මීට වසර 83 කට පෙර 1941 ජනවාරි 8 වැනි දින බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිවරයා අප්‍රිකාවේ කෙන්යාවේදී මිය ගියේ ය. ඔහුගේ අවසන් පණිවිඩය අද තරුණ තරුණියන්ට බොහෝ සෙයින් අදාළ වේ. එහි සරල අර්ථය ලෙස,
සන්තෝෂය පැමිණෙන්නේ ධනවත් වීමෙන් නොවේ, හුදෙක් ඔබේ වෘත්තීය ජීවිතය සාර්ථක වීමෙන් හෝ ස්වයං තෘප්තිමත් බවෙනි. සතුට සඳහා එක් පියවරක් වන්නේ ඔබ තරුණයකු වන විට ඔබ නිරෝගීව හා ශක්තිමත්ව සිටීමයි. එවිට ඔබට ප්‍රයෝජනවත් විය හැකි අතර, ඔබ හැඩිදැඩි පිරිමියකු වූ විට ජීවිතය සතුටින් ගත කළ හැකි ය.
ස්වභාවධර්මය අධ්‍යයනයෙන් ඔබට පෙන්වන්නේ විශ්වයේ ඔබට භුක්ති විඳීමට කෙතරම් සුන්දර හා පුදුමාකාර දේවලින් පිරී තිබේද යන්නයි. ලද දෙයින් සෑහීමට පත් වී එයින් උපරිම ප්‍රයෝජන ගන්න. අඳුරු පැත්ත වෙනුවට සෑම දෙයකම දීප්තිමත් පැත්ත දෙස බලන්න.
එහෙත් සන්තෝෂය ලබා ගැනීමට සැබෑ මාර්ගය වන්නේ අන් අයට සතුට ලබාදීමයි. ඔබ සොයාගත් දේට වඩා ටිකක් හොඳීන් මේ ලෝකයෙන් පිටව යෑමට උත්සාහ කරන්න.
මෙලොවින් සමුගැනීමට ඔබේ වාරය පැමිණෙන විට ඔබ ඔබේ කාලය නාස්තිකර නැති වුවත් ඔබේ උපරිමය කළා යැයි හැඟී සතුටින් මිය යා හැකි ය.
සතුටින් ජීවත් වීමට සහ සතුටින් මිය යෑමට මේ ආකාරයෙන් ‘සූදානම් වන්න’
ඔබේ බාලදක්ෂ පොරොන්දුව සැමවිටම පිළිපදින්න – ඔබේ තාරුණ්‍යය ඉක්මවමින් වැඩිහිටියකු ලෙස පරිණත වීමේදී වුව ද එය කිරීමට විශ්වය ඔබට උපකාර කරයි.
ධර්මලාල් ගුණවර්ධන
බාලදක්ෂ ආචාර්ය
නාලන්දා විද්‍යාලය
කොළඹ