චෙස් ක්‍රීඩාවෙන් මනසේ ඇති පීඩාවන් නැති කරයි. එම නිසාම අධ්‍යාපනය ලැබීමේදී එයින් ලැබෙන අධික වෙහෙස නිවා දැමීමට චෙස් හොඳ ක්‍රීඩාවක් වේ. මේ නිසා වර්තමානයේ දරුවන් කුමන හෝ ක්‍රීඩාවකට යොමු කිරීම ඉතා වැදගත් වේ. මේ අයුරින් චෙස් ක්‍රීඩාවට යොමු වී ජයග්‍රහණ රැසක් හිමි කරගත් දියණියක් පිළිබඳයි මේ කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි ඇගේ කතාව අසමු. කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන 12 හැවිදිරි දේවින්ද්‍යා ඔෂිනි ගුණවර්ධන ලංකාවේ මෙතෙක් බිහි වූ ළාබාලතම කාන්තා චෙස් ක්‍රීඩා ඉන්ටර්නැෂනල් මාස්ටර් බවට පත්වීම විශේෂ සිදුවීමකි. මෙම ජාත්‍යන්තර මාස්ටර් තනතුර ඇයට නිල වශයෙන් පිරිනමා තිබෙන්නේ ලෝක චෙස් සම්මේලනය (ධ්ජ්ධ්ච්ඡ්) විසිනි. මෙම තනතුර පිරිනැමීමෙන් පසුව ඒ පිළිබඳ ඇයගෙන් අප විමසීමක් කළේ අපගේ උණුසුම් සුබ පැතුම් ද පිරිනමමින් ය. මේ වනවිට ඇය පිලිපීනයේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ චෙස් තරගාවලියට සහභාගි වෙමින් සිටින්නී ය.
මට මේ තනතුර හිමිවුණේ ජාත්‍යන්තරව පැවැත්වූ චෙස් තරගවලින් ලැබුණු ලකුණු සලකා බැලීමෙන් අනතුරුවයි. මේ තෝරා ගැනීම සිදු කරන්නේ ලෝක චෙස් සම්මේලනය විසිනුයි. චෙස් ක්‍රීඩාවේ ජාත්‍යන්තර ශ්‍රේණිගත ලකුණු 2000 පසුකිරීම සහ අන්තර් ජාතික චෙස් තරගවලදී ඉලක්කගත ලකුණුවල සාරාංශයක් සලකා බැලීමෙන් අනතුරුව තමයි මේ තනතුර පිරිනමන්නේ. මට මේ තනතුර පිරිනැමීමත් සමඟ දැනට ලංකාවටම සිටින ඉන්ටර්නැෂනල් මාස්ටර්වරියන් තිදෙනා අතරට මගේ නමත් ඇතුළත් වෙනවා. එහෙත් මම තමයි ලංකාවේ සිටින ළාබාලතම ක්‍රීඩිකාව. අපේ රටේ මුල්ම ඉන්ටර්නැෂනල් මාස්ටර් බවට පත් වුණේ රොමේෂ් වීරවර්ධන මහතා. එයින් පසුව හර්ෂණ තිලකරත්න, සුසාල් ලොකුගේ සහ රනිඳු දිල්ෂාන් ලියනගේ පත් වුණා. දැනට ලංකාවේ ළාබාලතම ඉන්ටර්නැෂනල් මාස්ටර් වුණේ දහඅට හැවිරිදි සුසාල් ලොකුගේ ය. ඔහු මාස්ටර් බවට පත් වුණේ වයස අවුරුදු 14දියි.”
” මම මුල්ම ජාත්‍යන්තර තරගයක් ජයග්‍රහණය කළේ පසුගිය වසරේදී. ඒ වසරේදී මම ජයග්‍රහණ දෙකක් ලැබුවා. ඒ ජයග්‍රහණ දෙක අතරින් විශේෂම තරගය තමයි ලෝක යොවුන් ශුරතා තරගාවලිය. ඒ තරගය සඳහා රටවල් 84ක් සහභාගි වුණා. මම අවුරුදු 12න් පහළ තරගයෙන් ශූරතාව දිනා ගත්තා. එයින් පසුව පැවැත්වුණු තරගය තමයි ආසියානු යොවුන් චෙස් ශූරතාවලිය. ඒ තරගය පැවැත්වුණේ ඩුබායිවල. මම ඒ තරගයට සහභාගි වුණේ අවුරුදු 20න් පහළ තරගකාරියක් ලෙසයි. ඒ තරගයට සහභාගි වුණේ මට වඩා වයසින් වැඩි තරගකාරියන්. එහෙත් මම ඒ තරගයෙන් දෙවැනි ස්ථානය හිමිකර ගත්තා.”
”මේ තරග දෙකට අමතරව මම 2021 සහ 2022 දී ආසියානු යොවුන් චෙස් තරගයටත් සහභාගි වුණා. මම ඒ තරගයට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය තරගයටත් සහභාගී වී ජයග්‍රහණ රැසක්ම හිමිකර ගත්තා. ඒ වගේම මේ වසරේදී මට තවත් විශේෂිත සම්මානයක් හිමි වුණා. ඒ තමයි The Girls player of the year කියන සම්මානය. මේ සම්මානය පිරිනැමුවේ ආසියානු චෙස් පදනමෙන්.”
ඇයට ඇගේ අරමුණ
වෙත යෑමට භාග්‍යය උදා වේවා යැයි අපි මිහිර වෙතින් සුබ පතමු.
දුමින්ද කාරියවසම්