Home » Blog » විවිධ රටවල ජාතික සත්ත්වයෝ

විවිධ රටවල ජාතික සත්ත්වයෝ

by thanushika
0 comments

ආදරණීය දුවේ පුතේ, විවිධ රටවලට ආවේණික වූ ජාතික සත්ත්වයන් මේ වන විට නම්කර තිබේ. මේ සතුන් පිළිබඳ දැන ගැනීමට පුංචි ඔබත් කැමැති ඇති. ඉතින් දුවේ පුතේ, අද පුංචි ඔබට කියන්නට සූදානම් වන්නේ එවැනි සතුන් පිළිබඳ තොරතුරුයි. ඔවුන්ගේ ශරීර ප්‍රමාණ, පැහැය, දක්ෂතා පිළිබඳ මෙයින් කීමට බලාපොරොත්තු වෙමු. ඔබත් මේ තොරතුරු කියවලා බලන්නකෝ. ඔබටත් බොහෝ දේ ඉගෙන ගැනීමට හැකි වේවි.

දකුණු අප්‍රිකාව – ස්පි‍්‍රින්බොක් මුවා

( Springbok)

ස්ප්‍රින්බොක් මුවා දකුණු අප්‍රිකාවේ ජාතික සත්ත්වයා ය. මොවුන්ගේ සාමාන්‍ය වැඩුණු මුවකුගේ බර 27  kgත් 42  kgත් අතර වේ. මොවුන්ගේ අං වල දිග 35 cm – 50cmක් පමණ වන අතර, ඒවා පසුපසට නැමී ඇත. මොවුන්ගේ මුහුණ සුදු පැහැවන අතර, තද ඉරි ඇසෙහි සිට මුඛය දක්වා දැකිය හැකි ය. මොවුන්ගේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 88ක් පමණ වේ.

පාකිස්තානය – මාකර්

( Markhor)

මාකර් පාකිස්ථානයේ ජාතික සත්ත්වයා ය. මොවුන්ගේ සාමාන්‍ය වැඩුණු සතකුගේ බර 32  kg -110 kgක් දක්වා වේ. පාකිස්ථානය, ඇෆ්ඝනිස්ථානය, හිමාලය ආදී ප්‍රදේශවල මොවුන් බොහෝ ලෙස දැකිය හැකි ය. 2015 වර්ෂයේදී මොවුන් වඳ වී යන සත්ත්වයකු ලෙස රතු දත්ත පොතට ඇතුළත් වී ඇත. මොවුන්ගේ අං සර්පයකුගේ ආකාරයට නැමී ඇති නිසා අතීත මුතුන්මිත්තන්ට සර්පයන් හා සම්බන්ධ වී කටයුතු කිරීමට එම අං මඟපෙන්වීමක් වූ බවට ද විශ්වාසයක් ඇත.

රුමේනියාව – කැලෑ බළලා

( Eurasian lynx )

කැලෑ බළලා රුමේනියාවේ ජාතික සත්ත්වයා ය. මොවුන් බොහෝ විට ටිබෙට් සානුව හිමාලය කඳු වැටිය ආශ්‍රිතව දැකිය හැකි ය. සාමාන්‍යයෙන් වැඩුණු පිරිමි සතකුගේ බර 18  kg – 30  kgක් සහ ගැහැනු සතකුගේ බර 8  kg – 21  kgක් පමණ වේ. මෙවැනි සතකුගේ වලිගයේ දිග 11 cm – 24.5 cmක් පමණ වේ. මොවුන්ගේ ශරීරයේ කළු පැහැති තිත් සහ තද දුඹුරු පැහැති ඉරි දැකිය හැකි ය.

පැපුවා නිව්ගිනියා – ඩුගෝන් තල්මසා

( Dugong )

ඩුගෝන් තල්මසා පැපුවා නිව්ගිනියාවේ ජාතික සත්ත්වයා ය. මොවුන් බොහෝ ලෙස මිරිදියේ ජීවත් වන අතර, මොවුන්ගේ මව්රට වනුයේ ඔස්ට්‍රේලියාවයි. එහෙත් ඔවුන් ඔස්ට්‍රේලියාව හා ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල දැකගත හැකි ය. ඩුගෝන් තල්මසා යනු ක්ෂීරපායී සතෙකි. මොවුන්ට ඩොල්ෆින් මත්ස්‍යයාගේ වලිගය හා සමාන වලිගයක් ඇත. මොවුන්ට ආවේණික වූ හිස් කබලක් හා දත් පිහිටා ඇත. මොවුන්ගේ ශරීරය මත ඇල්ගී වර්ධනය වීම නිසා මොවුන්ගේ ශරීර වර්ණය වෙනස් වේ.

රුසියාව – යුරේසියානු දුඹුරු වලහා

( Eurasian Brown Bear )

යුරේසියානු වලහා රුසියාවේ ජාතික සත්ත්වයා ය. මොවුන් බොහෝ විට උතුරු අමෙරිකාව, දකුණු අමෙරිකාව හා යුරේසියා යන ප්‍රදේශවල දැකගත හැකි ය. මොවුන් බොහෝ විට ශාක භක්ෂක වන අතර සර්ව භක්ෂක යුරේසියානු වලසුන් ද දැකගත හැකි ය. දිවීමට, පිහිනීමට හා ගස් නැඟීමට විශේෂ දක්ෂතා ඇත. මොවුන්ගේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 48ක් පමණ වේ.

පිලිපීනය – කැරබෝ ගවයා

( Carabao )

කැරබෝ ගවයා පිලිපීනයේ ජාතික සත්ත්වයා ය. මොවුන් උතුරු අමෙරිකානු හා දකුණු අමෙරිකානු රටවල දැකිය හැකි ය. මොවුන්ගේ උපතේදී වර්ණය අළු පැහැති වන අතර, පසුව කළු පැහැය දක්වා පරිවර්තනය වේ. පිරිමි ගවයකුගේ උස 129 cm – 133 cmක් වන අතර, වැඩුණු එළදෙනකගේ උස 120 cm- 127 cm ක් පමණ වේ. මොවුන්ගේ වලිගය කොට ය.

ශාන්ත කයිට් සහ නෙවිස් – වර්වෙට් වඳුරා

( Vervet monkey )

වර්වෙට් වඳුරා ශාන්ත කයිට් සහ නෙවිස්වල ජාතික සත්ත්වයා ය. මොවුන් ශාක භක්ෂක සත්ත්ව විශේෂයකි. මොවුන්ගේ මුහුණ කළු පැහැති වන අතර, ශරීරයේ අළු පැහැති ලොම් දැකගත හැකි ය. පිරිමි සතකුගේ ශරීරයේ දිග 50 cmක් පමණ වන අතර, ගැහැනු සතකුගේ ශරීරයේ දිග 40 cmක් පමණ වේ. පිරිමි සතකුගේ ශරීරයේ බර 3.9  kg – 8  kgක් පමණ වන අතර, ගැහැනු සතකුගේ ශරීරයේ බර 3.4  kg – 5.3  kgක් පමණ වේ.

සීෂෙල්ස් – ඉරි ඩොල්ෆින්

(Indian Oceanic Striped Dolphin )

ඉරි ඩොල්ෆින් සීෂෙල්ස් හි ජාතික සත්ත්වයා ය. මොවුන් ලෝකයේ සියලුම මුහුදුවල උෂ්ණත්වය තරමක් වැඩි ස්ථානවල දැකගත හැකි ය. මොවුන් අනෙකුත් ඩොල්ෆින් සත්ත්වයන්ගේ ප්‍රමාණයටම සමාන ය. මොවුන්ගේ කන ආසන්නයෙන් ඉරි දෙකක් දැකගත හැකි ය. එම ඉරි දෙකෙන් එක ඉරක් ප්‍රමාණයෙන් දිග වන අතර, අනෙක් ඉර ප්‍රමාණයෙන් කොට ය. මොවුන්ගේ උපතේදී බර 10  kgක් පමණ වන අතර, දිග අඩි තුනක් පමණ වේ. පසුව ඔවුන්ගේ බර 150  kg – 160  kgක් පමණ දක්වා වර්ධනය වේ.

නේපාලය – ගවයා

(Cow)

ගවයා යනු නේපාලයේ ජාතික සත්ත්වයා ය. ගවයා ශාක භක්ෂක සත්ත්වයෙකි. කිරි ලබා ගැනීම ප්‍රමුඛ වේ. වැඩුණු ගවයකුගේ බර ප්‍රමාණය 510  kgක් පමණ වේ. මොවුන් බොහෝවිට ආසියාතික රටවල සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල ද දැකගත හැකි ය. මොවුන්ගේ ජීවන කාලය අවුරුදු 25ත් – 30ත් අතර වේ.

සයිබීරියාව – සයිබීරියානු ව්‍යාඝ්‍රයා

(Siberian Tiger)

ව්‍යාඝ්‍රයා යනු සර්බියාවේ ජාතික සත්ත්වයා ය. මොවුන් රුසියාවේ ඈත පෙරදිග ප්‍රදේශවල හා ඊසාන දිග චීනයේ දැකගත හැකි ය. ව්‍යාඝ්‍රයා යනු මාංශ භක්ෂක සත්ත්වයෙකි. ඔවුහු මුවන්, ගෝනුන්, කැලෑ ඌරන්, ලින්ක්ස් සහ වලසුන් දඩයම් කරගෙන ආහාරයට ගනිති. රතු හෝ කහ පැහැයට හුරු සමෙහි කළු පැහැති පටු ඉරි තිබේ. සාමාන්‍යයෙන් වැඩුණු පිරිමි ව්‍යාඝ්‍රයකුගේ බර කිලෝග්‍රෑම් 423ක් පමණ වේ.


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department