පුංචි ඔබට මෙවර ඔවදන ඉදිරිපත් කරන්නේ
තංගල්ල කලාපයේ කලාප
අධ්‍යක්ෂිකා
කල්‍යාණි ගොඩකන්ද මහත්මියයි
” වර්තමානයේ බොහෝ දරුවන් කැමැතියි නවීනත්වය සමඟ ඉදිරියට යන්න. එහෙත් අපි එසේ ඉදිරියට යා යුත්තේ අපේකම රැකගෙනයි. අපට ආවේණික වුණු සාහිත්‍යයක් මෙන්ම සංස්කෘතියක් තිබෙනවා. ඒ සංස්කෘතිය අපි ආරක්ෂා කරන්න ඕනේ. කුඩා කාලයේ සිටම අපේ පුතාලා දුවලා ඒකට යොමු වෙන්න ඕනේ. අධ්‍යාපනයේ දක්ෂයකු මෙන්ම නිර්මාණශීලි දරුවකු බිහි කිරීමත් අවශ්‍යයි. එසේ නැතිනම් මානුෂීය ගුණදහම්වලින් පිරි පුද්ගලයකු බිහි වන්නේ නැහැ. පාසලින් පසු ගෙදරදී ලැබෙන සෑම විවේකයකදීම පොත්පත් කියවා අමතර දැනුම ඒකරාශී කරගත යුතුයි. එසේ දැනුම ඒකරාශී කරගැනීමෙන් දරුවා මනසින් පොහොසත් වේ. මේ බව සෑම දරුවකුම සිතේ තබා ගත යුතුයි. මම නම් දරුවන්ට දෙන එක අවවාදය පොත්පත් කියවලා අමතර දැනුම රැස් කරගත යුතු බවයි”
” දැනුම කියන්නේ සෑම කෙනකුටම අවශ්‍ය දෙයක්. දැනුම නිසා පුද්ගලයකුගේ ජීවිතය ආලෝකවත් වෙනවා. දැනුමෙන් කෙනකු ආලෝකවත් වූ විට එහි වටිනාකම වැඩියි. මේ තත්ත්වයට දරුවකු පත් කරවා ගැනීම වැඩිහිටියන් වන අපගේ යුතුකමයි.”
” මේ අනුව දරුවා හැඩගැස්වීමට අප සෑම විටම උත්සාහ ගත යුතුයි. වත්මන් ලෝකය තාක්ෂණයත් සමඟ ඉදිරියට යනවා. එහි කිසිදු වරදක් නැහැ. ඒත් එහි සීමාවක් තිබිය යුතුයි. සීමාවක් නැතිව ඉදිරියට යෑම එතරම් සුදුසු නැහැ. මේ නිසා තාක්ෂණයේ යහපත් ප්‍රතිඵලම නෙළා ගන්නා අයුරු දරුවන්ට අවබෝධකර දිය යුතුයි. ඒ කියන්නේ ගුරුවරුන්, වැඩිහිටියන්, දරුවන් සමඟ සමීප සබඳතාවක් පැවැත්විය යුතුයි.
රූපාන්ති