ආදරණීය දුවේ පුතේ, අපි මීට පෙර ලිපිවල ගගනගාමියා කියන්නෙ කවුද? ගගනගාමී ඇඳුමක කොටස් වගේ දේවල් කතා කරලා තිබේ. අද අපි බලමු අභ්‍යවකාශයේ සිටින ගගනගාමින් මුහුණ දෙන අපූරු අත්දැකීම් හා රසවත් කරුණු කිහිපයක්. ඉතින් දුවේ පුතේ, ඒ පිළිබඳ කියවලා ඔබේ දැනුම වැඩිකර ගන්නකෝ.
අභ්‍යවකාශ ඇඳුම් කට්ටලවල හිස්වැසුමේ කුඩා පානීය ජලය අඩංගු කොටසක් රඳවා තිබේ. ඒ, ගගනගාමීන්ට දිගු අභ්‍යවකාශ ඇවිදීම්වලදී ජලය පානය කිරීමටයි. අභ්‍යවකාශ ඇඳුම් ඇඳීමට පැය ගණනක් ගත වේ. අධික උෂ්ණත්වයෙන් සහ අභ්‍යවකාශ සුන්බුන්වලින් ගගනගාමීන් ආරක්ෂා කිරීමට නිර්මාණයකර ඇති මෙය ඇඳීම ඉතා සංකීර්ණ කාර්යයකි. ගගනගාමීන්ගේ උස අභ්‍යවකාශයේදී වැඩි වේ. එයට හේතුව ඔවුන්ගේ කොඳු ඇට පෙළේ පීඩනය අඩු වීමයි. සඳ මතදී ගගනගාමීන් අනුභව කරන ලද පළමු ආහාරය වූයේ ඇපලෝ 11 කාර්ය මණ්ඩලය රස විඳී බේකන්, සීනි කුකීස්, කෝපි සහ සිට්රස් පානයයි. ගගනගාමීන්ගේ රසය පිළිබඳ හැඟීම අභ්‍යවකාශයේදී වෙනස් වේ. ඔවුන්ට බොහෝ විට කුළුබඩු සහිත ආහාරවලට ආශා වීමේ හැඟීම් පහළ වේ. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදි (ධ්ඉඉ) ගගනගාමීන්ගේ දහදිය සහ මූත්‍රාවලින් ජලය ප්‍රතිචක්‍රීකරණය කරයි. ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණ බලයේ බලපෑමෙන් මාංශ පේශි සහ අස්ථි ක්ෂය වීම වැළැක්වීම සඳහා ගගනගාමීන්ට දිනකට පැය 2ක් පමණ ව්‍යායාම කිරීමට සිදු වේ.
අභ්‍යවකාශ ආහාර, පාවෙන අංශු උපකරණවලට හානි කිරීමට හේතු විය හැකි බැවින්, කැබලි නොවීමක් සිදු වන පරිදි නිර්මාණයකර තිබේ. අප මීට පෙර ලිපිවල කතා කළ යූරි ගගාරින් 1961 දී (වොස්ටොක් 1 අභ්‍යවකාශ යානයෙන්) අභ්‍යවකාශයට ගිය පළමු මිනිසායි. ගගනගාමීන්ගේ අස්ථිවල ඛනිජ ලවණ වේගයෙන් අහිමි වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අභ්‍යවකාශයේ සිටින සෑම මසකම 1% ප්‍රමාණයක් අස්ථි අහිමි වේ. ගගනගාමීන් “අභ්‍යවකාශයේදී රක්තහීනතාවට” ගොදුරු වේ. එයට හේතුව අභ්‍යවකාශයේදී ඔවුන්ගේ ශරීරයේ ඇති රතු රුධිර සෛල විනාශ වීමයි.
ධ්ඉඉ හි සිටින ගගනගාමීහු දිනකට හිරු උදාව සහ හිරු බැස යෑම් 16ක් දකිති. නීල් ආම්ස්ට්‍රෝං 1969 චන්ද්‍ර ගමනේදී ඔහු සමඟ රයිට් සොහොයුරන්ගේ ගුවන් යානයේ කොටසක් ද රැගෙන ගියේ ය. අභ්‍යවකාශ ඇඳුම පෘථිවියේදී රාත්තල් 300ක් පමණ බර වේ. එහෙත් ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණයේදී ගගනගාමීන්ට බර කිසිසේත් දැනෙන්නේ නැත. අප මීට පෙර ලිපිවල කතා කළ අභ්‍යවකාශයට ගිය ප්‍රථම සත්ත්වයා 1957දී සෝවියට් අභ්‍යවකාශ යානයක අභ්‍යවකාශයට ගිය ලයිකා නම් බැල්ලයි. අභ්‍යවකාශයේදී අඬන විට පෘථිවියේ මෙන් කඳුළු වැටෙන්නේ නැත. ඒවාට කුඩා ජල බින්දු ලෙස ඉවත් නොවී ඒ ඔස්සේම රැ¼දී සිටීමේ හැකියාව තිබේ.
ගගනගාමීන් නිදාගන්නේ ඔවුන්ගේ පාවීම වැළැක්වීම සඳහා බිත්තියකට සවිකර ඇති නිදන මලුවලයි. ගගනගාමීන්ට විශේෂ දත් බුරුසු සහ දන්තාලේප තිබේ. ඔවුන්ට දන්තාලේප ගිල දැමීම හෝ පිරිසුදු කැඩපතකට හෙළීමට හැකි ලෙස නිමවා තිබේ. අභ්‍යවකාශයේ රෙදි සෝදන ස්ථානයක් නොමැත. අපිරිසුදු ඇඳුම් බෑග්වල අසුරා, පෘථිවි වායුගෝලයේ දැවී යෑම සඳහා ඉවත්කර තිබේ. ගගනගාමීන් අභ්‍යවකාශයේ ස්නානය කරන්නේ නෑ. ඔවුන් පිරිසුදුවීම සඳහා පිසදැමීම් පමණක් සිදු කරනවා. අභ්‍යවකාශයට ගිය පළමු අමෙරිකානු කාන්තාව ඉචතතර අඪඤඥ යි.
අභ්‍යවකාශයේදී ගගනගාමීන්ට “අභ්‍යවකාශ උණ” රෝගය සෑදෙයි. එහිදී ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා තරමක් වැඩි වෙයි. අභ්‍යවකාශගාමීන්ට සහ ගගනගාමීන්ට රේසර්වලින් රැවුල බෑමට හැකියාව නැත.
රුසියානු භාෂාව අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ භාවිත කළ නිල භාෂාවක් වන නිසා ගගනගාමීන් ධ්ඉඉ වෙත යෑමේදී නම් රුසියානු භාෂාව ඉගෙන ගැනීමට අවශ්‍ය වේ. අභ්‍යවකාශයේ ඉහළ හෝ පහළ කියා කිසිවක් නැත. එබැවින්, ගගනගාමීන්ගේ උපකරණ බිත්ති හා ඉහළ වහල කොටසේ සාදා තිබෙයි.
ඇපලෝ ගගනගාමීන් කොඩි, මෙවලම් සහ ඵලකයන් ඇතුළුව අයිතම 100කට වඩා සඳ මත තබා තිබේ. අභ්‍යවකාශයේ ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණ පරිසරයට අනුවර්තනය වීම සඳහා ගගනගාමීහු පෘථිවියේ දිය යට පුහුණුවක් ලබති. ගගනගාමීන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අභ්‍යවකාශයේදී දුර්වල වේ. ඔවුන් ආසාදනවලට ගොදුරු වීමේ අවදානම වැඩි වේ. අභ්‍යවකාශ ගමනේදී, ගගනගාමීන්ට සමහර විට අත්වැසුම්වලින් ලැබෙන පීඩනය නිසා ඔවුන්ගේ නියපොතු අහිමි වේ. ලෝකයේ මොනතරම් අභ්‍යවකාශ ආයතන තිබුණත්, මේ සියල්ල අභ්‍යවකාශයට යන සෑම ගගනගාමියකුටම පොදු වන කරුණු ය.
රුසින් තත්සර
මොරටුව විශ්වවිද්‍යාලය