Home » Blog » ජාතික බාලදක්ෂ සම්මාන උලෙළ – 2024 බාලදක්ෂ නායක නායිකාවන් රැසකට සම්මාන

ජාතික බාලදක්ෂ සම්මාන උලෙළ – 2024 බාලදක්ෂ නායක නායිකාවන් රැසකට සම්මාන

by thanushika
0 comments

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධාන කළ ” ජාතික බාලදක්ෂ සම්මාන උලෙළ – 2024 ” අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මැතිනියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පසුගිය දා පැවැත්විණි.

ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වසර 05කට වඩා විශිෂ්ට සේවාවක් ඉටුකළ ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම වැඩිහිටි බාලදක්ෂ නායක නායිකාවන් 574 දෙනකු මෙහිදී සම්මානයට පාත්‍ර වූ අතර, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ පවතින මිත්‍රත්වය වැඩිදියුණු කරගැනීම සඳහා එම රටවල බාලදක්ෂ කොමසාරිස්වරුන් වෙත ද මෙම අවස්ථාවෙදී “INTERNATIONAL FRIENDSHIP AWARD” 11ක් ප්‍රදානය කිරීමට කටයුතු කෙරිණි.

බාලදක්ෂ ව්‍යාපාරයට සහය ලබාදෙන ත්‍රිවිධ හමුදාවට හා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන 09ක් සදහා ස්තූති ඵලක පිරිනැමීමත් ඉහළම සම්මානය වන ‘Silver Lion ‘ සම්මානය බාලදක්ෂ ව්‍යාපාරයේ නියුතු අට දෙනකු වෙනුවෙන් පිරිනැමීමත් මෙම උත්සවයේදී සිදු විය.

අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු, නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්. එෆ්. එස්. මුහීඩ් මහත්වරුන් ඇතුළු දේශීය විදේශීය ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නුවන් කොඩිකාර

ඡායාරූප – රුක්මල් ගමගේ

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department