Home » Blog » හරි අපූරු දුම්රිය නැවතුම

හරි අපූරු දුම්රිය නැවතුම

Udine Railway Station

by thanushika
0 comment

Udine දුම්රිය ස්ථානය ඊසානදිග ඉතාලියේ Friuli- Venezia Giulia  ප්‍රදේශයේ Udine  නගරයට සමීපව පිහිටා තිබේ. දුම්රිය ස්ථානය පවත්වාගෙන යනු ලබන්නේ Rate Ferroviaria Italiana සමාගමයි. මගීන් ගැවසෙන ගොඩනැඟිලිවල කළමනාකරණය කරනු ලබන්නේ Centostazioni  ආයතනයි. මෙම සෑම සමාගමක්ම ඉතාලියේ රජය සතු දුම්රිය සමාගම වන Ferrovie Deello Stato ආයතනයට අනුබද්ධිත ආයතනයන් ය. දුම්රිය ස්ථානයේ සහ එයින් පිටත දුම්රිය සේවා ක්‍රියාත්මක කරනු ලබන්නේ Trenitalia,OBB  සහ Ferrovie Udine- Cividale ආයතනවලිනි. ඉතින් මේ සූදානම පුංචි දූලා පුතාලට  Udine දුම්රිය ස්ථානය පිළිබඳ තොරතුරු රැගෙන එන්නයි.

වර්ෂ 1860 ජූලි 21 වැනි දින Venice–Udine  දුම්රිය මාර්ගයේ Cormons -Udine  කොටස විවෘත කිරීමත් සමඟ මෙම දුම්රිය ස්ථානයේ මෙහෙයුම් ආරම්භ කරන ලදි. වර්ෂ 1860 ඔක්තෝබර් 3 වැනි දින, එම මාර්ගයේ Cormons -Udine කොටස විවෘත කිරීමත් සමඟ එය Udine-Trieste දුම්රිය මාර්ගයේ පර්යන්තය බවට පත් විය. Centostazioni  ආයතනයේ කළමනාකාරිත්වය යටතේ, මඟී ගොඩනැඟිල්ල වර්ෂ 2005දී ප්‍රතිසංස්කරණය කළේ ය. මෙහිදී ප්‍රධාන ශාලාව නවීකරණය කිරීම සහ නව ප්‍රවේශ පත්‍ර කාර්යාලයක් වෙනුවෙන් නව තොරතුරු මධ්‍යස්ථානයක් ඉදිකිරීම කෙරෙහි පාලනාධිකාරීහු අවධානය යොමු කළහ.

මෙම දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට ස්ථානයක් මෙන්ම බැංකු කටයුතු කිරීමට ස්ථානයක් ද බැතිමතුන්ට වන්දනාමාන කිරීමට දේවස්ථානයක් ද , හදිසි අවශ්‍යතාවකදී බෙහෙත් ගැනීමට ඔසුසලක් මෙන්ම අලංකාර සාප්පු සංකීර්ණයක් ද මගී ගොඩනැඟිල්ලේ තිබේ. හදිසි අවශ්‍යතාවකදී උපදෙස් ලබා ගැනීමට පොලිස් ස්ථානයක් ද මෙම ගොඩනැඟිල්ලේම ඇත.

දුම්රිය අංගණය මගී සේවාව සඳහා ධාවන පථ 7කින් යුක්ත වේ. වේදිකාවක් නොමැති ධාවන පථ අංක 2 ඇතුළුව, භාණ්ඩ ප්‍රවාහනය, මාරු කිරීම, ගබඩා කිරීම සඳහා පමණක් පීලි කිහිපයක් ඇත. අධිවේගී සේවා, රාත්‍රී දුම්රිය සේවා සහ ප්‍රාදේශීය සේවා සඳහා මෙම දුම්රිය ස්ථානය සේවා සපයනු ලබයි.

මෙම දුම්රිය ස්ථානයේ මගීන්ගේ ගමනාගමනය වසරකට මිලියන 7.6ක් පමණ වේ. මගීන් සංඛ්‍යාව අනුව ෆ්‍රියුලි-වෙනිසියා ජියුලියා හි කාර්යබහුලම ස්ථානය මෙම දුම්රිය ස්ථානයයි. උඤඪදඥ දුම්රිය ස්ථානයේ, විවිධ ගමනාන්ත සඳහා සියලු වර්ගවල දුම්රිය තිබේ. මෙම දුම්රිය ස්ථානය හෙක්ටයාර් 43ක භූමි ප්‍රමාණයක් පුරා විහිදී තිබේ.

චතුරි ලක්ෂිකා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department