Home » Blog » හෙල්ල විසිකිරීමේ සමස්ත ලංකා තරගයෙන් රන් පදක්කම සියඹලාණ්ඩුව ජාතික පාසලට

හෙල්ල විසිකිරීමේ සමස්ත ලංකා තරගයෙන් රන් පදක්කම සියඹලාණ්ඩුව ජාතික පාසලට

by thanushika
0 comment

මොනරාගල අධ්‍යාපන කලාපයේ සියඹලාණ්ඩුව ජාතික පාසලේ නිහාරා ඉමල්ෂි 2024 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේදී 16න් පහළ හෙල්ල විසිකිරීමේ තරගයෙන් ප්‍රථම ස්ථානය ලබා රන්පදක්කම හිමිකරගෙන ඇත. මෙම තරගය කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී පසුගිය දා පැවැත්විණි. මොනරාගල දිස්ත්‍රික්කයේ අති දුෂ්කර පාසලක් වන සියඹලාණ්ඩුව ජාතික පාසල මෙවැනි ජයග්‍රහණයක් ලැබූ ප්‍රථම අවස්ථාව මෙයයි. විදුහල්පති ජේ.ඒ. විමලසේන ජයසිංහ මහතාගේ සහ ක්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපන ආචාර්ය ශශිනී දිල්ශාරා විජේරත්න මහත්මියගේ මඟපෙන්වීම මත ක්‍රීඩා පුහුණුකරුවන් වන අනුරුද්ධ ප්‍රියදර්ශන පෙරේරා සහ ලක්මාල් නුවන් කුමාර යන මහත්වරුන් යටතේ ඇය පුහුණුව ලබා ඇත.

ඩී.එස්. ගුණතිලක -ඌව වෙල්ලස්ස විශේෂ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department