Home » Blog » සිංගප්පූරු මිත්‍රත්ව බාලිකා මහා විදුහලේ සිසු නිර්මාණ

සිංගප්පූරු මිත්‍රත්ව බාලිකා මහා විදුහලේ සිසු නිර්මාණ

by thanushika
0 comments

සේපාලිකා මල් ළඟ

අරුම පුදුම සුවඳවලට පුළුවන්
මිනිසුන්ගේ හිත්වල හැඟීම් කියලා ජාතියක් උපද්දන්න,
පාළුව, තනිකම, සාංකාව මකන්න.
ඔව්…. සේපාලිකාවලට සිත් සනසන
සුගන්ධයක් තිබෙනවා.
මිනිසුන්ගේ සිත්වලට සතුට ගේන
ඒ සුවඳට අපේ සිත් ඇබ්බැහි වෙනවා

හැම මලකටම හැඩයක් තිබෙනවා සුවඳක් තිබෙනවා
සුදු සහ තැඹිලි හරිම ආකර්ෂණීයයි
දැක්කාම මගේ හිතට ගෙන එන්නේ සතුටක්
සේපාලිකා මල ද්විත්ව රංගනයක් කරනවා කියලා මට හිතෙනවා.
කවුරු මොනවා කිව්වත් මගේ හිතට සේපාලිකා හරි ළෙන්ගතුයි
රෑ පිපුණත් හරි සුවඳයි හරි ලස්සනයි
බෙහෙතට හේතට වුණත් වටිනවා
මේ නිසාම රෑ පිපිලා කාරි දෙකක් ඉටුකරනවා

විශ්මි හිරන්‍යා

8 ශ්‍රේණිය

***********************

උදෑසන අසිරිය

කන්ද උඩින් හිරු කුමරා පායා ඇවිදින්
මල් පිපිලා සෑම තැනකම සුවඳ විහිදමින්
පුංචි ළමෝ පිබිදීලා මේ උදෑසනින්
පාසල වෙත පියනැඟුමට සූදානමින්
සීත මඳ පවන ගේ ඇතුළට ඇවිදින්
කුරුලු රෑන් පියඹා යයි අහස් ගැබෙන්
කෑම සොයා ඉගිලී යති මේ උදෑසනින්
මාළු රංචු උඩ පැන නටමින් විනෝද වෙමින්
උදලු රැගත් ගොවියන් තම කුඹුරු වෙත යමින්
මුළු පරිසරයම උදෑසනින් වර්ණවත් වෙමින්
නිහඬ වෙමි මමත් ඔබට ආසිරි පතමින්

ගිවින්දි අක්නුලි

7 ශ්‍රේණිය

***********************

යාළුකම

අතින් අත අල්ලා ගෙන
එකම කෑම එක බෙදා ගෙන
රැයක තරු පොකුරක් සේම
යාළුකම රැඳෙයි සෑම දින

සිතින් වැටුණත් වචනයෙන් සතුටුකළා
කවුරු හැරගියත් මාව තනි නොකළා
අඬන්න හේතු තිබුණත් මාව සතුට කළා
අහිමි කරගන්න එපා යාළුකම පණ වගේ තමා

නොමින්යා

6 ශ්‍රේණිය

***********************

ගුරු මවුනි දිගාසිරි

තෙරක් නොමැති
මහ සයුරක් මැද
තනි වූ මොහොතක
සෙවණැල්ලක් වී…

සිප් සයුරෙන්
එතෙර කරන්නට
ගුරු හරුකම් දුන්නා
නිමක් නැති…..

රටින් එතෙරට
ගියත් ගුරු මව්නි
හෙට ඔබ

දිගාසිරි පතමි මම
නමැද ඔබේ දෙපා සිප….

දෙහන්සා

7 ශ්‍රේණිය


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department