Home » Blog » අබිජට්ටා ෂල්ලා ජාතික වනෝද්‍යානය

අබිජට්ටා ෂල්ලා ජාතික වනෝද්‍යානය

by thanushika
0 comments

Abijatta – Shalla ජාතික වනෝද්‍යානය ඉතියෝපියාවේ ඇති වනෝද්‍යානයකි. මෙය පිහිටා ඇත්තේ ඔරෝමියා කලාපයේ සහ ඉතියෝපියාවේ උස්බිම් කලාපයේ ය. අඩිස් අබාබා සිට කිලෝමීටර් 200ක් දකුණින් සහ බටු- ෂෂාමනේ අධිවේගී මාර්ගයට නැඟෙනහිරින් මෙම වනෝද්‍යානය දක්නට ලැබේ. මෙම වනෝද්‍යානය අබිජට්ටා සහ ෂල්ලා විල් ඇතුළුව වර්ග කිලෝමීටර් 887ක් පමණ පුරා විහිදී තිබේ. Abijatta – Shalla ජාතික වනෝද්‍යානය මීටර් 1540 සිට 2075 දක්වා පරාසයක විහිදී ඇත. මෙහි උසම කඳු මුදුන වන්නේ විල් දෙක අතර පිහිටා ඇති ෆයික් කන්දයි. ඉතින් මේ සූදානම පුංචි දූලා පුතාලට Abijatta – Shalla ජාතික වනෝද්‍යානය පිළිබඳ තොරතුරු රැගෙන එන්නයි.

Abijatta – Shalla ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන ආකර්ෂණීය ස්ථාන හයක් පිහිටා තිබේ. එනම්, කුරුල්ලන් නැරැඹීම සහ ඡායාරූපකරණය කිරීම්, අබිජට්ටා විලෙහි ඊසානදිග කෙළවරේ උණු දිය උල්පත් සහ විල නැරැඹීම්, ෂල්ලාහි නිරිතදිග සහ නැඟෙනහිර වෙරළ තීරයේ උණු දිය උල්පත් නැරැඹීම, කඳු නැඟීම සහ ලැන්ගානෝ විල ඇතුළු විල් තුනක දර්ශනය නැරැඹීම, නිල්-කොළ ඇල්ගීවලින් වැසී තිබූ ෂල්ලා විලට දකුණින් දක්නට ලැබෙන කොළ ලවණ සහිත කුඩා විලක් වන චිතු විල නැරැඹීම සහ ෆයික් කන්ද නැරැඹීමට හැකි වීම එම ස්ථාන හයයි.

මෙම ජාතික වනෝද්‍යානයේ දේශගුණය සාමාන්‍යයෙන් වියළි වේ. මෙහි කුඩා වර්ෂා කාලය මාර්තු සිට අප්‍රේල් දක්වා වන අතර, ප්‍රධාන වැසි සමය ජූනි සිට සැප්තැම්බර් මාසය දක්වා ඇති වේ. Abjatta-Shalla ජාතික වනෝද්‍යානයේ අවම සහ උපරිම උෂ්ණත්ව පරාසය පිළිවෙළින් සෙල්සියස් අංශක 50 සිට සෙල්සියස් අංශක 450 අතර පවතී.

Abijatta – Shalla ජාතික වනෝද්‍යානය ක්‍ෂීරපායි සත්ත්ව විශේෂ 76කට නිවහන වේ. Gran’ts Gazelles  ( මුව විශේෂයක්), Bohor Reedbucks, Oribis (ඔරිබිස්) ,Common warthogs  (ඌරු පවුලේ සාමාජිකයෙකි), Greater Kudus, Caracals (වල් බළලෙකි), Honey Badgers,Colobus වඳුරන්, Aardvarks  (ඌරකුට සමාන සතෙකි) වැනි ක්ෂීරපායි සත්ත්වයෝ මෙම වනෝද්‍යානයේ ජීවත් වෙති. සිංහයන්, ජිරාෆ් සහ මී හරක් මෙහි බහුලව දක්නට ලැබුණ ද ඔවුන් දඩයම් කිරීම නිසා වඳ වීමේ තර්ජනයකට ලක්ව ඇත. ස්කොට්ගේ රෝම වවුලා, සුදු දත් ඇති Shrew,  ඉතියෝපියානු සුදු පාද ඇති මීයන් සහ එම ප්‍රදේශයට ආවේණික

ක්ෂීරපායි සතුන් මෙහි දක්නට ලැබේ. අප්‍රිකානු ස්පර්ඩ් කැස්බෑවා ආවේණික සත්ත්වයෙකි. මෙම වනෝද්‍යානයේ පක්ෂි විශේෂ 300ක් පමණ ජීවත් වෙති. ගිරවුන් , තාරාවන්, රාජාලියන්, බකමුණන්, පරවියන් සහ පැස්බරන් මෙම වනෝද්‍යානයේ දක්නට ලැබේ. ඉතියෝපියාවේ දක්නට ලැබෙන ආවේණික කුරුලු විශේෂ වන කහ ඉදිරිපස සහිත ගිරවාyellow-fronted parrot), Wattled ibis  කුරුල්ලා මෙහි වාසය කරති. කළු පියාපත් සහිත ලව්බර්ඩ් (Black-winged lovebird), white-winged cliff chat  සහ white-billed starling  යන කුරුල්ලන් ද මෙහි දක්නට ලැබේ.

යෝධ ඉරි සහිත Gnu, Oribi, Grant’s gazelle, Black-backed jackal, Guenther’s Dik dik, Golden jackal  සහ තිත් හයිනා (spotted hyena)  ඇතුළු ක්ෂීරපායි සත්ත්වයන්ගේ කුඩා කණ්ඩායම් පමණක් මෙම ජාතික වනෝද්‍යානයේ දක්නට ලැබේ. Grant’s gazelle  සහ පැස්බරන් කිහිප දෙනකු වනෝද්‍යානයේ ගේට්ටුව අසල වැටක් සහිත ආවරණයක ප්‍රදර්ශනය කරයි.

Abijatta-Shalla වනෝද්‍යානය කුරුල්ලන්ගේ ගමනාන්තයකි. මෙම වනෝද්‍යානයේ සංචාරය කිරීමට හොඳම කාලය වන්නේ ඔක්තෝබර් සිට පෙබරවාරි මාස ය. විශාල ෆ්ලැමින්ගෝ රංචු අබිජට්ටා විලෙහි රැස්වන කාලය මෙම මාස වේ. වර්ෂාපතනය අඩු මාස නිසා සංචාරය කිරීමට ඉතාමත් පහසු වේ.

චතුරි ලක්ෂිකා

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department