භාවිතය -ඈත්ව පිහිටි ලී දෙකක් තදකර බැඳ තබා ගැනීමට හෝ සිට වූ ලී දඬුවක හරස් ලීයක් ශක්තිමත්ව රඳවා තබා ගැනීමට මෙම ගැටය එක් අතක් වුවද භාවිතකර ක්ෂණිකව යෙදිය හැකි පහසු ගැටයකි. ලණුවක ක්‍රියාකාරී අන්තය තම අත ඇති අවස්ථාවක ක්ෂණිකව හා පහසුවෙන් යෙදිය හැකි ය.
ප්‍රයෝජන – කතුරු බැම්ම යොදන හරස් ඉළ ලී අතර ඇති දුරස් බව ළංකර තැබීමට මෙම ගැටය යොදනු ලැබේ. අදින විට හොඳින් තදවන මෙම ගැටය ඇදීමේදී තදවීම සිදු වේ. විශාල දැව කඳක් ඇදගෙන යෑමට, පොල් ගස් ඇද බැඳ තැබීමට හා ගෝණි මලු ඉහළට එසවීමේදී මෙවැනි ගැට වඩා ප්‍රයෝජනවත් වේ.
තංඩල් ගැටය තොණ්ඩුවක් යෙදිය යුතු අවස්ථාවලදී ප්‍රයෝජනවත් ගැටයකි. එහෙත් එම තොණ්ඩුව යමකට තද විය යුතුයි. නැතහොත් තොණ්ඩුව ලිස්සා ගොස් ලිහී යෑමට ඉඩ ඇත. කිහිපදෙනකු එකතුව බරක් ඇදීමට යන විට මෙම ගැටය භාවිත වේ. සාමාන්‍යයෙන් කඹයේ එක් කෙළවරක් බරකට බැඳ ඇති අතර, එක් අදින්නකුට එක් පුද්ගල පටි ගැටයක් ලෙස කඹය දිගේ ගැට ගසනු ලැබේ. එක් එක් තොණ්ඩුව පසුව වෙනත් පුද්ගලයකු විසින් ඇද දමනු ලැබේ. එය කඳු නඟින්නන් අයිස් මත ගමන් කරන්නන් අතරේ ජනප්‍රියයි. මීට අමතරව ගසක් උඩ අට්ටාලයකට වැල් ඉනිමඟක් සාදා ගැනීමට භාවිත කළ හැකි ය. අතීතයේ ගොනුන් බැඳි කරත්ත එක දිගට ඈඳා ගැනීමට (තංඩලේ) මෙය භාවිතකර ඇත. බොහෝ විට ඒ අනුසාරයෙන් ගැටයට මෙම සිංහල නම ආදේශකර ඇතැයි මතයක් පවතී.