ආකේලා
පෝතක බාලදක්ෂයකුට තමන්ගේ ජීවිතයේ මුල් පාඩම කියා දෙන තම මවට සමානව සිටින්නේ තමන්ගේ ‘‘ ආකේලා‘‘ය.පෝතක බාලදක්ෂයාගේ ඉදිරි ගමන් මඟ පෙන්වීමේ ප්‍රධාන භූමිකාව වන්නේ ඇයයි. ආකේලා යනු ප්‍රඥාවේ හා නායකත්වයේ ප්‍රතිමූර්තියයි.රඩ්යාඩ් කිප්ලිංගේ the jungle book හි එන පරිදි රැලක ප්‍රඥාවන්තම චරිතය ආකේලාය.ඇයගේ බලාපොරොත්තුව තම පෝතකයාගේ ඉදිරි ජීවිතය යහපත් , ගුණගරුක හා වැඩදායක පුද්ගලයකු වනු දැකීමයි. පෝතක බාලදක්ෂයාගේ බලාපොරොත්තුව තමන් හට නිසි මඟ පෙන්වීම සිදුවන්නේ ඇයගෙන් බවයි.
ධර්මලාල් ගුණවර්ධන
බාලදක්ෂ ආචාර්ය
නාලන්දා විද්‍යාලය
කොළඹ
මතුගම ආනන්ද ශාස්ත්රාලයීය පෝතකයන් 52 දෙදෙනෙක් සාමාජික පදක්කම් ලබති
මතුගම ආනන්ද ශාස්ත්රාලයීය පෝතකයන්ට සාමාජික පදක්කම් පැලඳවීම විද්‍යාලයීය විදුහල්පති රන්දුන් ජයලත්, ප්‍රාථමික අංශයේ විදුහල්පති නයනප්රිය විතාන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.
පෝතක බාලදක්ෂ ආචාර්ය ඔෂිනි රණවීර, පෝතක බාලදක්ෂ ආචාර්ය තරුෂි ජයසිංහ මෙණෙවියන්ගේ සහ දිස්ත්‍රික් බාලදක්ෂ ආචාර්ය සජීව විජේසුන්දර මහතාගේ මඟපෙන්වීම යටතේ මෙය සංවිධානයකර තිබුණු අතර, පෝතකයන් 52ට මෙහිදී පදක්කම් පැලඳීණි.
පෝතක බාලදක්ෂයන් ලෙස බාලදක්ෂ ලොවට එක්වුණු සියලුම පෝතක බාලදක්ෂ දරු දැරියන්ට කළුතර දිසා බාලදක්ෂ ශාඛාවේ උණුසුම් සුබ පැතුම්.
මීගහතැන්න පෝතකයන්ට සාමාජික පදක්කම
කළුතර, මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ පෝතක බාලදක්ෂයන්හට සාමාජික පදක්කම් පැලඳවීම එම විදුහල්පති අමිල ශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී පෝතක බාලදක්ෂ බාලක බාලිකාවන් 33 දෙනෙක් හට පලක්කම් පැලඳවීම සිදුවුණු අතර, මෙය ආකේලා ඩී. එම්. සී. එන්. එල්. දිසානායක මහත්මිය සංවිධානයකර තිබිණි.
සිඟිති බාලදක්ෂ නායිකා ඩබ්ලිව්. ඒ. එස්. කුමුදිනී, සිඟිති බාලදක්ෂ ආචාර්ය එස්.ඒ. නදීෂා, සිඟිති බාලදක්ෂ ආචාර්ය ජී.ඩී.ද සිල්වා, සිඟිති බාලදක්ෂ ආචාර්ය ඩී.එස්. ඒ.එම්. ගුණවර්ධන යන මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.
කෑගලු දිස්ත්‍රික් යොවුන් සමුළුව සාර්ථකව අවසන් වේ
කෑගල්ල දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය අඛණ්ඩව තුන් වැනි වරටත් සංවිධානය කළ කෑගලු දිස්ත්‍රික් යොවුන් සමුළුව කෑගල්ල, මාවනැල්ල වෑගන්තලේ මහා විද්‍යාලයේදී පසුගියදා පැවැත්විණි.
දිසා කොමසාරිස් ප්‍රසාද් වල්පොළ මහතාගේ මූලිකත්වයෙන්, සහය දිසා කොමසාරිස්(පරිපාලන) රවින්දි උත්පල මහතා විසින් යොවුන් සමුළුව සංවිධානය කරන ලදි.
කෑගල්ල දිසාවේ සහය දිසා කොමසාරිස්වරුන්ගේ දිස්ත්‍රික් බාලදක්ෂ ආචාර්යවරුන්ගේ හා බාලදක්ෂ ආචාර්යවරුන්ගේ සහභාගිත්වයෙන් යෞවන සමුළුව පවත්වන ලදි.
නුවන් කොඩිකාර