බෝසත් සිඟිති පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය
බුත්තල උඩගම රජමහා විහාරස්ථ බෝසත් සිඟිති පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය පසුගියදා අතිඋත්කර්ෂවත් ලෙස පෙර පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
විහාරාධිපති බුත්තල ධම්මාරාම ස්වාමීන්වහන්සේගේ මඟපෙන්වීම මත පවත්වාගෙන යන මෙම පෙර පාසල ප්‍රදේශයේ ප්‍රධානතම පෙර පාසලකි.
මෙම අවස්ථාවට බුත්තල ඓතිහාසික යුදඟනාව රජමහා විහාරාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන නායක ස්වාමීන්වහන්සේ ද සහභාගි වූහ.
ඩී.එස්. ගුණතිලක -ඌව වෙල්ලස්ස විශේෂ
බුත්තල කිඩ්ස් වර්ල්ඩ් පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය
බුත්තල කිඩ්ස් වර්ල්ඩ් පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය පසුගියදා පෙර පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහිදී දරු දැරියෝ ගීත, නැටුම් ඇතුළු විවිධ අංගයන් ඉදිරිපත් කළහ.
දරු දැරියන්ට ත්‍යාග පිරිනැමීම ඓතිහාසික බුත්තල යුදඟනාව රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන නායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. මෙම අවස්ථාවට බුත්තල ප්‍රාදේශීය ලේකම් ආර්. එම්.ආර්.එස්. තිලකරත්න මහතා සහ පරිපාලන නිලධාරිනී රාජිකා දීශානී මෙණෙවිය ද සහභාගි වූහ.
ඩී. එස්. ගුණතිලක – ඌව වෙල්ලස්ස විශේෂ
ආසියා පැසිෆික් කරාතේ තරගාවලියේදී බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ ආදිත්‍යගෙන් සහ බිබිල යශෝධරාවේ උත්තරාගෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් දෙකක්
සිංගප්පූරුවේ රාජ්‍ය සේවා ක්‍රීඩා සමාජ ශාලාවේදී 2024 නොවැම්බර් 27 වැනිදා සිට දෙසැම්බර් 02 වැනි දින දක්වා පැවති 16 වැනි ආසියා පැසිෆික් “ෂිතෝරියු” කරාතේ ශූරතා කරාතේ තරගාවලියේදී ලෝකඩ පදක්කම් දෙකක් හිමිකරගැනීමට බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ ආදිත්‍ය මනුඛ හේරත් සිසුවා සහ බිබිල යශෝධරා බාලිකා විද්‍යාලයේ එච්.එම්. උත්තරා බණ්ඩාර ශිෂ්‍යාව සමත් වී ඇත.
මෙහි විශේෂත්වය වන්නේ පදක්කම් දෙකම බිබිල ප්‍රදේශයට හිමිවීමයි.
ඔවුන් සමඟ ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පනස් දෙදෙනකු විවිධ තරග ඉසව් සඳහා මෙම තරගාවලියට ඉදිරිපත් වූ අතර, එම පනස් දෙදෙනාගෙන් පදක්කම් හිමිකරගැනීමට සමත් වී ඇත්තේ මෙම දෙදෙනා ය.
ජපානය, චීනය, නවසීලන්තය, පිලිපීනය, කසකස්ථානය, ඔස්ට්‍රේලියාව වැනි රටවල් විසිනවයක් මෙයට සහභාගි විය.
අවුරුදු පහළොවෙන් පහළ කිලෝ ග්‍රෑම් 52 බර පන්තියේ තරගයෙන් රටවල් විසිනවයක් අතරින් මෙම දෙදෙනා තුන්වැනි ස්ථානය හිමිකරගෙන ලෝකඩ පදක්කම් ජයග්රහණයකර තිබේ.
වෙල්ලස්ස ජාතික පාසලේ විදුහල්පති ඒ.එච්. ටිකිරි බණ්ඩාර මහතාගේ සහ බිබිල යශෝධරා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි එස්.එම්. හිමාලි සමන් කුමාරි මහත්මියගේ මඟපෙන්වීම යටතේ බිබිල අධ්‍යාපන කලාපයේ ශාරීරික අධ්‍යාපන සහ ක්රීඩාගුරු උපදේශක සමන්ත විජේසිංහ මහතා සහ පාසලේ ක්‍රීඩා භාර ආචාර්ය එන්.එම්.ආර්.එච්. මනතුංග මහත්මිය කණ්ඩායම පුහුණුකර ඇත.
ඩී. එස්. ගුණතිලක -ඌව වෙල්ලස්ස විශේෂ
රන්දරු පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය
බුත්තල යුදඟනාව රන්දරු පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය පසු ගියදා පෙර පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම විවිධ ප්‍රසංගය දරු දැරියන්ගේ නැටුම්, ගීත ඇතුළු විචිත්‍රාංගවලින් හැඩ ගැන්විණි.
දරු දැරියන්ට ත්‍යාග ප්රදානය කිරීම බුත්තල ඓතිහාසික යුදඟනාව රජමහා විහාරාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන නායක ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
ඩී.එස්. ගුණතිලක – ඌව වෙල්ලස්ස විශේෂ
බුත්තල පාසල් පුස්තකාලවලට කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයෙන් පොත්පත්
CSR වැඩසටහන යටතේ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ සංගමයෙන්, EDEX ආයතනයේ අනුග්‍රහය ඇතිව බුත්තල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 26ක පුස්තකාල සඳහා පොත්පත් ප්රදානය කිරීම පසු ගියදා බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.
මීට සමගාමීව පාසල් දරුවන් සඳහා විවිධ පැළ වර්ග බෙදා දෙන ලදි.
මෙම අවස්ථාවට බුත්තල ප්‍රාදේශීය ලේකම් ආර්.එම්. ආර්. එස්. තිලකරත්න මහතා සහ පරිපාලන නිලධාරිනී රාජිකා දීශානි මෙණෙවිය ද සහභාගි වූහ.
ඩී.එස්. ගුණතිලක – ඌව වෙල්ලස්ස විශේෂ
අවුකන ‘සොබා උයන’ පසුගියදා දරුවන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ
ගල්නෑව ප්‍රාදේශීය සභාවට අයත් අවුකන ‘සොබා උද්‍යානය’ යුරෝපා සංගමයේ සහ ලෝක බැංකුවේ ආධාර ඇතිව රුපියල් මිලියන විසි හතක වියදමින් සංවර්ධනය කෙරිණි. විවේකයෙන් සහ විනෝදයෙන් සිටින නිරෝගීමත් ජනතාවට අවශ්‍ය පසුබිම සැකසීම මෙහි අරමුණ විය. මෙම උද්‍යානය තුළ ආපනශාලාවක්, ඇවිදින මංතීරු , වැසිකිළි පහසුකම්, දරුවන්ගේ විනෝදයට අවශ්‍ය උපකරණ පිහිටා ඇත.
කේ. එස්. කරුණාරත්න – මරදන්කඩවල සමූහ