Home » Blog »  බාලදක්ෂ විරුවෝ

 බාලදක්ෂ විරුවෝ

by thanushika
0 comments

බාලදක්ෂ පාඩම් මාලාව – 87

අවස්ථාව සහ ප්‍රයෝජන- එකිනෙකට වෙනස් වූ ප්‍රමාණයෙන් හා විෂ්කම්භයන්ගෙන් යුතු ලිස්සන සුලු ලණු හෝ කඹ දෙකක් එකිනෙකට යාකර බැඳ ගැනීම සඳහා. මෙහිදී ප්‍රමාණයෙන් විශාල ලණුව පුඩුව සෑදීම සඳහා යොදනු ලබයි. මෙම ගැටය බහුලව නාවිකයන් විසින් ප්‍රයෝජනයට ගනු ලබන අතර, අතීතයේදී දැල් රෙදි විවීමේදී හා ධීවර කර්මාන්තයේදී දැල් ආම්පන්න සැකසීම සඳහාත් රුවල් බැ¼දීම සඳහාත් යොදා ගනු ලැබිණි. වර්තමානයේදී බාලදක්ෂයන් කොඩි ගසෙහි ධජ පුඩුව සම්බන්ධ කරන ස්ථානයට යොදන ගැටය ලෙස වඩාත් ජනප්‍රිය ගැටය ලෙස රුවල් ගැටය සලකයි.

අවස්ථාව සහ ප්‍රයෝජන – පැණිමුල් ගැටය, කොස්පොත්තා ගැටය යන නම්වලින් ද හඳුන්වයි. කඹයක් තදින් ලීයකට බැඳ ගැනීමට හෝ සිටවූ ලී දඬුවක ශක්තිමත්ව රඳවා ගැනීමට ක්ෂණිකව යෙදිය හැකි පහසුම ආකාරයේ ගැටයකි මෙම ගැටය . ලණුවක් ශක්තිමත්ව යම් ස්ථානයකට බැඳ රඳවා ගැනීමට අවශ්‍ය වූ විට හතරැස් බැම්ම, කතුරු බැම්ම, රවුම් බැම්ම ආදී බැමිවල ආරම්භක අවස්ථාවේදී හා අවසන් කිරීමේදී ද මෙම ගැටය යොදනු ලැබේ. දෙපසට අදින විට හොඳීන් තදවන මෙම ගැටය එක් පසෙකින් පමණක් ඇදීමේදී ගැටය බුරුල්වීම සිදු වේ. ගැට පිළිබඳ අවබෝධයක් නොමැතිව මෙවැනි ගැට යෙදීමෙන් අවශ්‍ය ප්‍රයෝජන ලබාගත නොහැකි වේ. නාවික බෝට්ටුවක් තොටුපළට ඇද තාවකාලිකව තදකර තබා ගැනීමට ද මෙමඟින් හැකි ය. දෙපසට ඇදී පවතින තාක් ගැටයෙහි කාර්යක්ෂමතාව පවතින අතර, එක් පසෙකින් ගැටය ගිලිහී යෑම සිදුවේ.

මොනරාගල කීර්ති කුමාරපුර විද්‍යාලයේ බාලදක්ෂයන්ට නව ඒකකයක්

මොනරාගල කීර්ති කුමාරපුර විද්‍යාලයේ බාලදක්ෂ බාලක බාලිකාවන්හට සාමාජික පදක්කම් පැලඳවීම සහ නව බාලදක්ෂ ඒකකය සිසු අයිතියට පත් කිරීම එම විද්‍යාලයේදී පසුගියදා සිදුකෙරිණි.

තණමල්විල සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ රනිල් ජයලත් ලසන්ත, මොනරාගල දිසා කොමසාරිස් එල්. එම්. ඩබ්ලිව්. මල්කාන්ති, ගුරු උපදේශක මහින්ද, සහය දිසා කොමසාරිස් සොමෙෂ්ක චතුරංග, බාලදක්ෂ ආචාර්යවරියන් වන අනුෂිකා සඳමාලි , නිරෝෂා, ලතිකා මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

විද්‍යාලයේ විදුහල්පති ශාන්ත බණ්ඩාර මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, මව්පියන්, ආදි ශිෂ්‍යයන් සහ බාලදක්ෂ කණ්ඩායමේ දරුවන්ගේ පූර්ණ සහයෝගයෙන් විද්‍යාලයේ බාලදක්ෂ ආචාර්ය සඳරු වාසනා මහත්මියගේ මූලිකත්වයෙන් මෙය සංවිධානය කෙරිණි.

බාලදක්ෂ බාලක බාලිකාවන්ට පදක්කම් පැලඳවීම

හම්බන්තොට කහවත්ත ප්‍රාථමික විද්‍යාලයේ පෝතක බාලදක්ෂ බාලක බාලිකාවන් 47 දෙනකුහට සාමාජික පදක්කම් පැලඳවීම විද්‍යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි. පෝතක ආචාරිනී නයනා විදානපතිරණ, කාංචනා ආරියවංශ මහත්මීන්ගේ මැදිහත්විමෙන් විදුහල්පති සන්ධ්‍යා හේමමාලි, නියෝජ්‍ය විදුහල්පති වසන්ති කුමාරි මහත්මීන්ගේ පූර්ණ මගපෙන්විම මත මෙය සංවිධානයකර තිබිණි.

කෑගල්ල පෝතක රන්දහර සාර්ථකව අවසන් වේ

කෑගල්ල දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය සංවිධානය කළ පෝතක රන්දහර වැඩසටහන ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ මූලස්ථාන කොමසාරිස් සංජය පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල, මාවනැල්ල, මොලගොඩ ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්විණි. දිසා කොමසාරිස් ප්‍රසාද් වල්පොල මහතාගේ උපදෙස් මත සහය දිසා කොමසාරිස් (පෝතක) චාමින්ද සෙනෙවිරත්න මහතා විසින් මෙම‍ වැඩසටහන සංවිධානය කරන ලදි.

කොළඹ මහානාම විද්‍යාලයේ බාලදක්ෂයන්ට සාමාජික පදක්කම් පැලඳ වේ

කොළඹ, මහානාම විද්‍යාලයීය 59 වැනි බාලදක්ෂ පදක්කම් පැලඳ වීම පසුගියදා සිදුවිය එහිදි බාලදක්ෂකයන් 20 දෙනකුහට සාමාජික පදක්කම් පැලඳවීම එම විද්‍යාලයීය පරිශ්‍රයේදී සිදු කෙරිණි.

බාලදක්ෂ ආචාර්යවරුන් වන රංජිත් සේනාරත්න, ජානක රත්නායක, දමිතාංග විතානගේ, උපුල් සම්පත් යන මහත්වරු මෙම උත්සවය සංවිධානය කළහ. බාලදක්ෂ කණ්ඩායම් නායක ලෙස සේජාන් සිරිවර්ධන, සහකාර බාලදක්ෂ නායකයන් ලෙස සවිනු ෆොන්සේකා, සවිරු පිටිපනආරච්චි යන බාලදක්ෂයන් පත්කරන ලදි.

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department