Home » Blog » තරු විදු නෙත ලියන රුසින් තත්සර “තරුණ තාරකා විද්‍යා ලේඛක” ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි

තරු විදු නෙත ලියන රුසින් තත්සර “තරුණ තාරකා විද්‍යා ලේඛක” ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි

by thanushika
0 comments

මොරටුව විශ්වවිද්‍යාලයේ ගොඩනැඟිලි ආර්ථික දෙපාර්තමේන්තුවේ තෙවැනි වසරේ සිසුවකු වන රුසින් තත්සර පසුගියදා “තරුණ තාරකා විද්‍යා ලේඛක” ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවේය. දකුණු ආසියාවේ අභ්‍යවකාශ ගොඩනැඟීම් සම්බන්ධ පළමු ග්‍රන්ථය රචනා කිරීම, තාරකා විද්‍යා සහ විද්‍යාත්මක පුවත්පත් ලිපි සියයකට අධික සංඛ්‍යාවක් රචනා කිරීම, ශ්‍රී ලංකාවේ පළමු අතත්‍ය සංකල්පිත අභ්‍යවකාශ නගරය වන විමාන ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ පළමු හින්දු තාරකා විද්‍යා ග්‍රන්ථය රචනා කිරීම නිමිති කොටගෙන ශ්‍රී ලංකා ජනරජයේ රාජකීය පදනමෙන් මෙම සම්මානය පිරිනමන ලදි. කීර්තිමත් තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතාගේ මඟපෙන්වීම යටතේ සිය තාරකා විද්‍යා ලේඛන කලාව ප්‍රගුණ කළ රුසින් තත්සර ග්‍රන්ථකරණයට ප්‍රවිෂ්ට වූයේ ‘කමල් සර්ගෙන් ඔක්සිජන්’ නමැති වාර්තාගත ග්‍රන්ථය හරහා ය. මෙම සම්මානයට විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු පාත්‍ර වූ පළමු අවස්ථාව ද මෙය වේ.


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department