සමස්ත ලංකා පාසල් ජ්‍යෙෂ්ඨ කරාතේ ශූරතා තරගාවලියේ වයස අවුරුදු 16-17 කළු පටි කුමිතේ ඉසව්වේ රන් පදක්කම හෙනරත්ගොඩ විද්‍යාලයේ ශෙනුශිට
සමස්ත ලංකා ජ්‍යෙෂ්ඨ පාසල් කරාතේ ශූරතා තරගාවලිය පසුගිය 17 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාගාරයේදී පැවැත්විණි.
එහිදී ගම්පහ හෙනරත්ගොඩ කැප්පෙටිපොළ මහා විද්‍යාලයේ ශෙනුශි තමාෂා ක්‍රීඩිකාව වයස අවුරුදු 16-17 කළු පටි කුමිතේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගෙන ඇත.
ඇය දෙසැම්බර් 05 වැනි දින සුගතදාස ක්රීඩාගාරයේදී පැවති කරාතේ දෝ සම්මේලනය මඟින් පවත්වන ලද ජාතික කරාතේ තරගාවලියෙන් ද කුමිතේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් සහ කණ්ඩායම් කාතා ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ඇත.
ගම්පහ දිස්ත්‍රික් විශේෂ – සිසිල ගුණතිලක
ක්‍රීඩාවෙන් දස්කම් පෑ ගිනිගත්හේන මැදි විදුහලේ හපනුන්
ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ 13න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන එහි නායක සගීත් සත්නුර ලියනාරච්චි සිසුවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ 13න් පහළ 2023/ 2024 වසරේ හොඳම පන්දු යවන්නා වශයෙන් සම්මානයට පාත්‍ර විය. ඒ, පසුගියදා හැටන් ලා ඇඩම්ස් හෝටලයේදී පැවති වර්ණ ප්රදානෝත්සවයේදී ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය එක්ව මෙය සංවිධානය කරන ලදි. ඔහුගේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ අනුරාධ ශ්‍යාමල් මහතා ය.
එමෙන්ම පසුගිය දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී පැවති ශ්‍රී ලංකා ජාතික කරාතේ ශුරතාවලියේදී වයස 18න් පහළ කාන්තා ” කුමිතේ ” තරග ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේම හෙසලි බිමන්‍යා සිසුවිය සමත් වූවාය. එම තරගාවලිය ශ්‍රී ලංකා ෂෝතෝකාන් කරාතේ දෝ සංගමය විසින් සංවිධානය කරන ලදි . එහිදී ඇය දකුණු ආසියානු කරාතේ තරගාවලියට අදාළ වන තේරිම් තරග සඳහා ද සුදුසුකම් ලැබුවාය. කේ. එම්. මුතුබණ්ඩා හා මුතු ක්‍රිෂ්ණන් යන මහත්වරු ඇයගේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරති.
ප්‍රියන්ත ජිනදාස – ගිනිගත්හේන
මහරගම හයිලන්ඩ්ස් විද්‍යාලයේ විවිධ ප්‍රසංගය
මහරගම හයිලන්ඩ්ස් විද්‍යාලයේ Rhythm of Highlanders 2024 විවිධ ප්‍රසංගය මෙවරත් පාසලේ දරුවන් 750ක පමණ සහභාගිත්වයෙන් යුතුව ගරු විනිසුරු රංගජීව විමලසේන, සභාපති නාඌරූ අභියාචනාධිකරණය, නාඌරූ ශ්‍රේෂ්ඨාධිකරණය, මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගරු සුනිල් වටගල, හිමාලිකා රණවීර මහත්මිය (භාෂා, සංස්කෘතික අධ්‍යයන හා රංග කලා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) , ජ්‍යෙෂ්ඨ නර්තන උපදේශක සහ නර්තන ශිල්පිනී නේමාලි බුදවත්ත මහත්මිය යන ආරාධිත අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස නෙළුම් පොකුණ ප්‍රාසාංගික රංග ශාලාවේදී දෙසැම්බර් 6 වැනි දින පාසල් කළමනාකාරිත්වය, විදුහල්පතිනිය, ආචාර්ය මණ්ඩලය ඇතුළු විශාල මව්පිය පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි.
ඡායාරූප – නිශ්ශංක විජේරත්න
සසින්ද්‍රි ෂෙනායාට චිත්‍ර තරග රැසකින් ජය
පසුගිය දින කිහිපය පුරා ,දිවයින පුරා පවත්වන ලද ” සිතුවිලි සිත්තම් ‘” ළමා චිත්‍ර තරගවලදී උසස් ලෙස ජයග්‍රහණ ලබාගෙන තිබූ පාසල් දරු දැරියන් දිස්ත්‍රික් මට්ටමෙන් ඇගයීම්වලට ලක් කරන ලදි. කළුතර දිස්ත්‍රික්කයට අයත් හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නියෝජනය කරමින් කනිෂ්ඨ අංශයෙන් චිත්‍ර ඇඳීමේ තරගාවලියට එක් වූ වයි. සසින්ද්‍රි ෂෙනායා පුංචි දැරියට මුළු දිස්ත්රික්කයෙන්ම ප්‍රථම ස්ථානය හිමි විය. එම චිත්‍ර තරගාවලියට සමගාමීව කළුතර දිස්ත්‍රික්කයේ සංස්කෘතික අංශය මඟින් පසුගිය දින සංවිධානය කොට කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලද 2024 කළුතර දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවයේදී මෙම දැරියට කළුතර මහ දිසාපති ජනක කේ. ගුණවර්ධන මහතා අතින් විශේෂ සම්මානයක් පිරිනැමිණි. එම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් අතිරේක ලේකම් ශානික ත්‍රිමාන්න , කළුතර අධ්‍යාපන කලාපයේ චිත්‍ර කලාව පිළිබඳ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙක් ද කළුතර දිස්ත්‍රික්කයේ කලාකරුවන් රැසක් ද සෞන්දර්ය විෂයභාර ගුරුභවතුන් ද මව්පියන්ද ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. ඊට පෙර ජාතික ළමාරක්ෂණ අධිකාරිය මඟින් පවත්වන ලද , ලෝක ළමා දින ජාතික උත්සවය සහ ත්‍යාග හා සහතික පත්‍ර ප්රදානෝත්සවය ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුහුරුපායේදී පසුගිය මස පැවති අතර , එහිදී ද වයි. සසින්ද්‍රි ෂෙනායා දැරියට කනිෂ්ඨ අංශයේ මුළු දිවයිනෙන්ම ප්‍රථම ස්ථානයට හිමි රාජ්‍ය සම්මානයක් ප්රදානය කෙරිණි. ශ්රීමාලී භාග්‍යා ජයසිංහ හා ඉෂාර ප්‍රසාද් අටලුගම යන ගුරු මහත්ම මහත්මීන් යටතේ සසින්ද්‍රි ෂෙනායා පුංචි සිත්තරාවිය කලා කටයුතු ප්රගුණකර ඇත.
කළුතර මධ්‍යම විශේෂ – එච්.එල්. සුනිල් ශාන්ත.
පළාත් පරිසර නියමු කඳවුර
මධ්‍යම පරිසර අධිකාරිය දකුණු පළාත් පරිසර අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පළාත් පරිසර නියමු කඳවුර දෙසැම්බර් 13, 14 සහ 15 තෙදින නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ පරිශ්‍රයේදී පැවැත්විණි. මෙවර මෙම නේවාසික කඳවුර පවත්වනු ලැබූයේ දස වැනි වතාවට වන අතර, පරිසර නියමු දරුවන්ගේ දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් පාසල් පරිසරයෙන් පරිබාහිරව අකුරැස්ස, විල්පිට රක්ෂිතය කේන්ද්‍ර කරගනිමින් මෙය සංවිධානයකර තිබිණි.
එහි සමාරම්භක අවස්ථාවට දකුණු පළාත් ප්‍රධාන ලේකම් නීතිඥ සුමිත් අලහකෝන් මහතා සහභාගි වූ අතර, දකුණු පළාතේ පරිසර නියමු දරු දැරියන් 165 දෙනකු සඳහා ස්වර්ණ වර්ණ පදක්කම් පැලඳවීම ද සිදුවිය. එයට අමතරව විද්‍යා පීඨ පරිශ්‍රයේ පැළ රෝපණයක් ද සිදු කරන ලද අතර, එම අවස්ථාවට දකුණු පළාත් පරිසර අමාත්‍යාංශයේ ලේකම් යූ.ජී. විදුර කාරියවසම් මහතා, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (පරිසර අධ්‍යාපන හා දැනුම්වත් කිරීම් ) එම් . සිව කුමාර් මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ දකුණු පළාත් වැඩ බලන අධ්යක්ෂ දිස්නා ගජධීර මහත්මිය, නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පීඨාධිපතිනි වී.පී.ආර්. ගුණවර්ධන මහත්මිය සහ පරිසර අමාත්‍යාංශයේ, මධ්‍යම පරිසර අධිකාරියේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ පරිසර නියමු දරු දැරියන්ගේ මව්පියෝ රැසක් සහභාගි වූහ.
කරාපිටිය සමූහ – එස්. ලොකුකරවිට
පානදුර, කන්‍යාරාමයේ නත්තල් කැරොල් ගායනා වැඩසටහන
පානදුර, යහපත් එෙ½ඩ්රා කන්‍යාරාමයේ වාර්ෂිකව සංවිධානය කරන නත්තල් කැරොල් ගායනා වැඩසටහන මෙවර කළුතර, දෙව්සත්හලේ අදියුරු ආචාර්ය ගරු සිසිල් ජෝයි පියතුමාගේ ප්‍රධානත්වයෙන් පාසලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.
පියතුමාගේ ඇගැයීමට ලක්වූ කැරොල් ගායනා අවස්ථාවට පානදුර කන්‍යාරාමයේ ප්‍රධාන මව්තුමිය ගරු මේරි රේණුකා ද සිල්වා, විදුහල්පතිනි ගරු මේරි බියට්‍රිස් සමරකෝන්, ප්‍රාථමික අංශභාර ගරු මේරි සිතුමිණී ප්‍රනාන්දු ඇතුළු පැවිදි සොයුරියන් සමඟින් ගරු පියතුමන්ලා එක් වූහ. පාසලේ පෙරදිග හා අපරදිග ගායනා කණ්ඩායම එක්ව විවිධ භාෂාවලින් කැරොල් ගායනා ඉදිරිපත් කළ අතර, ආචාර්ය මණ්ඩලය, පාසලේ දරුවන් හා මව්පියෝ ද සහභාගි වූහ.
චින්තක ද මැල්