Home » Blog »  පුංචි ඔබේ දැනුම පොතට

 පුංචි ඔබේ දැනුම පොතට

by thanushika
0 comment

විදේශීය තොරතුරු

1. ලෝකයේ විශාලතම රට කුමක් ද?

2. ටයිටැනික් ගිලුණේ කුමන අවුරුද්දක ද?

3. අමෙරිකාව සොයා ගත්තේ කවුරුන් ද?

4. අමෙරිකාව සොයා ගත්තේ කවදා ද?

5. අත්ලාන්තික් සාගරය ඔස්සේ ගුවන් ගමන් කළ පළමු කාන්තාව කවුරුන් ද?

6. අමෙරිකාවට සංචාරකයන් රැගෙන ගොස් නැවත පැමිණි නැව කුමක් ද?

7. ජපානයේ ජාතික පුෂ්පය කුමක් ද?

8. දීපවාලි සමරන රට කුමක් ද?

9. මොනාලිසා චිත්‍රය ඇන්දේ කවුරුන් ද?

10. මාචු පීචු ඇත්තේ කුමන රටකද?

11. ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව කුමක් ද?

12. 2020 වසරේදී ග්‍රීෂ්ම ඔලිම්පික් උලෙළ තිබුණේ කුමන රටකද?

13. 2020 වසරේදී ඇති වූ ගෝලීය ව්‍යසනය කුමක් ද?

14. ටෙස්ලා සමාගමේ අයිතිකරු කවුරුන් ද?

15. ඇෆ්ගනිස්තානයේ අගනුවර කුමක් ද?

16. 2021 වසරේදී සාමය සඳහා නොබෙල් ත්‍යාගය දිනුවේ කවුරුන් ද?

17. ලෝකයේ උසම ශාක විශේෂය කුමක් ද?

18. 2022 වසරේදී ෆිෆා ලෝක කුසලානය දිනුවේ කුමන රටක් ද?

19. ලෝකයේ වැඩියෙන්ම යොදා ගන්නා මුදල් ඒකකය කුමක් ද?

20. ඩොලර් ට්‍රිලියනයක ලාභයක් ලබා ගත් සමාගම කුමක් ද?

විද්‍යා තොරතුරු

1. ආලෝකයේ වේගය කොපමණ ද?

2. ජලය නටන උෂ්ණත්වය කොපමණ ද?

3. නයිට්‍රජන් ආවර්තිතා වගුවේ ඇත්තේ කෙසේ ද?

4. නයිට්‍රජන් වායුවේ ප්‍රතිශතය කුමක් ද?

5. ග්‍රහලෝකයක් වටේ කැරකෙන්නේ කුමක් ද?

6. ශරීරයේ වැඩියෙන්ම ඇති වායුව කුමක් ද?

7. ඇමෝනියාහි සූත්‍රය කුමක් ද?

8. පතොක් ගස්වල කටු ඇත්තේ ඇයි?

9. සැවානා තණ බිම්වල ශාකවල පත්‍ර කුඩා වන්නේ ඇයි?

10. කාන්තාරයේ පතොක් පැළ ජලය නැතිව වැවෙන්නේ කෙසේ ද?

11. කඳුකර වනාන්තර ශාක කුරු වන්නේ ඇයි?

12. මෝසම් වනාන්තරවල වර්ෂාපතනය කොපමණ ද?

13. ගුහා බිත්තියේ ඇන්දේ වඳ වූ සතා ද?

14. ක්ෂුද්‍ර ප්ලාස්ටික් යනු මොනවා ද?

15. කුරුඳු කුඩු 2%ක් අන්තර්ගත වට්ටක්කා කුකීස්හි ප්‍රෝටීන ප්‍රමාණය කොපමණ ද?

16. කුරුඳු කුඩු 2%ක් අන්තර්ගත වට්ටක්කා කුකීස්හි නඩ් අගය කොපමණ ද?

17. කුරුඳු කුඩු 2%ක් අන්තර්ගත වට්ටක්කා කුකීස්හි ලිපිඩ ප්‍රමාණය කොපමණ ද?

18. කුරුඳු කුඩු 2%ක් අන්තර්ගත වට්ටක්කා කුකීස්හි තෙතමනය කොපමණ ද?

19. කුරුඳු කුඩු 2% ක් අන්තර්ගත වට්ටක්කා කුකීස්හි ජල ක්‍රියාකාරිත්වය කොපමණ ද?

20. කුරුඳු අයත් වන්නේ කුමන කුලයකට ද?

දේශීය තොරතුරු

1. ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ කුමන සාගරයක ද?

2. ශ්‍රී ලංකාවට ළඟම රට කුමක් ද?

3. ශ්‍රී ලංකාවේ දේශගුණය කුමක් ද?

4. ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ කවදා ද?

5. නිදහසට පෙර ශ්‍රී ලංකාවේ නම කුමක් ද?

6. ශ්‍රී ලංකාවේ පළමු ජන කොට්ඨාසය කවුරුන් ද?

7. ශ්‍රී ලංකාවට අනුරාධපුර විශේෂ වූයේ ඇයි?

8. ශ්‍රී ලංකාවේ පළමු අගමැති කවුරුන් ද?

9. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම කුමක් ද?

10. ශ්‍රී ලංකාවේ බෞද්ධ ආගමිකයන් ප්‍රතිශතයක් වශයෙන් කොපමණ ද?

11. ශ්‍රී ලංකාවේ ප්‍රධාන භාෂා මොනවා ද?

12. ශ්‍රී ලංකාවේ ඇති සංස්කෘතික ඇඳුම් මොනවා ද?

13. අම්බලන්ගොඩට ආවේණික ප්‍රධාන ජන කලාව කුමක් ද?

14. ශ්‍රී ලංකාවේ මුදල් ඒකකය කුමක් ද?

15. ශ්‍රී ලංකාවේ පළමු අගමැතිනිය කවුරුන් ද?

16. 1931දී තිබූ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ නාමය කුමක් ද?

17. ශ්‍රී ලංකාවේ පළමු කථානායකවරයා කවුරුන් ද?

18. 1947දී තිබූ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ නාමය කුමක් ද?

නව සොයාගැනීම්

1. ගුවන් යානය සොයා ගත්තේ කවුරුන්ද?

2. මුද්‍රණ යන්ත්‍රය සොයා ගත්තේ කවුරුන්ද?

3. ශීතකරණය සොයා ගත්තේ කවුරුන්ද?

4. විදුලි කාර් එක සොයා ගත්තේ කවුරුන්ද?

5. පරිගණකය සොයා ගත්තේ කවුරුන්ද?

6. කැමරාව සොයා ගත්තේ කවුරුන්ද?

7. රූපවාහිනිය සොයා ගැනීම සඳහා පුරෝගාමී වූ අයෙකි

8. රේඩියෝව සොයා ගත්තේ කවුරුන්ද?

9. අන්තර්ජාලය සොයා ගත්තේ කවුරුන්ද?

10. ගණකය සොයා ගත්තේ කවුරුන්ද?

11. වයි-ෆයි සොයා ගත්තේ කවුරුන්ද?

12. ටයිප් රයිටරය සොයා ගත්තේ කවුරුන්ද?

13. සංයුක්ත දුරේක්ෂය සොයා ගත්තේ කවුරුන්ද?

14. දුර දක්නය සොයා ගත්තේ කවුරුන්ද?

15. සබ්මැරීනය සොයා ගත්තේ කවුරුන්ද?

16. ට්‍රාන්සිස්ටරය සොයා ගත්තේ කවුරුන්ද?

17. මාලිමාව සොයා ගත්තේ කවුරුන්ද?

18. කඩදාසි සොයා ගත්තේ කවුරුන්ද?

19. නූතන බෝල්පොයින්ට් පෑන සොයා ගත්තේ කවුරුන්ද?

20. නූතන මහන මැෂිම සොයා ගත්තේ කවුරුන්ද?

කලා තොරතුරු

1. අපේ ගම රචනා කළේ කවුරුන්ද?

2. කලියුගය රචනා කළේ කවුරුන්ද?

3. පියසමර රචනා කළේ කවුරුන්ද?

4. යුගාන්තය රචනා කළේ කවුරුන්ද?

5. අයිරාංගනී රචනා කළේ කවුරුන්ද?

6. ලීලා රචනා කළේ කවුරුන්ද?

7. මහාසාර නාට්‍යය රචනා කළේ කවුරුන්ද?

8. අපටත් වැසිකිළියක් රචනා කළේ කවුරුන්ද?

9. විලම්බිත කෘතිය රචනා කළේ කවුරුන්ද?

10. සිංහබාහු රචනා කළේ කවුරුන්ද?

11. හුණුවටයේ කතාව නිෂ්පාදනය කළේ කවුරුන්ද?

12. මනමේ නාට්‍ය රචනා කළේ කවුරුන්ද?

13. බුත්සරණ රචනා කළේ කවුරුන්ද?

14. අමාවතුර රචනා කළේ කවුරුන්ද?

15. අමාවතුර පිළිබිඹු කරන ගුණය කුමක්ද?

16. ලෝකෝපකාරය රචනා කළේ කවුරුන්ද?

17. හංස සංදේශය රචනා කළේ කවුරුන්ද?

18. මයුර සංදේශය රචනා කළේ කුමන යුගයකද?

19. තිරුක්කුරල් රචනා කළේ කවුරුන්ද?

20. හීන්සැරය රචනා කළේ කවුරුන්ද?

පිළිතුරු

දේශීය තොරතුරු – පිළිතුරු

1. ඉන්දියානු සාගරයෙහි

2. ඉන්දියාව

3. නිවර්තන දේශගුණය

4. 1948, පෙබරවාරි 04 වැනිදා

5. සිලෝන් (Ceylon)

6. වැදි ජනයා

7. එය පුරාණයේ තිබූ අගනුවර නිසා.

8. ඩී. එස්. සේනානායක

9. බෞද්ධ ආගම

10. 70%

11. සිංහල හා දෙමළ

12. ඔසරිය (ගැහැනුන්ට) හා ජාතික ඇඳුම (පිරිමින්ට)

13. වෙස් මුහුණු කලාව

14. රුපියල්

15. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය

16. ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය

17. ෆ්‍රැන්සිස් මොලමුරේ

18. සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය

විදේශීය තොරතුරු- පිළිතුරු

1. රුසියාව

2. 1912 වසරේදී

3. ක්‍රිස්ටෝෆර් කොලොම්බස්

4. 1492 වසරේදී

5.Amelia Earhart

6. Mayflower

7. චෙරි මල/ සකුරා මල (Cherry Blossom)

8. ඉන්දියාව

9. ලියනාඩෝ ඩාවින්චි

10. පේරු රටේ

11. පාපන්දු ක්‍රීඩාව

12. ජපානයේ

13. කොවිඩ්-19

14. ඉලෝන් මස්ක් (Elon Musk)

15. කාබුල් (Kabul)

16. මරියා රෙස්සා (Maria Ressa) සහ ඩිමිට්රි මුරාටොව් (Dmitry Muratov)

17. කෝස්ට් රෙඩ්වුඩ් ශාක  (Coast Redwood)

18. ආර්ජන්ටිනාව

19. ඩොලර්

20. ඇපල් සමාගම (Apple inc.)

කලා තොරතුරු – පිළිතුරු

1. මාර්ටින් වික්‍රමසිංහ මහතා

2. මාර්ටින් වික්‍රමසිංහ මහතා

3. කුමාරතුංග මුනිදාස මහතා

4. මාර්ටින් වික්‍රමසිංහ මහතා

5. මාර්ටින් වික්‍රමසිංහ මහතා

6. මාර්ටින් වික්‍රමසිංහ මහතා

7. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

8. කේ. ජයතිලක මහතා

9. ටී.බී. ඉලංගරත්න

10. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

11. හෙන්රි ජයසේන

12. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

13. විද්‍යා චක්‍රවර්තී

14. ගුරුළුගෝමීන්

15. පුරිසධම්මසාරථී ගුණය

16. රණස්ගල්ලේ හිමි

17. වීදාගම මෛත්‍රය‍ හිමි

18. ගම්පොළ යුගයේදී

19. තිරුවල්ලුවර්

20. කුමාරතුංග මුනිදාස මහතා

විද්‍යා තොරතුරු – පිළිතුරු

1. තත්පරයට කිලෝමීටර් 300,000

2. 100°C

3. N₇

4. 78%

5. සඳ

6. නයිට්‍රජන් වායුව

7. NH₃

8. පතොක් වැනි ශාක පිහිටා ඇත්තේ කාන්තාරවල ය. කාන්තාරවල ජලය අඩු හෙයින් ජලය වාෂ්ප වීම වළක්වා ගැනීමට පතොක් ශාකවල ඇති පත්‍ර කටුවලට හැරී ඇත.

9. තණබිම්වල ජලය අඩු හෙයින් ජලය වාෂ්ප වීම වළක්වා ගැනීමට පත්‍ර කුඩා වී ඇත.

10. පතොක් ශාකවල කඳ, ජලය එකතු කරගන්නා හෙයින් කාන්තාරවල පතොක් ජලය නැතිව වැවෙයි. පතොක් පැළවල මුල් පොළොව අභ්‍යන්තරයට කිඳා බැස ඇති නිසා එයින් ශාකයට ජලය අවශෝෂණය කරයි.

11. කඳුකරයෙහි සුළං තද හෙයින් ශාක කුරු වෙයි.

12. වසරකදී මි.මී. 1200 – මි.මී.1900 වේ

13. දකුණු අප්‍රිකාවේ දකුණු ද්‍රෝණියේ ගුහා බිත්තියක දැනට ජීවත් නොවන අමුතුම විදිහේ සතකුගේ චිත්‍රයක් තිබේ. මේ සතා පහළට නැමුණු දළ සහිත සතෙකි. එහෙත් එවැනි සතෙක් මේ වන විට ලෝකයේ හමු වී නැත. එහෙත් ඔවුන්ගේ පොසිල හමුවී තිබේ. එම නිසා ආදී මානවයා පුරාවිද්‍යාව සහ පොසිල ගැන අවබෝධයක් තිබෙන බව පර්යේෂකයෝ පවසති.

14. අපගේ පියවි ඇසට නොපෙනෙන ජලයේ හා වායුවේ ඇති කුඩා ප්ලාස්ටික් අංශු ක්ෂුද්‍ර ප්ලාස්ටික් ලෙස හැඳීන්වෙයි.

15. 3.19%

16. 6.01

17. 27.92%

18. 3.01%

19. 0.28

20. Lauraceae කුලයට

නව සොයා ගැනීම්

1. රයිට් සහෝදරයෝ

2. ජොහන්නස් ගුටෙන්බර්ග්

3. ජේකබ් පර්කින්ස්

4. තෝමස් පාකර්

5. චාර්ල්ස් බැබේජ්

6. Louis Daguerre

7. ෆිලෝ ටී. ෆ්‍රාන්ස්වර්ත්

8. ගුග්ලිඑල්මෝ මාර්කෝනි

9.  ARPANET Team

10. බ්ලේස් පැස්කල්

11. ජෝන් ඕ. සුලිවන් සහ SIRO team

12. ක්‍රිස්ටෝෆර් ලැතම් ශෝල්ස්

13. හාන්ස් ලිපර්ෂි

14. ගැලීලියෝ ගැලීලී

15. කෝර්නෙලිස් ඩ්‍රෙබල්

16. ජෝන් බාර්ඩීන්, වෝල්ටර් බ්‍රටේන්

17. චීනයේ හැන් වංශය

18. චීන ජාතිකයන්

19. ලැස්ලෝ බිරෝ

20. එලියාස් හෝව්

 

අකීෆ් සහ රොහන්සා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department