයේ සියලු ජීවීන්ගේ ජීවිත රඳා පවතින්නේ ජලය මත ය. එම නිසා ජලය, මිනිසා ඇතුළු සියලු සතුන් හා ගහකොළවල පැවැත්මට අත්‍යවශ්‍යම සාධකයක් වේ. මිනිසා විසින් ජලය, තමන්ගේ ප්‍රයෝජනය සඳහා ළඟා කරගැනීමට ගත් විවිධ වූ ආයාසවල ප්‍රතිඵලය වූයේ වාරි කර්මාන්තය බිහි වීමයි. අතීතයේ ශ්‍රී ලංකාවේ ඉදිවූ වැව් අමුණු, ඇළ වේලි, ගංගා අතීත මුතුන් මිත්තන්ගේ පැවැති තාක්ෂණික නිපුණතාව වර්තමාන ලෝකයේ වාරි ඉංජිනේරුවන් පුදුමයට හා කුතුහලයට පත් කරවන බව කිව යුතුමයි.

වාරි කර්මාන්තයක් කිරීමට පෙර පරිසරයේ සමතුලිත බව රැකෙන පරිදි බිම් තෝරා ගත් ආකාරය, සමොච්ඡේදකරණය සඳහා යොදාගත් ශිල්ප ක්‍රම ආදී මේ සියල්ලම දක්නට ලැබෙනුයේ නූතන ඉංජිනේරු ශිල්පීය දැනුම ඉක්මවා ගිය ආකාරයට ය. මහසෙන් රජතුමා විසින් කරවන ලද උස අඩි 44ක් හා දිග සැතපුම් එකයි හතරෙන් එකක් වැව් බැම්මක් සහිත අක්කර 4670ක් තරම් විශාල වූ මින්නේරි වැව අපේ සිංහල වාරි තාක්ෂණයේ තවත් උසස් නිර්මාණයක් ලෙස පෙන්වා දිය හැකි ය. ජනතාවගේ අවශ්‍යතා පිරිමසාලීම සඳහා පරිසරයේ සමතුලිතාව මඳක්වත් පළුදු නොවන අයුරින් මෙහි බැම්මේ අත්තිවාරම පටන් ගෙන ඇත්තේ ස්වාභාවික නිර්මාණ, පාෂාණ විහිදුමක් මත ය. මේ ඉංජිනේරු තාක්ෂණය කෙතරම් දුරදර්ශී ද කිවහොත් වසර දහස් ගණනක් ගියත් මෙහි වැව් බැම්මට කිසිදු හානියක් වන්නේ නැත.
එම තාක්ෂණික ශිල්පය කෙතරම් දියුණු වී තිබේ ද යන්න පැරැණි ඉංජිනේරුවන් කළ නිර්මාණ හා නූතන ඉංජිනේරුවන්ගේ දියුණු තාක්ෂණික මෙවලම් උපයෝගි කරගෙන කරන නිර්මාණ අතර පරස්පර වන්නේ අඩියක් හෝ අඩි කිහිපයක් බව ඉතිහාසඥයන් පවසන්නේ කැණීම් කරන විට හමුවූ පැරැණි වාරි නටබුන්වලින් හමුවූ තොරතුරු මතය. එම නිසා මුළු ලොවම මවිත කළ දියුණු වාරි තාක්ෂණයක් සහිත අපේ පැරැණි වැව් අමුණු, ඇළ වේලි, ගංගා, අනාගත පරපුරට දායාද කිරීම සඳහා ආරක්ෂා කරගැනීම අප කාගේත් යුතුකමක් වන බව කිව යුතු ය.

නතාරි යසායුරි පනාගොඩ
8 ශ්‍රේණිය
ධර්මසේන ආටිගල බාලික විද්‍යාලය
කැස්බෑව

අපේ ලෝකය

දිරිය දිනය
දිවි මං සදන යස
නැණ රැසින් අභිමන් දරන

සුදුවතින්
සැරසුණු දෙවොල
නිති පැසසුමින්
බුහුමන් ලබන

කුමර කුමරියො
නැණ සොයා
යහගුණ මතින්
ඔබ වෙත එන

වයි. බිනාදි මුතුනිමා
7 ශ්‍රේණිය
හම්බන්තොට සිංගප්පූරු බාලිකා විදුහල


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department