තෘණ භූමි යනු තණකොළ , ඖෂධ පැළෑටි සහ අනෙකුත් දැවමය නොවන ශාකවලින් යුක්ත වූ විවෘත ප්රදේශයකි. මෙම තෘණ භූමිවල පක්ෂි වර්ග, උරග වර්ග, උභජීවී වර්ග, ක්ෂීරපායි සත්තු ජීවත් වෙති. විසිතුරු කැලෑ මල් වර්ග ද දක්නට ලැබේ. ජෛව විද්‍යාත්මක හේතු, දේශගුණ විපර්යාස හේතුන් මත තෘණ භූමිවල වැඩි පීඩනයක් තිබේ. ඇන්ටාක්ටිකාව හැර අනෙකුත් සියලුම මහාද්වීපවල ස්වාභාවිකව තෘණ භූමි තිබේ. තෘණ භූමි පෘථිවියේ විශාලතම ජෛව විද්‍යා ඒකකවලින් එකක් වන අතර, ලොව පුරා විහිදී ඇති භූ දර්ශනවලින් කැපී පෙනෙන්නකි. මේ අනුව විවිධ වර්ගයේ තෘණ භූමි ලෝකයේ තිබේ. එනම් ස්වාභාවික තෘණ භූමි, අර්ධ ස්වාභාවික තෘණ භූමි, සහ කෘෂිකාර්මික තෘණ භූමි වශයෙනි. මේවා පෘථිවියේ භූමි ප්‍රමාණයෙන් 31%-69%ක් ආවරණය කරයි. මෙවර මිහිර පෝස්ටරය සැකසෙන්නේ ලෝකයේ තිබෙන තෘණ භූමි ඇසුරෙනි.
Canterbury – Otago Tussock Grasslands
(කැන්ටබරි -ඔටගෝ ටස්සොක් තෘණ භූමිය)
Canterbury – Otago Tussock Grasslands යනු නවසීලන්තයේ දකුණු දූපතේ පිහිටා ඇති තෘණ භූමියකි. මෙම තෘණ භූමි වර්ග කිලෝමීටර් 53,500ක් පුරා විසිරී තිබේ. මේ තෘණ භූමිය නවසීලන්තයේ විශාලතම පැතලි තැනිතලාව සාදන අතර, පශු සම්පත් තෘණ සඳහා බොහෝ දුරට භාවිත වේ. මෙම තෘණ භූමියෙහි ආවේණික ශාක ඇත්තේ ස්වල්පයක් පමණි. මෙහි කේතුධර ශාක, පඳුරු වර්ග සහ මීවන ශාක දක්නට ලැබේ. කැන්ටබරි ගංගාව ආශ්රිත ප්‍රදේශයේ ලයිකන , රවුලියා ඩේසි, විලෝහර්බ් සහ මුහ්ලෙන්බෙකියා වැනි පඳුරු වර්ග ද තිබේ. වියළි තෘණ භූමිවල කුරුමිණියෝ, පළඟැටියෝ, සලබයෝ හා කෘමීහු ජීවත් වෙති. ඔටගෝ ස්කින්ක් සහ ග්‍රෑන්ඩ් ස්කින්ක් යන ආවේණික කටුස්සන් දෙවර්ගය මෙහි ජීවත් වෙති. වියළි කාලයේදී කැන්ටබරි ගංගාව ආශ්රිත මඩවල ජීවත්වන කැන්ටබරි මඩ මත්ස්‍යයන් ද මෙහි දක්නට ලැබේ.
Serengeti Volcanic Grasslands
(සෙරෙන්ගෙට් ගිනිකඳු තෘණ භූමි)
මෙම තෘණ භූමිය ටැන්සානියාවේ නිවර්තන ප්‍රදේශයේ පිහිටි පරිසර පද්ධතියකි.
සෙරෙන්ගෙටි ගිනිකඳු තෘණ භූමි යනු උතුරු ටැන්සානියාවේ ගිනිකඳුවල අළු තැන්පත් වීම නිසා ඒ මත වැඩෙන තෘණ විශේෂයෙකි. මෙම තෘණ සෙරෙන්ගෙට් ජාතික වනෝද්‍යානයේ නැඟෙනහිර කොටස සහ Ngorongoro කඳුකරයේ දකුණු හා නැඟෙනහිර ප්‍රදේශයේ තිබේ. මෙම සෙරෙන්ගෙට් තෘණ භූමිය වර්ග කිලෝමීටර් 17,900ක් පුරා විහිදී ඇත. මෙයට උෂ්ණත්වය සහ වර්ෂාපතනය වසර පුරා සමාන ප්‍රමාණවලින් ලැබේ. මෙම ප්‍රදේශයෙහි සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 0ට
අඩු මාසයක් සහ සාමාන්‍ය සෙල්සියස් අංශක 22ට වඩා වැඩි උෂ්ණත්වයක් ඇති මාස නැත. මෙම භූමියේ තෘණ ශාක 52%ක් , පඳුරු ශාක 26%ක් සහ වගා කරන ලද කෘෂි බිම් 11% ක් පමණ තිබේ.
California Central Valley Grassland
(කැලිෆෝනියාවේ මධ්‍යම නිම්නයේ තෘණ භූමිය)
මෙම තෘණ භූමිය කැලිෆෝනියාවේ මධ්‍යම නිම්නය ඔස්සේ උතුරු- දකුණ දක්වා විහිදුණු සෞම්‍ය තෘණ භූමියකි. කැලිෆෝනියාවේ තෘණ භූමි වර්ග කිලෝමීටර් 46,275ක් පුරා විසිරී ඇත. මෙම තෘණ භූමියෙහි පක්ෂි විශේෂ 18ක් හා ක්ෂීරපායි විශේෂ 7ක් පමණ සිටිති. සැවානා වර්ග, ගංගා, වනාන්තර , වගුරු බිම්, ඍතුමය තටාක වර්ග සහ වියළි ටුලරේ විල වැනි විශාල විල් මෙම පරිසර කලාපයේ අඩංගු වේ. සෞම්‍ය මධ්‍යධරණී දේශගුණයක් ඇත. වාර්ෂික වර්ෂාපතනයෙන් වැඩි ප්‍රමාණයක් සිදු වන්නේ ශීත මාසවලදී ය. වර්ෂාපතනය උතුරේ සිට දකුණට අඩු වේ.
මිටියාවතේ තෙත් ප්‍රදේශයේ Nassella Pulchra යන තෘණ වර්ගය අනෙකුත් ශාක සමඟ දක්නට ලැබේ. තෘණ භූමියේ වන මල්වලට කැලිෆෝනියා පොපී ( Eschscholzia californica ), lupines ~ƒ purple owl’s Clover ( Castilleja exserta ) අයත් වේ. නිම්නයේ තෙත් බිම් ශීත ඍතුවේ ජලජ පක්ෂීන්ට සහ පැසිෆික් පියාසර මාර්ගය ඔස්සේ සංක්‍රමණය වන පක්ෂීන්ට වැදගත් වාසස්ථානයක් වේ. මෙම තෘණ භූමියේ උරගයන්, උභයජීවීන්, මීයන් විශේෂ , අපෘෂ්ඨවංශීන් සහ මත්ස්‍ය වර්ග ද ජීවත් වෙති. willows,western sycamore,box elder,Fremont cottonwood සහ valley oak යන ශාක වර්ග ද මෙහි තිබේ.
Western Gulf Coastal Grasslands
(බටහිර ගල්ෆ් වෙරළබඩ තෘණ භූමි )
මෙම වෙරළබඩ තෘණ භූමි අමෙරිකා එක්සත් ජනපදයේ දකුණුදිග ප්‍රදේශයේ සහ ඊසානදිග මෙක්සිකෝවේ උපනිවර්තන තෘණ භූමි පරිසර කලාපයකි. මෙය ලුසියානාහි Cajun Prairie ලෙසත් , ටෙක්සාස් වෙරළ ප්රෙයරි (තෘණ තැනිතලා) ලෙසත්, Mexicoහි Tamaulipan Pastizal ලෙසත් හැඳීන් වේ. මෙම තෘණ භූමි වර්ග කිලෝමීටර් 77,425ක් පුරා විසිරී ඇත. ගිනිකොනදිග ලුසියානා සිට ටෙක්සාස් හරහා මෙක්සිකානු ප්‍රාන්තයේ Tamaulipas දක්වා Laguna Madre දක්වා මෙක්සිකෝ බොක්ක වෙරළ දිගේ විහිදෙයි. නිරිතදිග ලුසියානා බටහිර සිට ඉහළ ටෙක්සාස් වෙරළ දක්වා, දේශගුණය තෙත් උපනිවර්තන වේ. සැලකිය යුතු වාර්ෂික වර්ෂාපතනයක් මෙහි දක්නට ලැබේ. මෙම තෘණ භූමියෙහි පක්ෂි විශේෂ 335ක් සහ ක්ෂීරපායි විශේෂ 75ක් ජීවත් වෙති. වෙරළ තීරයේ වඳ වී යෑමේ තර්ජනයට ලක්ව ඇති පක්ෂියා වන්නේ හූපින් කොකා ය. බොහෝ මුහුදු කුරුල්ලන්, වෙරළබඩ කුරුල්ලන් සහ අනෙකුත් ජලජ පක්ෂීන් බහුලව දක්නට ලැබේ. සුදු වලිග මුවන්, දකුණුදිග කහ වවුලන් (southern yellow bat) ආදී ක්ෂීරපායි සත්ත්වයෝ මෙහි ජීවත් වෙති.
Ascension Scrub And Grasslands
( Ascension පඳුරු සහ තෘණ භූමි)
මෙම තෘණ භූමි අත්ලාන්තික් සාගරයේ Ascension දූපතෙහි අක්‍රිය ගිනිකන්ද ආවරණය කරයි. Ascension තෘණ භූමි වර්ග කිලෝමීටර් 93ක් පුරා විහිදී ඇත. මෙම දිවයිනෙහි උපනිවර්තන අර්ධ ශුෂ්ක දේශගුණයක් තිබේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 10 සිට සෙල්සියස් අංශක 32 දක්වා පරාසයක පවතී. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 709කි. වර්ෂාපතනය වසර පුරා සිදු වේ. ගිම්හාන මාසවල (ජනවාරි සිට අප්‍රේල් දක්වා) තරමක් වැඩි වර්ෂාපතනයක් ඇත. මානව ජනාවාසයට පෙර දූපතෙහි ශාක විශේෂ 25 සිට 30 දක්වා වූ අතර, එයින් දහයක් එම ප්‍රදේශයට ආවේණික විය. කොළ කැස්බෑවා, වලිග රහිත ගෝනුස්සා, අපෘෂ්ඨවංශීන් , පක්ෂීන්, වල් බළලුන් ආදී සත්ත්ව වර්ග මෙහි ජීවත් වෙති.
Trans -Fly Savanna And Grasslands
(ට්‍රාන්ස් – ෆ්ලයි සැවානා සහ තෘණ භූමි )
මෙම තෘණභූමි නිව් ගිනියා දූපතේ දකුණු වෙරළ තීරයේ ඉන්දුනීසියානු සහ පැපුවා නිව්ගිනියා යන දෙපස පිහිටි පහත් බිම් පරිසර කලාපයකි. ට්‍රාන්ස් – ෆ්ලයි තෘණ භූමිය වර්ග කිලෝමීටර් 26,539ක් පුරා විහිදී ඇත. භූමි ප්‍රදේශයේ බහුතරයක් තණබිම් සහ සැවානාවලින් සමන්විත වේ. මෙහි ඌරු -නාස් කැස්බෑවා ඇතුළු උරග වර්ග සහ උභජීවීහු ජීවත් වෙති. තණබිම්වල තෘණ බුදින සතුන් අතරට මුවන්, සාම්බාර්, චිතාල්, ඌරුන් මුවන් සහ මුන්ජැක් විශේෂ පහක් සහ තෘණ බුදින විශාල සත්ත්ව වර්ග හතරක් වන ආසියානු අලි, රයිනෝසිරස්, ගෞර් සහ නිල්ගායි ඇතුළත් වේ.
නිව් ගිනියාවේ වැසි වනාන්තර තරම් තෘණභූමි වන සතුන්ගෙන් පොහොසත් නොවූවත්, එම ප්‍රදේශවලට ආවේණික සත්ත්ව විශේෂ ගණනාවකට මෙම තෘණභූමි නිවහන වේ. Schizistachyum උණ ශාක විශේෂය යාබද වනාන්තර සහ මෝසම් ප්‍රදේශයේ සැවානා වෘක්ෂලතා අතර දක්නට ලැබේ.
Terai -Duar Savanna And Grasslands
(ටෙරායි ඩුආර් සැවානා සහ තෘණ භූමි )
මෙම තෘණ භූමිය හිමාලය පාමුල , කිලෝමීටර් 25ක් පමණ පළලැති ඉන්දියාව , නේපාලය සහ භූතානයේ ඉන්දු ගංගා තැනිතලාවේ පවතින පටු පහත් බිම් පරිසර කලාපයකි. ටෙරායි තෘණ භූමිය වර්ග කිලෝමීටර් 34600ක් පුරා විහිදී ඇත. බටහිර භූතානයේ සිට දකුණු නේපාලයේ ටෙරායි දක්වාත්, බටහිර දෙසින් බංකේ දක්වාත්, ගඟ දිගේ ඩැං සහ ඩියුකුරි නිම්න ආවරණය කරමින් ඉන්දියාවේ බබාර් සහ ඩූන් නිම්නය දක්වා විහිදෙයි. මෙම තෘණ භූමියෙහි පක්ෂි විශේෂ 36ක් සහ ක්ෂීරපායි විශේෂ 11ක් පමණ සිටිති. පරිසර කලාපය ක්ෂීරපායි සහ පක්ෂි විශේෂ විශාල සංඛ්‍යාවක් සඳහා වාසස්ථානයකි. ආසියානු අලි ඇතුන්, වලසුන්, ඉන්දියානු දිවියන් සහ greater one-horned rhinoceros මෙම තෘණ බිමෙහි ජීවත් වේ. වඳ වී යෑමේ තර්ජනයට ලක්ව ඇති ක්ෂීරපායින් අතරට The wild water buffalo සහ හිස්පිඩ් හාවා ( hispid hare ) ඇතුළත් වේ.
Patagonian Grasslands
( පැටගෝනියානු තෘණ භූමි)
මෙම තෘණ භූමිය ආර්ජන්ටිනාවේ සහ චිලී දේශයේ දකුණේ පිහිටි පරිසර කලාපයකි. පැටගෝනියානු තණභූමි ආර්ජන්ටිනාවේ නැඟෙනහිර ටියෙරා ඩෙල් ෆියුගෝ හරහා විහිදෙන අතර, සැන්ටා කෲස් පළාතේ කොටසක් මැගලන් සමුද්‍ර සන්ධියට උතුරින් ගැලෙගෝස් ගඟ දක්වා ආවරණය කරයි . ඒවාට ෆෝක්ලන්ඩ් දූපත් ද ඇතුළත් ය. මෙහි පක්ෂි විශේෂ සහ විවිධ සත්ත්ව වර්ග ජීවත් වෙති. උසස් තත්ත්වයේ මෙරිනෝ ලොම් සපයන බැටළුවන් විසින් අධික ලෙස තෘණ ආහාරයට ගැනීම නිසා තණබිම් තර්ජනයට ලක්ව ඇත. පැටගෝනියන් මාරා, දකුණු විස්කාචා, පැටගෝනියානු වීසල් , දකුණු අමෙරිකානු අළු නරියා යන ක්ෂීරපායි සත්ත්වයෝ මෙහි ජීවත් වෙති.
පරිසර කලාපයේ උතුරු කොටස තුන්ද්‍රා තණබිම්වලින් වැසී ඇත. මධ්‍යයේ ඉහළ අක්ෂාංශ ඇන්ඩියන් තණබිම් ඇති අතර, ඈත දකුණේ පතනශීලි පඳුරු තිබේ. ෆෝක්ලන්ඩ් දූපත්වල වගුරු වනාන්තර ඇත.
Western Short Grasslands
( බටහිර කෙටි තෘණ භූමි )
මෙම තෘණ භූමි අමෙරිකා එක්සත් ජනපදයේ සෞම්‍ය තෘණ භූමි පරිසර කලාපයකි. western තෘණ භූමිය වර්ග කිලෝමීටර් 435,200ක් පුරා විහිදී ඇත. මෙම පරිසර කලාපය බොහෝ දුරට උස් තැනිතලා ලෙස හැඳීන්වෙන භූගෝලීය කලාපයට අනුරූප වේ. බටහිර කෙටි තෘණ භූමි අර්ධ ශුෂ්ක දේශගුණයකින් යුක්ත ය. අඩු වර්ෂාපතනයක් සහ උණුසුම් උෂ්ණත්වයකින් යුක්ත වේ. මෙම පරිසර කලාපයේ ප්රමුඛ තෘණ විශේෂ දෙවර්ගය වන්නේ blue grama සහbuffalograss ය. මෙහි ක්ෂීරපායි සතුන් ලෙස බයිසන් කොටළු මුවන් සහ කොයෝටා (coyote) දැකගත හැකි වේ. Lesser Prairie Chicken , Greater Prairie Chicken,dickcissel සහ loggerhead shrike කුරුලු වර්ග මෙහි සිටිති. මෙම පරිසර කලාපය ඉතා විවිධාකාර සමනලුන්, පක්ෂීන් සහ ක්ෂීරපායින්ගේ නිවහනක් වේ.
Central Tall Grasslands
( මධ්‍යම උස තෘණ භූමි )
මෙම තෘණ භූමිය උතුරු අමෙරිකානු මහා තැනිතලාවේ කොටසක් වන මධ්‍යම බටහිර එක්සත් ජනපදයේ ප්රෙයරිස් පරිසර කලාපයකි. Centrale Tall තෘණ භූමි වර්ග කිලෝමීටර් 248,400ක් පුරා විහිදී ඇත. මෙම පරිසර කලාපය දකුණු මිනසෝටාවේ විශාල ප්‍රදේශයක් , අයෝවාහි බොහෝ ප්‍රදේශයක් සහ උතුරු ඩැකෝටාවේ ගිනිකොනදිග කෙළවරේ සිට නැඟෙනහිර දකුණු ඩැකෝටා සහ නැඟෙනහිර නෙබ්‍රස්කා ඔස්සේ ඊසානදිග කැන්සාස් දක්වා පටු තීරුවක් ආවරණය කරයි. මෙහි වර්ෂාපතනය මිලිමීටර් 1000ක් පමණ වේ. අධික වර්ෂාපතනය සහ දිගු ග්‍රීෂ්ම ඍතුව නිසා සරුසාර ශාක ආවරණයක් ලබා ගත හැකි වේ. මෙම ප්‍රදේශය වරක් ලෝකයේ උසම තණකොළ සහිත විශාලම ප්‍රදේශය විය. මධ්‍යම උස් තණබිම් මධ්‍යම බටහිර ඉරිඟු තීරයේ විශාල කොටසක් වන අතර, ඉරිඟු සහ සෝයා බෝංචි කෙත්වලින් වැසී ඇත.
මෙහි අමෙරිකානු බයිසන් ගවයෝ සහ ගෝන්නු ජීවත් වෙති. පක්ෂි විශේෂ 228ක් සහ ක්ෂීරපායි විශේෂ 67ක් පමණ මෙම තෘණ භූමියෙහි සිටිති.
චතුරි ලක්ෂිකා