Home » Blog » අඟහරු මතුපිට ගිනි කඳු

අඟහරු මතුපිට ගිනි කඳු

by thanushika
0 comments

ආදරණීය දුවේ පුතේ, ඔයාලා භූගෝලය, විද්‍යාව වැනි විෂයන්වලදී පාසලේදී ඉගෙන ගන්නවා නේද පෘථිවියේ විවිධ ප්‍රදේශවල
ගිනි කඳු ඇති වෙලා තිබෙන බව? මෙම ගිනි කඳු පෘථිවියට පමණක් සීමා වූ ඒවා නෙවෙයි. ඒවා වෙනත් ග්‍රහලෝක මතත් තිබෙනවා. ඉතින් දුවේ පුතේ, අද අප කියන්න සූදානම් වන්නේ අඟහරු මත ඇති ගිනි කඳු පිළිබඳයි.

අඟහරු යනු ගිනිකඳු ක්‍රියාකාරිත්වයක් නැති, ග්‍රහලෝකයක් බව මීට පෙර පර්යේෂකයෝ තීරණයකර තිබුණහ. ඒ මෙතෙක් කල් ලැබී තිබුණු දත්තවලට අනුව ය. අඟහරු මතුපිට ගිනි කඳු ක්‍රියාකාරිත්වය වැඩිපුරම සිදුවී තිබුණේ මීට වසර බිලියන 3ත් – 4ත් අතර කාල පරාසයකදීයි. සෞරග්‍රහ මණ්ඩලයේ ලොකුම කන්ද වූ ඔලිම්පස් මොන්ස් කන්ද පවා බිහිවී තිබුණේ මෙම කාලයේදියි. කෙසේ වුවත්, අඟහරු මතුපිට පැවතුණු මේ ගිනි කඳු කාලය ගතවෙද්දි ක්‍රමයෙන් අඩුවී අක්‍රිය තත්ත්වයට පත්ව තිබේ. එහෙත් අඟහරුවල මෑතක් වනතුරුම සක්‍රීයව පැවති ගිනි කන්දක් සොයාගැනීමට පර්යේෂකයෝ සමත් වූහ. එම ගිනි කන්ද අක්‍රිය වී තිබෙන්නේ මීට වසර 50,000කට පමණ පෙරදී ය.

එසේම මෙහි ඇති තවත් විශේෂත්වයක් වනුයේ අඟහරු මතුපිට ඇති තැනිතලාවක් වන ඛ්ඥපඡඥපභඵ ජ්ධඵඵචඥ යන ප්‍රදේශයේ පිහිටා තිබීමයි. මෙම ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයන් ඇති බව ද වාර්තා වී තිබේ. අඟහරු මතුපිට ගොඩබස්වා ඇති නාසා ආයතනයේ ධ්දඉඪඨඩබ නම් යානාව මඟින් 2021 වසරේ මාර්තු 07 සහ 18 දෙදිනදී මෙම ප්‍රදේශයේ ප්‍රබල භූකම්පන දෙකක් නිරීක්ෂණයකර තිබිණි.

ඛ්ඥපඡඥපභඵ ජ්ධඵඵචඥ ප්‍රදේශය දැනට අඟහරු මත භූ විද්‍යාත්මකව සක්‍රියව පවතින එකම ප්‍රදේශයයි. එමෙන්ම මෙම ප්‍රදේශය ආශ්‍රිතව අනාගතයේදී තවත් ගිනි කඳු පිපිරීම් ඇතිවිය හැකි බවත් පර්යේෂකයෝ පවසති. ඉතින් ආදරණීය දුවේ පුතේ, අඟහරු ග්‍රහයා ගැන නවතම තොරතුරු ඉදිරි ලිපි මාලාවකින් ද අපි කතා කරමු.

මෙය, තාරකා විද්‍යාවට කැමැති දූ පුතුන් එකතු කරන තාරකා විද්‍යා ලිපි මාලාවේ තවත් කොටසකි.

රුසින් තත්සර
මොරටුව විශ්වවිද්‍යාලය

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department