බාලදක්ෂ නායකයන් සඳහා වූ උසස් පාඨමාලාව හෙවත් ලී පදක්කම් පුහුණු පාඨමාලාව වර්ෂ 1919දී ආරම්භ වූ අතර, ඒ පාඨමාලාවට සහභාගි වූ අයගෙන් දෙදෙනෙක් ජීවිතය පුරාම බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් කැපවී සිටියහ. එයින් එක් අයෙක් වූයේ කර්නල් ජෝන් ස්කිනර් විල්සන් මහතා ය .අනෙක් තැනැත්තා නම් දොන් පෝටර් හෙවත් ඩොනල්ඩ් ස්ටීල් පෝටර් මහතා ය .
කර්නල් ජෝන් ස්කිනර් විල්සන් ලී පදක්කම් පාඨමාලාව පළමුව (පුද්ගල පුහුණුව හා ඒකක පුහුණුව ) සම්පූර්ණ කළ තැනැත්තා ලෙස වාර්තාවක් තැබී ය.
පළමු ලී පදක්කම් පාඨමාලාවට සහභාගි වූ අයගෙන් මෙලොව විසූ අවසාන පුද්ගලයා වූ දොන් පෝටර්, ගිල්වෙල් උද්‍යානයේ කීර්තිමත් පුද්ගලයකු බවට පත්විය . 2002 දී සිය 100 වැනි ජන්ම දිනය සැමරී ය.
අවුරුදු 17දී ලොව පළමු ලී පදක්කම් පාඨමාලාවේ සහායක වශයෙන් ඊට සහභාගි වූ හෙතෙම ගිල්වෙල් කඳවුරේ පූර්ණකාලීන සාමාජිකයෙක් විය . ගිල්වෙල් උද්‍යානයේ විසිතුරු ලී දොරටුව ඇතුළු ගිල්වෙල් උද්‍යානයේ බොහෝ ලී කැටයම් සඳහා සිය කුසලතාව යොදා ගත් ඔහු ලී පදක්කම් පුහුණු පාඨමාලාවේ ප්‍රමුඛ ලාංඡනය වන ලී කොටයක ගැසූ පොරොව සහිත ලී කැටයම ලොව සුපතළ එකකි.
ගිල්වෙල් උද්‍යානය අවට විංෆර්ඩ් ප්‍රදේශයේ කැටයම් කළ වෙළෙඳ ලාංඡන ඇතුළු ලී කැටයම් ශිල්පියකු ලෙසින් දොන් පෝටර් ප්‍රසිද්ධියක් ඉසිලී ය. ලන්ඩනයේ ශාන්ත පාවුළු දෙව්මැදුර , ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ රැඩ්ක්ලින් පුස්තකාලයේ කැටයම් කළ දොරවල් ,වින්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ ඇති ශාන්ත සෙබස්තියන්ගේ රූපය ඔහුගේ උසස් නිර්මාණයන් ය .
ගිල්වෙල් උද්‍යානයේ ඇති ලෝ ප්‍රකට බීපී ගේ පිළිරුව ඔහුගේ අසමසම කෘතියකි. මේ හැම දේකටම වඩා ඔහු අමරණීයත්වයට පත් කළ ලොව සුප්‍රකට කෘතිය වන්නේ බ්‍රවුන්සි දූපත මත ඇති බාලදක්ෂ ව්‍යාපාරය හා බැඳුණු බ්‍රවුන්සි අනුස්මරණ ගල ය. පළමු ලී පදක්කම් පුහුණු පාඨමාලාවට සහභාගි වූ අවසන් පුද්ගලයා වූ දොන් පෝටර් මහතා 2004 දී මිය ගියේ ය.
ධර්මලාල් ගුණවර්ධන
බාලදක්ෂ ආචාර්ය
නාලන්දා විද්‍යාලය
කොළඹ