Home » Blog » Potala Palace

Potala Palace

(පොටාල මාලිගය)

by thanushika
0 comments

Potala මාලිගය යනු චීනයේ ටිබෙට් ස්වයං පාලන ප්‍රදේශයේ අගනුවර වන ලාසාහි පිහිටි Dzong  බළකොටුවකි. මෙය වර්ෂ 1649 සිට වර්ෂ 1959 දක්වා දලයි ලාමාවරුන්ගේ ශීත මාලිගය ද විය. එයින් පසු මෙම මාලිගාව කෞතුකාගාරයක් වූ අතර, වර්ෂ 1994 සිට ලෝක උරුම අඩවියක් බවට පත්කර ඇත. මෙම මාලිගය නම්කර ඇත්තේ අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ගේ මිථ්‍යා වාසස්ථාන වන පොටාලක කන්ද අනුව ය.

5 වැනි දලයි ලාමා වර්ෂ 1645දී මෙම මාලිගාවේ වැඩකටයුතු ආරම්භකර ඇත.ඔහුගේ ආධ්‍යාත්මික උපදේශකයකු වන කොන්චොග් චොෆෙල් වර්ෂ 1646දී මිය ගොස් තිබේ. ඉතින් මේ සූදානම පුංචි දූලා පුතාලට Potala  මාලිගාව පිළිබඳ තොරතුරු රැගෙන එන්නයි.

Potala මාලිගාව නැඟෙනහිර සිට බටහිරට මීටර් 400ක් පමණ හා උතුරේ සිට දකුණට මීටර් 350ක් පමණ දිගකින් යුක්ත ය. බෑවුම් සහිත ගල් බිත්ති මීටර් 3ක් පමණ ඝනකමකින් සහ පාදමේ සිට මීටර් 5ක් පමණ ඝනකමකින් යුක්ත වේ. භූමිකම්පාවලින් මෙම ගොඩනැඟිල්ල බේරා ගැනීම සඳහා අත්තිවාරමටම තඹ වත්කරන ලදි. Potala මාලිගය පිහිටා ඇති ස්ථානය රතු කඳුකරයේ සොන්ග්ටිසන් ගම්පෝ විසින් ඉදිකරන ලද මාලිගාවක් මත ඉදිකර ඇත. මෙම මාලිගයේ දේවස්ථාන දෙකක් වයඹ කෙළවරේ පිහිටා තිබේ. එනම් Phakpa Lhakhang සහ Chogyel Drupuk  වේ.

සොන්ග්ට්සන් ගම්පෝගේ භාවනා ගුහාව ලෙස හඳුනාගෙන ඇති මෙය අවපාත ගුහාවකි. පස්වැනි දලයි ලාමා,ලොසාං ගයට්සෝ ඔහුගේ ආධ්‍යාත්මික උපදේශකයකු වන කොන්චොග් චොෆෙල් වර්ෂ 1645 දී නවීන Potala මාලිගාව ඉදිකිරීම ආරම්භකර ඇත. මෙහි බාහිර ව්‍යුහය වසර 3කින් ඉදිකරන ලද අතර, ගෘහ භාණ්ඩ සමඟ අභ්‍යන්තරය ඉදිකිරීමට වසර 45ක් පමණ ගත වී තිබේ. දලයි ලාමා සහ ඔහුගේ රජය වර්ෂ 1649දී පොට්‍රැන්ග් කාර්පෝ (‘සුදු මාලිගාව’) වෙත පදිංචියට ගියේ ය. එදා සිට දලයි ලාමා විසින් ශීත ඍතු මාලිගාවක් ලෙස නධබචතච මාලිගය භාවිත කරන ලදි.

නව මාලිගාවට නම තබා ඇත්තේ ඉන්දියාවේ දකුණු කෙළවරේ කේප් කොමොරින් කඳුකරයේ නම ඇසුරෙනි. ටිබෙට් ජාතිකයන් විසින් “පොටාල” පූජනීය ස්ථානයක් ලෙස කලාතුරකින් හඳුන්වයි. බොහෝ විට “පීක් පොතාලා” ( ට්සේ පොතාලා ) කඳු මුදුන ලෙස මෙය හඳුන්වයි.

මෙම මාලිගාවේ අලංකාර ගෘහ නිර්මාණ ශිල්ප දක්නට ලැබේ. දෙවැනි ටිබෙට් මාසයේ 30 වැනි දින සර්ට්‍රෙන්ග් උත්සවයේදී තාරා සහ ශාක්‍යමුණිගේ රූප නියෝජනය කරන දැවැන්ත සිතුවම් දෙකක් ඔසවා තැබීමට මාලිගාවේ දකුණු පැත්තේ පහළ සුදු ඉදිරිපස භාවිත කරන ලදි. මෙය 1994දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන ලදි.

මෙම මාලිගය අමෙරිකානු රූපවාහිනි වැඩසටහනක් වන Good Morning America සහ USA Today පුවත්පත් විසින් නව පුදුම හතෙන් එකක් ලෙස ද නම් කරන ලදි.

චතුරි ලක්ෂිකා

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department