රොබට් බේඩ්න් පවෙල් වර්ෂ 1876දී බ්‍රිතාන්‍ය හමුදාවේ සේවයට එක්වී දෙවැනි ලුතිනන්වරයකු ලෙසින්13 වැනි හුසාර්ස් රෙජිමේන්තුවට අනුයුක්තව ඉන්දියාවේ ලක්නව් බලා ගිය අතර, ඔහුගේ හමුදා ජීවිතයේ වැඩි කාලපරිච්ඡේදයක් ගතවී තිබුණේ දකුණු අප්‍රිකාවේ ය. සිය චරිතාපදානයෙහි ඒ පිළිබඳ බීපී සඳහන් කරන්නේ මේ ලෙසිනි.”මගේ ජීවිතයේ සමීපතම නිවහන මෙන්ම මගේ මව් රට වන බ්‍රිතාන්‍ය හා සමීපතම රට වන්නේ දකුණු අප්‍රිකාවයි.
1907දී දකුණු අප්‍රිකාවෙන් සමුගත්ත ද විටින් විට එනම් 1936 දක්වා බීපී දකුණු අප්‍රිකාවේ සංචාරයකර තිබිණ . බීපී දකුණු අප්‍රිකාවේ ගතකළ අවස්ථා පිළිබඳ කාලානුරූපව දැක්වුවහොත් ඔහු පළමු වරට දකුණු අප්‍රිකාවට පා තබන්නේ වර්ෂ 1884දී ය.
පළමු සංචාරය – කපිතාන් බේඩ්න් පවෙල්ගේ වයස අවුරුදු 27
සිය රෙජිමේන්තුව වන 13 හුසාර්ස් සූලු යුද්ධය වෙනුවෙන් දකුණු අප්‍රිකාවේ නතාල්හි ස්ථානගතව සිටියදී දකුණු අප්‍රිකාවට ගොඩබට ඔහුගේ කාර්යය වූයේ සර් චාල්ස් වොරන්ට්ගේ බෙවුවාලන්තය (බොස්ට්වානා)ගවේෂණයට සහාය වීම ය. සර් චාල්ස් වොරන්ට් විසින් මැෆ්කිං ප්‍රදේශයේ සිතියම් සකස් කළ අතර, මේ කාලය තුළදී බීපී නතාල් මායිමට ඔබ්බෙන් සැතැපුම් 600ක භූමි ප්‍රදේශයේ රහසිගත ඔත්තු සේවාවේ නියැළී සිටියේ ය .
1887දී 2 වැනි සංචාරය – බීපීගේ වයස අවුරුදු 30
සිය මාමා වූ ජෙනරාල් හෙන්රි ස්මිත් ගේ සහකාර ( ඒච්ඛ්) ලෙස බීපී කටයුතු කළ අතර, 1888 දී සූලු ට එරෙහිව සූලු ලන්තයේ මෙහෙයුම සම්බන්ධයෙන් ක්‍රියා කළේ ය.එමෙන්ම හමුදා ලේකම් ලෙස කටයුතු කරමින් බුද්ධි නිලධාරියකු ලෙස සේවය කරන ලදි .
1889දී 3 වැනි සංචාරය – බීපීගේ වයස අවුරුදු 32
ස්වාසිලන්ත කොමිෂන් සභාවේ ලේකම් ලෙස බීපී කටයුතු කළ අතර, අග්‍රාණ්ඩුකාරවරයාගේ වැඩබලන ලේකම් ලෙස ද කටයුතු කළේ ය .1890 දී මෝල්ටාව වෙත මාරුකර යවන ලදි .
1896දී 4 වැනි සංචාරය – බීපීගේ වයස අවුරුදු 39
දෙවැනි මැටබෙලේ යුද්ධයේදී බුලවායෝ වටලනු ලැබූ බ්‍රිතාන්‍ය – දකුණු අප්‍රිකා සමාගමට ආධාර කිරීම පිණිස බීපී නැවත දකුණු අප්‍රිකාවට පැමිණි අතර, මේ කාලපරිච්ඡේදය තුළ රොඩේෂියාව හෙවත් වත්මන් සිම්බාබ්වේහි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළේ ය. එහිදී මේජර් ෆෙඩ්‍රික් රසල් බර්න්හැම් හඳුනා ගැනීම සිදු විය. මැටොපෝ කඳුකරයේ ඔත්තු බැලීමට කුඩා කණ්ඩායම් ( තධදඨ පචදඨඥ පඥජධදදචඪඵඵචදජඥ නචබපධත ) මඟින් ඔත්තු බැලීමේ කටයුතු අරඹන ලද අතර, මැටබෙලේ සටන වෙනුවෙන් සක්‍රීය දායකත්වය ලබා දෙන ලදි. එමෙන්ම මැටබෙලේ සටනේදී ” නොනිදන වෘකයා ” නම පටබැඳී ය. බාලදක්ෂ ව්‍යාපාරයේ එතිහාසික සිහිවටනයක් වූ ” කුඩු නළාව ” බීපීට හමුවූයේ මේ සමයේදී ය. මේ කාලපරිච්ඡේදය තුළ බේඩ්න් පවෙල් මැටබෙලේ ,අශාන්ති යන සටන් සඳහා ඍජුවම දායකත්වය සැපයුවේ ය.
1899දී 5 වැනි සංචාරය – බීපීගේ වයස අවුරුදු 42
දෙවැනි බෝයර් සටන වෙනුවෙන් මැෆ්කිං නගරය ආරක්ෂා කිරීමේ වගකීම පැවරුණු අතර, මැෆ්කිං ශිෂ්‍යභට බළකාය ආරම්භ කරන ලදි. 1900 දී දකුණු අප්‍රිකා පොලිස් අශ්වාරෝහක හමුදාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ය. මේ කාලයේදී ඒඪඤ බධ ඉජධභබඪදඨ ( ඔත්තු බැලීමට ආධාරක ) පොත පළ කරන ලදි .
1902දී 6 වැනි සංචාරය – බීපීගේ වයස අවුරුදු 45
බෝයර් යුද්ධය අවසන් වූ අතර, ට්‍රාන්ස්වාල් හා ජෝශප් චම්බර්ලයින් අතර සම්බන්ධතාවක් ඇති විය.
1906දී 7 වැනි සංචාරය – බීපීගේ වයස අවුරුදු 49
කෙනත් ආදිපාදවරයා සමඟ දකුණු අප්‍රිකාව බලා ගිය අතර, අශ්වාරෝහක කණ්ඩායම පරීක්ෂා කරන ලදි .
1907 පෙබරවාරි 18 දින දකුණු අප්‍රිකාවෙන් සමුගත් අතර, බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් කටයුතු කිරීම පිණිස 1910 මැයි මසදී හමුදාවෙන් විශ්‍රාම ගනු ලැබීය .
1926දී 7 වැනි සංචාරය – බීපීගේ වයස අවුරුදු 69
බේඩ්න් පවෙල් හා එම ආර්‍යාවගේ දකුණු අප්‍රිකා සංචාරයේදී බාලදක්ෂ හා බාලදක්ෂිකා ව්‍යාපාරය වෙනුවෙන් කටයුතු කරන ලදි.
1931දී ,10 වැනි සංචාරය – බීපීගේ වයස අවුරුදු 74
බීපී ජූනි 9 සිට 27 දක්වා සිදුකළ ඔස්ට්‍රේලියානු හා නවසීලන්ත සංචාරයෙන් අනතුරුව දකුණු අප්‍රිකාව වෙත පැමිණි අතර, එහිදී දකුණු අප්‍රිකානු බාලදක්ෂ ව්‍යාපාරය හා බාලදක්ෂිකා ව්‍යාපාරයේ කටයුතු පරීක්ෂා කරන ලදි.
1936දී ,11 වැනි සංචාරය – බීපීගේ වයස අවුරුදු 79
වර්ෂ 1935 ඔක්තෝබරයේ දී බීපී ලන්ඩනයේ සිට මැන්ඩෝලාව වෙත ගිය අතර, දකුණු අප්‍රිකා බාලදක්ෂ සංගමයේ උත්සව අවස්ථා රැසකට සහභාගි විය. මේ සංචාරය සඳහා බේඩ්න් පවෙල් ආර්යාව හා දියණියන් දෙදෙනා වූ හෙදර් හා බෙටී ද එක්ව සිටියහ.
මෙම සංචාරයේදී බේඩ්න් පවෙල් සාමිතුමා මැලේරියාවෙන් පීඩා විඳී අතර, කෙසේ වෙතත් 1936 ජනවාරි 11 දින පළමුවැනි දකුණු අප්‍රිකා ජාතික ජම්බෝරිය නිල වශයෙන් විවෘත කරන ලදි. බීපී ඇතුළු සිය පවුල මාස 5ක් දකුණු අප්‍රිකාවේ ගතකළ අතර, 1936 මැයි 5 දින පෙරළා එංගලන්තයට පැමිණියේ ය .
1938දී, 12 වැනි මෙන්ම අවසන් දකුණු අප්‍රිකා සංචාරය – බීපීගේ වයස අවුරුදු 81
සිය සෞඛ්‍යය තත්ත්වය කෙමෙන් දුර්වල වෙද්දී වෛද්‍යවරුන් විසින් විවේකීව සිටින ලෙස දන්වා තිබියදී බීපී මැයි 2 දින කේප් ටවුන් (කේප් කොලනිය) වෙත පැමිණ සිටි අතර, බේඩ්න් පවෙල් ආර්යාව පැමිණ සිටියේ දකුණු අප්‍රිකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ උත්සව කිහිපයකට සහභාගි වීම සඳහා ය .කෙසේ වෙතත් බේඩ්න් පවෙල් සාමිවරයාට සිය අවසන් නිවහන ලෙස දකුණු අප්‍රිකාව තෝරා ගැනීමට ඒ වනවිට බ්‍රිතාන්‍යයේ පැවති දේශපාලන අස්ථාවරත්වය ද එක් හේතුවක් විය. අනෙක් කරුණ වූයේ හෙතෙම දරුණු හිසේ කැක්කුමකින් පීඩා විඳීන්නට වූ නිසා බ්‍රිතාන්‍යයේ කලබලකාරී පරිසරයට වඩා දකුණු අප්‍රිකාවේ කෙන්යාවේ පරිසරය විවේක ගැනීමට උචිත බව ඔහු සිතීමයි.
අප නිර්මාතෘවරයාට ජීවිත දෙකක් තිබී ඇති අතර, එයින් පළමුවැන්න සිය හමුදා ජීවිතයයි. දෙවැන්න බාලදක්ෂ ජීවිතයයි. මේ ජීවිත දෙකේම විවිධාකාර අවස්ථා සහ වැදගත් අවස්ථා රැසක් සිදුවී ඇත්තේ දකුණු අප්‍රිකාව සම්බන්ධයෙනි.
ධර්මලාල් ගුණවර්ධන
බාලදක්ෂ ආචාර්ය
නාලන්දා විද්‍යාලය
කොළඹ