Home » Blog » සියුමැලි රේඛා 2024

සියුමැලි රේඛා 2024

by thanushika
0 comments

“සෑම දරුවකුම කුඩා කාලයේදී චිත්‍ර ශිල්පියෙකි. ගැටලුව වන්නේ ඔවුන් වැඩුණු පසුව ද ඒ චිත්‍ර ශිල්පියා රඳවා තබා ගන්නේ කෙසේද යන්නයි” ලෝ ප්‍රකට චිත්‍ර ශිල්පී පැබ්ලෝ පිකාසෝ විසින් පවසා ඇති පරිදි සෑම පොඩිත්තෙක්ම ළමා වියේදී පාට පාට සිතුවම් ඇ¼දීමට හපනුන් වෙති. එවැනි පුංචි හපනුන් විසින් අ¼දින ලද අපූරු සිතුවම් දැක්මක් පසුගිය නොවැම්බර් 07 වැනි දින පැවැත්විණි. ඒ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ පුතුන්ගේ වාර්ෂික සිතුවම් දැක්මයි. ‘සියුමැලි රේඛා’ නම් වූ මෙම සිතුවම් දැක්ම නොවැම්බර් 07 සහ 08 යන දෙදින පුරා එම විද්‍යාලයේ අරුණලු පරිශ්‍රයේදී පවත්වන ලදි. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස මිහිර කර්තෘ මණ්ඩලයේ මාධ්‍යවේදිනී හර්ෂණී ගමගේ මහත්මිය හෙවත් හර්ෂි නැන්දා සහභාගි වූවා ය. සෙසු ආරාධිතයන් ලෙස කොළඹ කලාපයේ ප්‍රාථමික අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂතුමිය, නාලන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ විදුහල්පති,

කොළඹ යශෝදරා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය, සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය, ඩී.එස්. විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරුන්, නියෝජ්‍ය විදුහල්පතිනියන් සහ කොමර්ෂල් බැංකුවේ නියෝජිත මහත්මියක්, H.N.B බැංකුවේ නියෝජිත මහතෙක් සහ ඇට්ලස් ආයතනයේ අලෙවි කළමනාකාර මහතෙක් ද සහභාගි වූහ. ඩී. එස්. විදුහලේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා, නියෝජ්‍ය විදුහල්පතිනි (ප්‍රාථමික අංශය) ගයනි කුමාරි හෙට්ටිආරච්චි, ප්‍රාථමික අංශ ප්‍රධානී නිශාන්ත ගමගේ මහතාගේ මූලිකත්වයෙන් පවත්වන ලද මෙම සිතුවම් දැක්ම සංවිධානය සඳහා නිමේෂා සමරවික්‍රම, ජානකී විජේවර්ධන, ශ්‍යාමලී රණතුංග, ජයංගා කුලතුංග, ජිනාලි සෙනෙවිරත්න ඇතුළු චිත්‍ර ප්‍රදර්ශන කමිටුව, චිත්‍ර අංශයේ සියලු ගුරු මෑණිවරුන් සහ පියවරුන් ද ප්‍රාථමික අංශයේ ගුරුභවතුන් ද අගනා සහායක් ලබා දෙන ලදි.

01 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන ප්‍රාථමික අංශයේ පුතුන් විසින් අඳීන ලද සිතුවම් 1280ක් මෙහිදී ප්‍රදර්ශනය කරන ලදි. චිත්‍ර ඇ¼දීමට 1, 2 ශ්‍රේණි සඳහා මල්වත්තක අසිරිය, මුහුදු වෙරළේ සරුංගල් යවන යාළුවෝ, ගම්මානයක අසිරිය, සුන්දර උදෑසනක්, මගේ සුරතලා යන මාතෘකා ලබා දුන් අතර, 3,4, 5 ශ්‍රේණි සඳහා පෝය දිනක පන්සල් යන බැතිමතුන්, පෙරහරක්, ගොයම් කපන ගොවියෙක් සහ ගෙවිලියක්, වනාන්තරයේ දිය බොන්නට පැමිණි සතුන්, කතන්දර පොතක පිටකවරයක් යන මාතෘකා ලබා දෙන ලදි. චිත්‍ර විනිශ්චය කොට පුතුන්ට විශිෂ්ට සම්මාන සහ කුසලතා සම්මාන පිරි නමන ලද අතර, චිත්‍ර ඉදිරිපත් කළ සියලු දරුවන්ට ද සහතික පත් පිරිනමන ලදි. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ පාසලේ විශේෂ ඒකකයේ ඉගෙනුම ලබන පුතුන්ගේ චිත්‍ර ද මෙයට ඉදිරිපත් කිරීමයි.

ඡායාරූප – රංජිත් අසංක


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department