ආදරණීය දුවේ පුතේ, වර්ෂ 1882 ඔක්තෝබර් 5 වැනිදා අමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස්හි උපත ලැබූ රොබට් හචිංස් ගොඩාඩ් නූතන රොකට් කලාවේ පියා ලෙස හඳුන්වයි. වර්තමානය වන විට අභ්‍යවකාශයට ප්‍රවේශ වන ප්‍රධානතම මාධ්‍යයක් ලෙස මිනිසුන් විසින් භාවිත කරන රොකට්ටුව සෑදුවේ එතුමා ය.
ගොඩාර්ඩ්ගේ අභ්‍යවකාශය කෙරෙහි ඇල්ම ඇති වූයේ ඔහුගේ තරුණ වියේදී ය. චෙරි ගසකට නැඟ අහස දෙස බලමින් අඟහරු ග්‍රහයා වෙත ළඟා විය හැකි උපකරණයක් තනන්නට තිබුණේ නම් යන කුතුහලය ඇතිවීම මෙහි මුල්ම පියවර වූයේ ය.
ගොඩාර්ඩ් පොලිටෙක්නික් ආයතනයටත් පසුව ක්ලාක් විශ්වවිද්‍යාලයටත් ඇතුළත් වූයේ ය. එහිදී ඔහු ආචාර්ය උපාධිය ලබා ගත්තේ ය. ඔහුගේ මුල් පර්යේෂණය වූයේ ඝන ඉන්ධන රොකට්වල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම ය. වර්ෂ 1914 වන විට ඔහු නව නිපැයුම් දෙකක් නිෂ්පාදනය කළේ ය. ඒ සඳහා පේටන්ට් බලපත්‍ර ද ලබා ගත්තේ ය. ඒ බහු-අදියර රොකට්ටු සහ ද්‍රව ඉන්ධන රොකට් සඳහා ය.
ගොඩාර්ඩ්ගේ වඩාත්ම කැපී පෙනෙන ජයග්‍රහණවලින් එකක් වූයේ වර්ෂ 1926 මාර්තු 16 වැනි දා මැසචුසෙට්ස්හි ඕබර්න්හි ලොව ප්‍රථම ද්‍රව ඉන්ධන රොකට්ටුව සාර්ථක ලෙස ගුවන් ගත කිරීමයි. ද්‍රව ඔක්සිජන් සහ පෙට්‍රල්වලින් ඉන්ධන ලබා ගත් අඩි 10ක් දිග මෙම රොකට්ටුව තත්පර 2.5ක් පියාසර කරන්නට විය.
ගොඩාර්ඩ් විද්‍යාත්මක ප්‍රජාවෙන් සහ මහජනතාවගෙන් සැලකිය යුතු විවේචනවලට මුහුණ දුන්නේ ය. වර්ෂ 1920දී නිව්යෝර්ක් ටයිම්ස්හි ඔහුගේ අදහස් ප්‍රසිද්ධියේ සමච්චලයට ලක් කරමින්, රොකට්වලට අභ්‍යවකාශ රික්තය ඇතුළත ක්‍රියා කළ නොහැකි බව යෝජනා කළේ ය. කෙසේ වුවත් ගොඩාර්ඩ් නොසැලී සිටි අතර, ඔහුගේ පර්යේෂණ දිගටම කරගෙන ගියේ ය. රොකට් ශිල්පයට ගොඩාර්ඩ්ගේ දායකත්වය අති මහත් ය. ඔහු රොකට් 200කට වඩා වැඩි ප්‍රමාණයක් සංවර්ධනයකර පරීක්ෂා කළේ ය.
ඍ-2 රොකට්ටුව සහ මිනිසුන් සඳ වෙත ගෙන ගිය සැටර්න් ඍ රොකට්ටුව සංවර්ධනය කිරීම සඳහා ද ගොඩාඩ් කටයුතු කළේ ය. බොහෝ රොකට් විද්‍යාඥයෝ ඔහුගේ දායකත්වය අගය කළ හ. ගොඩාර්ඩ්ට මරණින් පසු කොංග්‍රස් රන් පදක්කම සහ ලැන්ග්ලි රන් පදක්කම ඇතුළු බොහෝ ගෞරව සත්කාර හිමි වූයේ ය.
ඉතින් දුවේ පුතේ, ඔයාලට දැනෙනවා නේද නොපසුබසින උත්සාහය තිබේනම් කරන්න බැරි දෙයක් නෑ කියලා. ඉතින් පුංචි ඔයාලාත් අපේ රටටත් ලෝකයටත් වැඩක් වෙන දෙයක් කරන්න.
රුසින් තත්සර
මොරටුව විශ්වවිද්‍යාලය