ගැහැනු දරුවන් බර ඉසිලීම වැනි තරගයකට යොමු වීමට ඉතා අඩු ප්‍රවණතාවක් දක්වයි. එයට විවිධ හේතු තිබේ. අතීතයේ සිටම බොහෝ දේ ගැහැනු දරුවන්ට සුදුසු නැත යැයි සංස්කෘතිය විසින්ම තහංචි පනවා තිබේ. එහෙත් වර්තමානයේදී එසේ නොවේ. ගැහැනු පිරිමි දෙපාර්ශවයම ස්වාධීනව ඉදිරියට යෑමේ ප්‍රවණතාවක් දක්නට තිබේ. එලෙස නිර්භීතව ඉදිරිපත් වූ දියණියක් හම්බන්තොට කහවත්ත මහා විද්‍යාලයෙන් අපට හමු විය. ඇය තරුමි හසංගනා ය. මේ ඇය අපට කියූ කතාවයි.
” ඇත්තටම මම තෝරා ගත්තේ කිසිම ගැහැනු ළමයකු තෝරා ගැනීමට එතරම් කැමැත්තක් නොදැක්වූ ක්‍රීඩාවක්. ඒත් මගේ අම්මා තාත්තා මට මේ ක්‍රීඩාවට පිවිසීමට ලොකු ආශීර්වාදයක් වුණා. මගේ පාසලත් එහෙමයි. අපේ විදුහල්පතිනියත් මට ලොකු ආශීර්වාදයක්. ඒ වගේම මගේ පුහුණුකරු ගැනත් ගෞරවයෙන් සිහිපත් කරනවා. අංජන සර් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. අපේ පාසලේ මේ ක්‍රීඩාවට අවශ්‍ය උපකරණ නැහැ. ඒ නිසා මේ උපකරණ තිබෙන ස්ථානවලට පුහුණුවීම් කරන්න යන්න සිදු වෙනවා. ඒ සෑම දෙයකටම සර් තමයි මට මඟ පෙන්වන්නේ. ”
” තරගයකට යන අවස්ථාවලදී පාසල් සංවර්ධන අරමුදලින් කොටසක් අපේ ක්‍රීඩා වැඩ කටයුතුවලට දෙනවා. මට විතරක් නෙවෙයි සෑම දරුවකුටම ඒ අවස්ථාව ලබා දෙනවා. බර ඉසිලීම, යගුලිය දැමීම, කව පෙත්ත විසි කිරීම, හෙල්ලය වීසි කිරීම වැනි සෑම ක්‍රීඩාවක්ම සඳහාම මම අවධානය යොමු කරලා තියෙනවා. ඒ සෑම ක්‍රීඩාවකම මම නිරත වෙනවා. බොහෝ අය මේ වගේ ක්‍රීඩාවල නිරත වෙන්න කැමැති නැහැ. ඒ අය ක්‍රීඩාවක් කරන්න ගියත් තමන්ට ගැළපෙන ක්‍රීඩාව සොයනවා. ඒත් මම සොයන්නේ මට කළ හැකි ක්‍රීඩාවයි. ඒ නිසා තමයි මට දිස්ත්‍රික් මෙන්ම සමස්ත ලංකා තරගවලින් ජය අත් වෙලා තිබෙන්නේ. 2023 වසරේදී සමස්ත ලංකා තරගවලින් මට 3 වැනි ස්ථානය ලැබුණා. ඒ වගේම 2024දිත් සමස්ත ලංකා තරගවලින් 3 වැනි ස්ථානය ලැබුණා.”
” මම දැන් 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබනවා. අධ්‍යාපන වැඩ කටයුතුත් කරගෙන පාසල් වැඩ කටයුතු කරගෙන යන එක එතරම් පහසු නැහැ. ඒත් මම ඒ අභියෝගය භාර ගත්තා. අපේ පාසලේ මලල ක්‍රීඩා පුහුණු කරන ලලිත් විට්ටච්චි සර්වත් මෙහිදී ගෞරවයෙන් සිහිපත් කරනවා. මේ හැම දෙනාගේම ආශීර්වාදය මැද තමයි අද මට මෙවැනි ජයග්‍රාහී ගමනක් එන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මට පුංචි ඔයාලා හැමෝටම කියන්න තියෙන්නේ ක්‍රීඩාව අපේ ජීවිතයට වටිනාකමක් එකතු කරන දෙයක් කියලයි. හොඳ සෞඛ්‍යය තත්ත්වයක් ඇති කරගන්න නම් ක්‍රීඩාවෙ නියැළෙන්න අවශ්‍යයි.”
ඇගේ අනාගතය සාර්ථක වේවා යැයි
අපි මිහිර වෙතින් ඇයට සුබ පතමු.
රූපාන්ති බුලත්සිංහල
ඡායාරූප- පාසලේ ඡායාරූප සංගමය