Home » Blog » එන්සෙලඩස් චන්ද්‍රයා

එන්සෙලඩස් චන්ද්‍රයා

Moon Enceladus

by thanushika
0 comments

 

ආදරණීය දුවේ පුතේ, එන්සෙලඩස් කියන්නෙ සෙනසුරුට අයත් විශාලත්වයෙන් සයවැනි චන්ද්‍රයායි. සෙනසුරු ග්‍රහයාට චන්ද්‍රයන් 146ක් පමණ සිටියි. බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයකු වන විලියම් හර්ෂල් 1789 අගෝස්තු 28 වැනි දින සෙනසුරු ග්‍රහයා වටා කක්ෂගත වන එන්සෙලාඩස් සොයාගන්නා අතර, එයට නම ලැබුණේ ග්‍රීක පුරාවෘත්තයේ එන එන්සෙලාඩස් නම් යෝධයාගේ නම ඇසුරෙනි.

කැසිනි නමැති අභ්‍යවකාශ යානයෙන් ලබාගත් තොරතුරු අනුව මෙහි ජීවයක් පැවතීමට අවශ්‍ය සාධක ඇති බවට තහවුරු වී තිබෙනවා. තහවුරු කරගත් තොරතුරු අනුව එන්සෙලඩස් මතුපිට කිලෝමීටර් කිහිපයක් ඝනකමැති අයිස් තට්ටුවකින් වැසී තිබෙනවා. එම අයිස් තට්ටුව ඇතුළේ ජලය පිරුණු සාගර පවතින බවට සාක්ෂි ලැබී තිබෙනවා. එමෙන්ම එන්සෙලඩස් චන්ද්‍රයාගේ දකුණු ධ්‍රැව ආශ්‍රිත ප්‍රදේශයේ තරමක් තුනී අයිස් ප්‍රදේශයක් පවතින බවටත්, එම ප්‍රදේශයේ විවිධ තැන්වලින් අයිස් වැස්ම කැඩී ඇතුළත සාගරවල පවතින ජලය වතුර මල් ආකාරයෙන් පිටතට ගලන බවටත් තොරතුරු තහවුරු වී තිබෙනවා. දැනට සොයාගෙන ඇති තොරතුරු අනුව එන්සෙලඩස් අභ්‍යන්තරයේ පවතින සාගරයේ පිටසක්වළ ජීවයකට හේතුවිය හැකි ක්ෂුද්‍රජීව කිහිපයක් පවතින බව තාරකා විද්‍යාඥයන් පවසනවා. එම ඇතැම් ජීව මිනිසාට කොතරම් විෂ සහිත වුවත් එන්සෙලඩස් මත ජීවයක් තැනීමට උදව් විය හැකි බව ඔවුන්ගේ මතයයි. හිරුගෙන් කිලෝමීටර් බිලියන ගණනක් ඈතින් පිහිටි එන්සෙලඩස් මතුපිට ජීවයට හිතකර තරම් උණුසුමක් නැති වුවත් මෙය ඇතුළත කෘත්‍රිමව උණුසුම නිර්මාණය කළ හැකි බව විද්‍යාඥයන්ගේ අදහසයි.

රුසින් තත්සර

මොරටුව විශ්වවිද්‍යාලය

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department