Home » Blog » 151 වැනි උසස් බාලදක්ෂ පාඨමාලාව නුවරඑළිය පීඩෲහිදී

151 වැනි උසස් බාලදක්ෂ පාඨමාලාව නුවරඑළිය පීඩෲහිදී

by thanushika
0 comments

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය සංවිධානය කළ 151 වැනි උසස් බාලදක්ෂ පාඨමාලාව නුවරඑළිය පීඩෲ බාලදක්ෂ පුහුණු මධ්‍යස්ථානයේදීපසු ගිය 02 වැනිදා සිට 08 වැනිදා දක්වා පැවැත්විණි.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා මහත්වරුන්ගේ උපදේශකත්වයෙන් පැවැත්වුණු මෙම පාඨමාලාවේ අධ්‍යක්ෂ ලෙස පුහුණු කිරීමේ නායක, සහය මූලස්ථාන කොමාසාරිස් ඉන්දික ප්‍රසන්න මහතා කටයුතු කළේ ය. පාඨමාලා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස ඒ. කේ. මහේන්ද්‍රන්, පාඨමාලා ලේකම්වරයා ලෙස මූලස්ථාන කොමසාරිස් ප්‍රසංජන රාජපක්ෂ මහත්වරු කටයුතු කළහ. දිවයින පුරා පිහිටි බාලදක්ෂ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් බාලදක්ෂ ආචාර්යවරුන්, ආචාර්යවරියන් රැසක් මෙම පාඨමාලාව සඳහා එක්ව සිටියහ.


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department