මෙම පාලම ප්‍රංශයේ පිහිටා ඇත. Millau Viaduct පාලම වර්ෂ 2004 Millau දෙපාර්තමේන්තුවේ ර්ඪතතචභ අසල ටාර්න් නිම්නය ඔස්සේ නිම කරන ලද පාලමකි. මෙම පාලම බහුවිධ කේබල් රැඳවුම් පාලමකි. Millau Viaduct පාලම නිර්මාණය කරන ලද්දේ ඉංජිනේරු Michel Virlogeux සහ ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ශිල්පී Norman Foster විසිනි. වර්ෂ 2003දී ඔක්තෝබර් මාසය වන විට Millau Viaduct පාලම ලෝකයේ උසම පාලම වූයේ ය. මෙම පාලමේ උස මීටර් 343ක් පමණ වේ. Millau Viaduct පාලමේ මුළු දිග මීටර් 2460ක් පමණ වන අතර, පළල මීටර් 32.05ක් පමණ වේ. මෙම පාලම සෑදීම සඳහා යුරෝ මිලියන 394 ක් පමණ වියදම් වී ඇත. ඉතින් මේ සූදානම පුංචි දූලා පුතාලට Millau Viaduct පාලම පිළිබඳ තොරතුරු රැගෙන එන්නයි.
Millau Viaduct පාලම Compagnie Eiffagedu Viaduc de Millau විසින් ඉදිකරන ලදි. මෙම පාලම ඉදි කිරීමට වසර තුනක් ගත වී තිබේ. වර්ෂ 2004 දෙසැම්බර් මස 14 වැනි දින Millau Viaduct පාලම විවෘතකර තිබේ. මෙම පාලම විවෘතකර දවස් දෙකකට පසු එනම් දෙසැම්බර් 16 වැනි දින ගමනාගමනය සඳහා විවෘත කළේ ය. නවීන ඉංජිනේරු විද්‍යාවේ විශිෂ්ටතම ජයග්‍රහණවලින් එකක් ලෙස මෙම පාලම හඳුන්වාදිිය හැකි ය.
වර්ෂ 1980 ගණන්වලදී ටාර්න් නිම්නයේ Millau අසල මාර්ග තදබදය ඇති වී තිබිණි. මෙයට විසඳුම වූයේ ගංගාව හා දුර්ග නිම්නය ඔස්සේ පාලමක් ඉදිකිරීමයි. පාලමක් සඳහා වූ පළමු සැලසුම වර්ෂ 1987දී CETE ඉදිරිපත් කළේ ය . වර්ෂ 1991 ඔක්තෝබර් වන විට මීටර් 2,500 ක් පමණ දිගින් යුක්තව තාර පාරක ඉහළ කොටසේ හරස් මාර්ගයක් ඉදිකිරීමට ඉංජිනේරුවරු තීරණය කළහ. වර්ෂ 1993 සිට වර්ෂ 1994 කාලය අතර වකවානුවේදී රජයේ ගෘහ නිර්මාණ ශිල්පීන් හත් දෙනෙක් සහ ඉංජිනේරුවන් අට දෙනෙක් මෙම පාලම ඉදි කිරීමට උපදෙස් ලබා දුන්හ. වර්ෂ 1996 ජුලි මාසයේදී මෙම පාලම නිර්මාණය කිරීමට කේබල් රැඳවීමට සැලසුම් ශිල්පීහු සැලසුම් කළහ. ඉන්පසු මෙම පාලම ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන්ට පවරන ලදි.
වාහන තදබදය මඟ හැරවීම සඳහා මේ පාලම එක් පියවරක් වුණි. මෙය මං තීරුවලට බෙදා ඇති බැවින් පහසුවෙන්ම වාහන ගමන් කිරීමට හැකියාව ලැබී තිබේ. පාලමේ ඇති ශක්තිමත් බව නිසා බර වාහනවලට ද පිවිසීමට හැකියාව තිබේ. පාලම නිර්මාණය කිරීමේදී සැලසුම් කළ ආකාරය අනුව වාහනවලට පහසුවෙන්ම ගමන් කිරීමට හැකියාව තිබේ. ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණයක් ලෙස ද මෙය දැක්විය හැකි ය. පාලමක් සෑදීමේදී ඉතා සැලසුම් සහගතව කළ යුතු කාර්යයක් බව මෙම නිර්මාණයෙන් පැහැදිලි වේ.
චතුරි ලක්ෂිකා