දුටු – නොදුටු කතාවල විවිධ වූ විචාර
විස්මිත වූ ලෝකයේ වෙනස් සිතිවිලි සමුදායක් පැවතීමට නම් විවිධාකාර මිනිසුන් සිටිය යුතු ය. එකී මිනිසුන්ගේ සිතුම්-පැතුම් අදහස්, යෝජනා හා චර්යාරටා එකිනෙකට වෙනස් බවක් උසුලයි.
එයට කදිම නිදසුනක් වශයෙන් සාක්ෂි සපයන ලස්සන කතා පුවතක් අපි දැන් රසවිඳීමු.
” පසෙකින් ගඟක් ගලා බසින එක්තරා සුන්දර ගමක ගං ඉවුරෙහි, අවුරුදු උත්සවයක් පවත්වමින් තිබිණ. එකවරම කුඩා ළමයකු මෙම ගඟට ඇදවැටෙනුයේ, පැමිණ සිටි සැමගේ ජයඝෝෂා නතර කරමින් හා ගලා බැස යන ගඟෙහි වූ වේගයේ මුරණ්ඩු හඬ පමණක් ඉතිරි කරමින් ය.
‘අනේ අපොයි!’ යන දුක්බර අඳෙීනාවන් සමඟ සියලු දෙනා ගඟ දෙසට දිව ආවත් කිසිවකු දරුවා බේරා ගැනීමට යුහුසුලු නොවූයේ, ගලායන සැඩ පහරේ වේගවත් බව හා තම පණ රැක ගැනීමේ ඇති උවමනාව නිසාම ය.
ඇසිපිය ගැසීමටවත් ඉඩ නොමැති වූ නිමේෂයකින් එක් වයසක පිරිමි පුද්ගලයකු, ගසාගන යන දරුවා ඉලක්ක කරමින් ගඟට පැන්නේ විශාල ශබ්දයක් නිහඬ ප්‍රදේශයට මුදාහරිමින් ය. දරුවා සමඟ මෙම වයසක පුද්ගලයා ඉතා අසීරුවෙන් මෙගොඩට පැමිණියේ අසල සිටි පිරිසගේ ආධාර උපකාරය ද ඇතිව ය.
එයින් පසුව එම ස්ථානය වෙත මාධ්‍ය වාර්තාකරුවන් පැමිණීම ඉක්මන් වූයේ, මෙම වයසක පුද්ගලයා විසින් සිදු කරන ලද නිර්භීත ක්‍රියාව ගැන විස්තර විමසීමට හා එම තොරතුරු ලාංකේය ජනතාවට ලබාදීමේ අභිලාෂයනි.
*
“ඔබ කොහොමද මේ ක්‍රියාව ගැන හිතන්න්?”*
යනුවෙන් එම නිවේදකයා අසල සිටි තරුණයකුගෙන් අසා සිටියේ, ඔහු සතු මයික්‍රෆෝනය එම තරුණයාගේ මුව දෙසට දිගු කරමින් ය.
*
“ඇත්තටම අගය කරන්න ඕනා. අපටවත් නැති පෞරුෂයක් මේ සීයාට තිබුණා.”*
යනුවෙන් එම තරුණයා පිළිතුරු දෙමින් කියා සිටියේ එම සීයාට ගෞරව කළ යුතුය යනුවෙනි.
*
“තරුණ පිරිමින් කොච්චර හිටියත් දරුවා බේරාගන්න කිසිම කෙනෙක් ඉදිරිපත් වුණේ නෑ. මේ සීයා, තාත්තා කෙනෙක් නිසා ඔහුට දරු කැක්කුම තියෙනවා. ඇත්තටම පින් දෙන්න ඕනා.. මේ සීයාගෙ ඉදිරිපත්වීමට.”*
යනුවෙන් බවලත් තැනැත්තියක් කියා සිටියේ, නිවේදකයා ඇයගෙන් මෙම සිදුවීම ගැන විමසූවිට ය.
තවත් වයසක පුද්ගලයකු නිවේදකයාට කියාසිටියේ,
*
“මූට පිස්සු ද කොහෙද මහත්තයෝ. මඟ යන්න පණ නෑ. මැරෙන්න හදනවා. තව පොඩ්ඩෙන් මිනී දෙකයි. වයසට ඕනා වැඩ කරන්න.”* යනුවෙනි.
එකිනෙකාගෙන් අදහස් විමසීමෙන් අනතුරුව අවසන්වරට නිවේදකයා, ගඟට පැන දරුවා බේරාගත් සීයා ළඟට ළං වූයේ ඔහුගෙන් මේ පිළිබඳ තොරතුරු විමසීමට ය.
*
“අද මේ සිදුකළ වීරක්‍රියාව ගැන ඔබට මොන වගේ හැඟීමක් ද තියෙන්නේ?” යනුවෙන් නිවේදකයා ඔහුගෙන් අසා සිටි විට ඔහු නිවේදකයාගේ මුවඟට සිනහවක් එක් කරන පිළිතුරක් ලබා දුන්නේ මෙලෙස ය.
*
“මොන හැඟීමක් ද මහත්තයෝ? මම ගඟ අයිනේ ඇන තියාගෙන වාඩිවෙලා හිටියේ. පිටිපස්සෙන් ගහපු පා පහරකින් මාව එක පාරටම ගඟට ගහගෙන යන දරුවා ළඟටම වීසි වුණා. මාව තල්ලු කරපු කොලු ගැටයා අහු වුණොත් මම උගේ හතරහන්දි කඩනවා.”
යනුවෙන් ඇස් උලුප්පා කේන්තියෙන්, ඔහු මොර දෙන්නට විය.
කතාවට අනුකූල වූ සිද්ධිදාමයේ සත්‍ය සිදුවීම කුමක් වුවත්, ඒ හා සබැඳී එකිනෙකා අදහස් දැක්වීමේ ඇති විවිධත්වය ඔබට දැන් වැටහෙනු ඇත.
මෙම කතා පුවත ඔබට ඉදිරිපත් කිරීම පමණක් මූලික අරමුණ නොවූ අතර, එම කතා පුවතෙහි අන්තර්ගතය ඔස්සේ සිංහල භාෂාව හා සාමාජීයව ගත් කල එකිනෙකා දක්වන අදහස් මෙන්ම,ඒ හා බැඳී විචාරයන් ඔවුනොවුන් දකින කෝණය අනුව එකිනෙකට වෙනස් බවක් උසුලන බව වටහාදීම හුදෙක් මාගේ ප්රයත්නය විය.
මෙතුම්ලි මුදලිගේ
11 ශ්‍රේණිය
මධ්‍ය විද්‍යාලය
පිළියන්දල
————————-
අමුතු කතාවක්
තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේ ගැන නොදන්න කෙනෙක් නැහැ. එතුමා සාමණේර අවධියේ සිදුවුණු සිදුවීමක් තමයි මේ.
රාහුල හිමිගේ ගුරු වහන්සේ වුණේ වීදාගම හාමුදුරුවෝ. මේ වීදාගම හාමුදුරුවෝ හැමදාම උදේට එතුමාගේ කුටියට ගිහින් යම්කිසි තෛලයක් පානය කරනවා. රාහුල හිමිත් සාමණේර වුණාට තාම ළමයනේ. රාහුල හාමුදුරුවොත් අනෙක් අය වගේම දඟයි. රාහුල හාමුදුරුවෝ බලනවා මොකද මේ ගුරු හාමුදුරුවෝ කුටියට වැදිලා කරන්නෙ කියලා. එහෙම බලනකොට දැක්කා. වීදාගම හාමුදුරුවෝ බෝතලයකින් මොනවද පානය කරන හැටි. රාහුල හාමුදුරුවන්ට හිතුණා මේ මොනවද කියලා බලන්න.
එක දවසක් ඔන්න රාහුල සාමණේර වහන්සේ කාටත් හොරා වීදාගම හාමුදුරුවන්ගේ කුටියට රිංග ගත්තා. වීදාගම හාමුදුරුවෝ ඒ තෛලය පානය කළේ මිම්මටනේ. රාහුල හාමුදුරුවෝ එහෙම නෙවෙයි. මුළු බෝතලේම කටට හලා ගත්තා. වැඩි වෙලාවක් ගියේ නෑ රාහුල හාමුදුරුවෝ “දබක්” ගාලා සිහිනැතිව ඇදවැටුණා.
මේක දැක්කා පන්සලේ සුරතලයට ඇති කරන ගිරවා. ඌ හැමතැනම පියාඹන ගමන් කෑගහන්න ගත්තේ නැතෑ “රාහුල මළා” “රාහුල මළා” කියලා. මේක ඇහුණ වීදාගම හාමුදුරුවෝ බැලුවා මේ මොකද්ද කියලා. සිද්ධිය තේරුණු හාමුදුරුවෝ දන්න සාස්තර සූත්තර දාලා රාහුල හාමුදුරුවන්ව බේරගත්තා.
පේනවා නේද හැමදේම නොදන්න දේවල් කරන්න ගිහාම වෙන දෙ?
H.R. අබිරු නෙත්මිණ සෙනෙවිරත්න
කෑ/ශාන්ත මරියා විද්‍යාලය, කෑගල්ල
————————–
පී‍්‍රතිමත් වසන්තය
පෘථිවියේ ඇති ඍතු හතර අතරින් හොඳම ඍතුව වසන්ත ඍතුවයි. ධවල වර්ණයෙන් බැබළෙන හිමබරිත සිසිරයේ සිසිලස පහව ගොස්, මල් පලවලින් පිරී ඉතිරි යන, සොබාදම් මෑණියගේ විචිත්රත්වය වැඩියෙන්ම ඉස්මතු වන කාලය වසන්ත ඍතුවයි. ශීත කාලයේ අඩපණව තිබූ ශාක හා සත්ත්ව ක්‍රියා නැවතත් යථා තත්ත්වයට පත්වන මෙම කාලය සශ්‍රීකත්වයේ පුනරුදයක් බඳු ය.
නේකවිධ වර්ණයන්ගේ යුතු පුෂ්පයන්ගෙන් සුපුෂ්පිත වන තුරුලතා හා රන්වන් සූර්යාලෝකයෙන් ලෝකවාසීන් පිබිදී වඩ වඩාත් සතුටට පත්වන්නේ වසන්ත කාලයේදී ය. පරිසරයේ උණුසුම ඉහළ ගොස් ගස්වැල් පලින් බරවන නිසා සත්ත්ව ප්‍රජාව ද තම සුපුරුදු ක්‍රියාකාරකම්වල නිරතවීම පටන් ගන්නේ මෙම කාලයේදී ය.
අස්වනු සාරවත් වී ගොවීන්ගේ අතමිට සරුවන වසන්තය පරිසරයේ ශෘංගාරත්වය වර්ණනා කළහැකි අගනාම කාලයයි.
ජී. ඩබ්. සනුල ඉන්දිව් ද සිල්වා
9 ශ්‍රේණිය
ආරක්ෂක සේවා විද්‍යාලය, කොළඹ 02