Home » Blog » පුංචි ලේඛකයෝ

පුංචි ලේඛකයෝ

by thanushika
0 comments

කන්ද උඩින් හිරු ඇවිදින්

කන්ද උඩින් පායා ඇවිත්
ගහ කොළ සැම පුබුදුවමින්
මුළු ලොවටම එළිය අරන්
හිරු එනවා හෙමින් හෙමින්

පාට පාට මල් පිපෙමින්
සැම තැන අඳුරත් බිඳීමින්
නව දවසක් අරඹවමින්
හිරු එනවා කන්ද උඩින්

අයි. ජී. උපේක්ෂා ලක්ෂාණි කුමාරි
10 ශ්‍රේණිය
මා/ රත්/ දික්කුඹුර විද්‍යාලය
දික්කුඹුර

මගේ අම්මා

ජීවිතයේ අමාරු තැන්වල
නැඟිටින්න මට අත දුන් ශක්තිය
සෙවණැල්ලක් සේ මගේ ළඟින්ම සිටි
දුක සැප බෙදා ගත් මිතුරිය
දුන් දෙයක් මිස ඉල්ලූ දෙයක් නැත
අපෙ දියුණුව පැතුවේ ආදර අම්මා

ලේ කිරි කර පොවා මා දැඩි කළ අම්මේ
දිව රෑ නොබලා අප රැකගත් හැටි මව්නේ
දිලිහි දිලිහි ආකාසේ තරු අතරේ
දැක්කා අම්මේ නුඹ හිටියා තරු අතරේ

ටී. සසුලි හෙසත්මා
7 ශ්‍රේණිය බී

උදෑසන සිරියාව

රන් කෙඳී දහරක් වැනි අරුණාලෝකය
තුරු මුදුන් අතරින්
පැතිර එන්නාක් මෙන්
තණ බිස්සේ වූ පිනිකැට
මිණි මුතු සේ දිලිසුනේ
උදෑසන ආ
නැවුම් හිරු එළියේ
ප්‍රභවයෙන්
සිඟිති බටිති සියොත් කැල
සොඳුරු නදින්
උදෑසනට ආසිරි පතන්නා සේ
ඒ අතරටම විකසිත වූ
පුෂ්පයන් ද එක්වුවාම
හමා යන සිසිල් සුළං රැලි
ගතත් සිතත් ප්‍රීතිමත් කරන්නේ
සුළං රැල්ලට දසත වැනෙන
ගොයම් කරල් රංගනයක
යෙදෙන සුර ලඳුන් නදින්
මලින් බර වූ
වතුසුදු ගස මෙන්
කිරි පාටින් දිලිසෙන දරු දැරියෝ
සිතින් දැනුම ද
අතින් පොත්පත් ද
ගතින් සුදු වත ද
නෙතින් සිනහව ද
ගෙන සිප්හල වෙත
පා නඟන්නේ

ඩබ්ලිව්. කවිඳු දිලීප විතානගේ
12 වසර
කෑ/දෙහි තල්දුව බෞද්ධ ජාතික පාසල
දෙහිඕවිට

යශෝධරාවන් නොවූ
යශෝධරාවන්……….
(ජොසනයේ ඉන්යොං අග රැජන)

රෝස කුසුමක්ව පිපුණමුත් අද සුවඳ විහිදී කතරේ
මේඝ ඝනවැහි වලා වටලා – අහෝ හද ගැබ අඳුරේ
ඇගේ හිමියන් ගොසින් වෙළුනද – බිසෝවරු හා අතොරේ
නොබෙදෙනා පෙම ඇයට පැතුවා – ලබන භවයේ සසරේ

කුරිරු සිත් ඇති දුදන දන හඳ ලොබින් බඳුනේ කෙලෙසේ
නොවුමුත් ඇ යශෝධරාවන් පෙරුම් පිරුවාය සසරේ
පතිනියක් වූවාය පතිනිය නොවු සඳවතිය රෑ ගන අඳුරේ
හිමියන් ඔබ නොදත්තෙක්ම, රුදුරු ඉරණම ජොසනයේ

බලාසිටි මුත් ඇ පිපෙන්නට රෝස කුසුමක්ව කතරේ
නිමාවිය වසන්තය නේක පැහැ පත්‍ර විසුරුවමින් සොඳුරු රජ උයනේ
නැගුණමුත් සරා සඳ සැම දසත සරත් ඍතුවේ
නොදුටුවෙ කිම සඳුන් කුරිරු මරණය ඇගේ………

ලැබූ මුත් රන්කිරුළු කිතු යසස් නිබඳේ
කිම රජුනි නොදත්තේ, උතුරායන ස්නේහ ගඟ හංයැං රජ මැදුරේ
මාලිගය සුන්විය පැල්පතෙහි අරුමේ
පිපුණේ කිම රෝස කුසුමක්ව ජොසනයේ සිරි මැදුරේ

පතමි මතු භවයකදි හෝ පිපෙනු අරුමේ…….
නොබිඳෙනා පෙම සතුව අහිංසකාවිය ලෙසින් සිදුහත් පතිනියව සසරේ

ඩබ්.එම්.එස්. දිනිල් රවිශාන්
12 ශ්‍රේණිය
අ/ මධ්‍ය විද්‍යාලය
අනුරාධපුරය

පොදු දේපළ සුරකිමු

මොනවද පොදු දේපළ කියන්නේ? පාසල්, පන්සල්, රෝහල්, රජයේ කාර්යාල, බස්රිය, දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවා පොදු දේපළ වේ. මේවාට වැයකර තිබෙන්නේ අපේම මුදල්. එහෙනම් පොදු දේපළ කියන්නේ අපේම දේපළ. උදේ පටන් කාර්යාලවල විදුලිබුබුළු දල්වලා. විදුලිපංකාව පැය විසි හතරේම වැඩ. පොදු තැන්වල ජල කරාම විවෘත කරපු ගමන්මයි. රජයේ වාහනවල ඉන්ධනත් සොරකම් කරනවා. පොදු ළිඳ ළඟ අපිරිසුදු කරනවා. ඉතින් අපි මේ නාස්ති කරන මුදල් රටේ සංවර්ධනයට යොදා ගනිමු. ඒ වගේම අපට රජයෙන් ලබා දෙන පෙළපොත් ඊළඟ වසරේ නංගිලා මල්ලිලාට පරිහරණය කළ හැකි ආකාරයට භාවිත කරමු. රට දියුණු වෙනවා කියන්නේ අපේ දියුණුවට. අපි ජාතියේ ඉදිරි ගමනට අතහිත දෙමු. සෞභාග්‍යවත් අනාගතයකට උරුමකම් ලබන්නට පොදු දේපළ සුරකිමු.

කේ.ඩබ්. සිත්මි ජනීෂි සහන්සා
6 ශ්‍රේණිය ඩී
SSFC පාසල

මගේ පාසල

දවසින් දවස ගෙවී යන විට
දැනුණේ නම් නැහැ කාලය ගෙවී යන බව
ටිකෙන් ටික අවසාන දිනය ළංවෙද්දී
මට දැනුණේ හරි නුහුරුවක්……….

මඟ හැරුණු එම ලස්සන අතීතය ගැන දුක්වෙමින්
පියඹා යන්නෙමු නැවතත් ඒ අතීතයට
නැවත ඒ කාලය ගත නොහැකි බව දැනත්
සිටින්නෙමු මිත්‍රත්වයෙන්………..

දෙපයින් නැඟිටි දා සිට මෙහිම ඇවිද ඇත්තෙමි නොනැවතී
එනමුදු කිසි දිනෙක විඳ නැත
මෙවන් මිහිරක්……..

ඔබ ළඟ හුරතල් සිනා පාලා
වැරැදි දුටු තැන එය පෙන්වා
අපව යහපත් මිනිසකු කළ
පාසල් මෑණියන්ට දිගාසිරි……….

එල්.පී. යෙනුම් නෙහංසා
7 ශ්‍රේණිය ඒ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department