Home » Blog »  “ගම්පහ දිස්ත්‍රික් පෝතක රන් දහර” යක්කල ශ්‍රී චන්ද්‍රජෝති විද්‍යාලයේදී

 “ගම්පහ දිස්ත්‍රික් පෝතක රන් දහර” යක්කල ශ්‍රී චන්ද්‍රජෝති විද්‍යාලයේදී

by thanushika
0 comments

ගම්පහ දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය සංවිධානය කළ “ගම්පහ දිස්ත්‍රික් පෝතක රන් දහර” වැඩසටහන යක්කල ශ්‍රී චන්ද්‍රජෝති විද්‍යාලයේදී පසුගියදා පැවැත්විණි. ගම්පහ බාලදක්ෂ දිස්ත්‍රික් විධායක සභාවේ භාණ්ඩාගාරික සිසිරු කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් හා යක්කල ශ්‍රී චන්ද්‍රජෝති මහා විද්‍යාලයේ විදුහල්පති අනුරාධ දයාරත්න මහතා ඇතුළු දිස්ත්‍රික් නිලධාරී මණ්ඩලයේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන දවස පුරා පැවැත්විණි. දිසා කොමසාරිස් ජනක සුගත් පෙරේරා මහතාගේ මඟපෙන්වීම යටතේ සහාය දිසා කොමසාරිස් (පෝතක) අමල්කා කිණිගම මහත්මිය මෙම වැඩසටහන සංවිධානයකර තිබිණි. පෝතක බාලදක්ෂ බාලක බාලිකාවන් හාරසීයකට අධික සංඛ්‍යාවක් මෙයට සහභාගි වී සිටියහ.

විධායක සභාවේ ගණන් පරීක්ෂක කපිල කුමාර, ජ්‍යෙෂ්ඨ පුහුණු කිරීමේ නායිකා ලක්ෂ්මි කුමාරගම, හිටපු සහය දිසා කොමසාරිස් පෝතක දුෂ්මන්ත රාජපක්ෂ යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නුවන් කොඩිකාර


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department