ගම්පහ දිස්ත්‍රික්කයේ සුමේධ බාලදක්ෂ සමූහයේ ප්‍රථම ජනාධිපති පදක්කම්ලාභී බාලදක්ෂ බාලිකාවන් වන එසාරා පෙරේරා සහ රවින්දි ශ්වේතා හට පදක්කම් පැලඳවීම ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් විශ්‍රාමික කර්නල් පද්මලාල් පෙරේරා , ජාත්‍යන්තර කොමසාරිස් විශේෂඥ වෛද්‍ය රාජීව් පීරිස්, සහය ප්‍රධාන කොමසාරිස් මාධ්‍යය හා මහජන සම්බන්ධතා ප්‍රභාත් කුලරත්න, මූලස්ථාන කොමසාරිස් ප්‍රසංජන රාජපක්ෂ, ගම්පහ දිසා කොමසාරිස් ජනක සුගත් පෙරේරා, සහාය දිසා කොමසාරිස් පරිපාලන ඉන්දික ප්‍රභාත්, සහය දිසා කොමසාරිස් (මානවක) චම්පිකා කරුණාරත්න, සහය දිසා කොමසාරිස් (බාලිකා) රසිකා අශාන්ති, ගම්පහ දිසා විධායක සභාවේ උප සභාපති සංජිත් විජේරත්න, පාසලේ සභාපති විශේෂඥ වෛද්‍ය විල්ෆ්රඩ් විජේසිංහ, ක්‍රියාකාරී අධ්‍යක්ෂිකා සයුරි භාග්‍යා විජේසිංහ, විදුහල්පති මෙන්ම සමූහ බාලදක්ෂ ආචාර්ය සෝමතිලක විතාරණ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
විද්‍යාලයේ ඉදිකළ නව බාලදක්ෂ කුටිය ද, ප්‍රධාන කොමසාරිස්වරයා විසින් විවෘත කරන ලදි.