Home විශේෂාංග  පුංචි ඔබේ දැනුම පොතට

 පුංචි ඔබේ දැනුම පොතට

by thanushika
0 comment

විදේශීය තොරතුරු

1. ලෝකයේ දිගම වෙරළ තීරය ඇති රට කුමක් ද?

2. ලෝකයේ වැඩියෙන් ම ස්වාභාවික විල් ඇති රට කුමක් ද?

3. යුරෝපය හා ආසියාව වෙන් කරන කඳු පන්තිය කුමක් ද?

4. වේලා කලාප වැඩිම රට කුමක් ද?

5. ලෝකයේ ලොකුම විල කුමක් ද?

6. ලෝකයේ ලවණ වැඩිම මුහුද කුමක් ද?

7. ලෝකයේ ජල ප්‍රමාණයෙන් විශාලතම දිය ඇල්ල කුමක් ද?

8. ලෝකයේ වැඩියෙන්ම කෝපි නිෂ්පාදනය කරන රාජ්‍යය කුමක් ද?

9. ලෝකයේ කුඩාම මහද්වීපය කුමක් ද?

10. ලන්ඩන් හරහා ගලා යන ගංගාව කුමක් ද?

11. ඔස්ට්‍රේලියාවේ අගනුවර කුමක් ද?

12. ඊජිප්තුවේ අගනුවර කුමක් ද?

13. කැනඩාවේ අගනුවර කුමක් ද?

14. ලෝකයේ වැඩියෙන්ම ගිනිකඳු ඇති රට කුමක් ද?

15. ආසියාවේ හා යුරෝපයේ යන රටවල් දෙකේම ඇති රට කුමක් ද?

16. යුරෝපයේ දිගම ගංගාව කුමක් ද?

17. තායිලන්තයේ අගනුවර කුමක් ද?

18. නෝර්වේහි අගනුවර කුමක් ද?

19. දෙවැනි ලෝක යුද්ධයේ දී සෝවියට් දේශයේ නායකයා කවුරුන් ද?

20. බර්ලින් තාප්පය කඩා වැටුණේ කුමන අවුරුද්දක ද?

විද්‍යා තොරතුරු

1. කාබනික වගාව යනු කුමක් ද?

2. කාබන් පියසටහන යනු කුමක් ද?

3. රනිල කුලයේ ශාක කිහිපයක් නම් කරන්න.

4. සියලු ශාක කුල අතුරින් රනිල කුලය ඉතා වැදගත් වන්නේ ඇයි?

5. කණාමැදිරියන් ආලෝකය නිපදවන්නේ කෙසේ ද?

6. ජීවයේ මූලික ඒකකය කුමක් ද?

7. ශාක ඉර එළිය බලශක්තියට හරවන්නේ කුමන ක්‍රමයකින් ද?

8. මානවයාගේ ඇති රුධිර වර්ග මොනවා ද?

9. ග්ලූකෝස්හි රසායනික සංයෝගය පෙන්වන්නේ කෙසේ ද?

10. සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය කුමක් ද?

11. පෘථිවියට ආසන්නම තරුව කුමක් ද?

12. ආවර්තිතා වගුවේ පළමු මූලද්‍රව්‍ය කුමක් ද?

13. පරමාණු සෑදී ඇත්තේ මොනවායින් ද?

14. ඉලෙක්ට්‍රෝන හි ස්කන්ධය කුමක් ද?

15. ඉලෙක්ට්‍රෝනවල බලය කුමක් ද?

16. පරමාණුවක හරය කුමක් ද?

17. ශක්තිමත්ම මූලද්‍රව්‍ය කුමක් ද?

18. මානවයාට ඇති අස්ථි ගණන කුමක් ද?

19. ලුණුවල රසායනික සංයෝගය කුමක් ද?

20. පෘථිවියේ මතුපිට ඇති පෘෂ්ඨය කුමක් ද?

දේශීය තොරතුරු

1. පොලොන්නරුව ආක්‍රමණය කළේ කුමන වසරකදී ද?

2. අනුරාධපුර රාජධානියේ අවසාන රජු කවුරුන් ද?

3. පොලොන්නරුව රාජධානියේ පළමු රජු කවුරුන් ද?

4. දඹදෙණිය රාජධානියේ පළමු රජු කවුරුන් ද?

5. රොබට් නොක්ස් ලංකාවට පැමිණියේ කුමන රාජධානි සමයක ද?

6. කෝට්ටේ රාජධානයේ අවසාන රජු කවුරුන් ද?

7. රොබට් නොක්ස් මහනුවරින් පැන ගියේ කොහේ ද?

8. රොබට් නොක්ස් ශ්‍රී ලංකාවෙන් පැන ගියේ කුමන වරායකින් ද?

9. රොබට් නොක්ස් සමඟ පැමිණි අනෙකුත් අය අභාවප්‍රාප්ත වූයේ කෙසේ ද?

10. පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව තෙක් ඇති දුර කොපමණ ද?

11. කොළඹ සිට සන්ගමන්කන්ද තුඩුවට ඇති දුර කොපමණ ද?

12. ශ්‍රී ලංකාවේ වාර්ෂික උෂ්ණත්වය කොපමණ ද?

13. කොළඹ දිස්ත්‍රික්කයේ ඝනත්වය කොපමණ ද?

14. මොනරාගල දිස්ත්‍රික්කයේ ඝනත්වය කොපමණ ද?

15. මහනුවර දිස්ත්‍රික්කයේ ඝනත්වය කොපමණ ද?

16. කළු ගංගාවේ දිග කොපමණ ද?

17. ශ්‍රී ලංකාවේ නිරිතදිග මෝසම් වර්ෂාව ඇති මාස මොනවා ද?

18. ශ්‍රී ලංකාවේ ඊසානදිග මෝසම් වර්ෂාව ඇති මාස මොනවා ද?

19. වාසුළි ඇතිවන මාස මොනවා ද?

20. පහතරට තෙත් කලාපයේ වාර්ෂික වර්ෂාපතනය කොපමණ ද?

කලා තොරතුරු

1. කොග්ගල ප්‍රාඥයා යන විරුදාවලියෙන් පිදුම් ලද්දේ කවුරුන්ද?

2. මාර්ටින් වික්‍රමසිංහ මහතා ළමයින් සඳහා රචනා කළ උපදේශාත්මක කාව්‍ය ග්‍රන්ථය කුමක්ද?

3. මනමේ, සිංහබාහු නාට්‍ය රචනා කරන ලද්දේ කවුරුන් විසින්ද?

4. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ ප්‍රථම ග්‍රන්ථය කුමක්ද?

5. ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගේ ප්‍රථම නවකතාව කුමක්ද?

6. ඩබ්ලිව්. ඒ. සිල්වා මහතාගේ ජනප්‍රියතම නවකතා මොනවාද?

7. මඟුල් කෑම, හීන්සැරය හත්පණ යන ග්‍රන්ථ රචනා කරන ලද්දේ කවුරුන් විසින්ද?

8. චරිත තුනක් ග්‍රන්ථය රචනා කළ රචකයා කවුරුන්ද?

9. තුංමං හන්දිය , ප්‍රබුද්ධ යන ග්‍රන්ථ රචනා කළ රචකයා කවුරුන්ද?

10. දඩයක්කාරයාගේ කතාව යන කෘතියේ කතුවරයා කවුරුන්ද?

11. ඔවා මුතුදම, දරු නැළවිල්ල, ලංකා මාතා, නිදහසේ මන්ත්‍රය යන ග්‍රන්ථවල රචකයා කවුරුන්ද?

12. අඹ යහළුවෝ කෘතියේ රචකයා කවුරුන්ද?

13. අකුරු මිහිර ග්‍රන්ථයේ රචකයා කවුරුන්ද?

14. රතු රෝස මල ග්‍රන්ථය රචනා කරන ලද්දේ කවුරුන් විසින්ද?

15. හෙයියන්මාරුව , අපටත් දවසක ඉර පායාදෝ, නොයන් පුතුණි ගම හැරදා, අත්ත බිඳෙයි පය බුරුලෙන් යන නිර්මාණවල කතුවරයා කවුරුන්ද?

16 පිටිසර සිරියාව, සිංහල ජාතිය , කැලෑ දරුවා, සුදෝසුදු , මල් හාමි යන කෘතිවල රචකයා කවුරුන්ද?

17. රෝමියෝ ජුලියට්, වැනීසියේ වෙළෙන්දා, ජුලියස් සීසර්, මැක්බත්, ඔතෙලෝ , හැම්ලට් යන නිර්මාණවල රචකයා කවුරුන්ද?

18. මල්ගුඩි දවස යන කෘතියේ රචකයා කවුරුන්ද?

19. ලොව ප්‍රකට අම්මා නවකතාවේ රචකයා කවුරුන්ද?

20. ගීතාංජලී, අඩසඳ, සන්ධ්‍යා ගීතය යන නිර්මාණවල රචකයා කවුරුන්ද?

නව සොයා ගැනීම්

1. පියානෝව සොයාගන්නා ලද්දේ කවුරුන් විසින්ද?

2. පියානෝව සොයාගන්නා ලද වර්ෂය කවදාද?

3. බන්සන් දාහකය සොයාගන්නා ලද්දේ කවුරුන් විසින්ද?

4. ලොව ප්‍රථම පියානෝවේ ආකෘති දැකගත හැකි කෞතුකාගාර පිහිටා තිබෙන රටවල් මොනවාද?

5. කැල්කියුලේටරය ලොවට හඳුන්වා දුන් පුද්ගලයා කවුරුන්ද?

6. කැල්කියුලේටරය ප්‍රථම වරට නිපදවූ රට කුමක්ද?

7. අකුණු සන්නායක නිපද වූ පුද්ගලයා කවුරුන්ද?

8. අකුණු සන්නායක නිපදවූ වර්ෂය සහ රට කුමක්ද?

9. විදුලි චුම්භක ටෙලිග්‍රාෆ් තාක්ෂණය සොයා ගන්නා ලද්දේ කවුරුන්ද?

10. විද්‍යුත් චුම්භක ටෙලිග්‍රාෆ් තාක්ෂණය ප්‍රථම වරට නිපදවන ලද රට කුමක්ද?

11. ෆැක්ස් යන්ත්‍රය ප්‍රථම වරට නිපදවන ලද රට කුමක්ද?

12. පළමු යාන්ත්‍රික තණකොළ කපන යන්ත්‍රය සොයාගැනීම සඳහා පේටන්ට් බලපත්‍ර ලැබූ පුද්ගලයා කවුරුන්ද?

13. විදුලි විදුම් යත සොයාගන්නා ලද පුද්ගලයා කවුරුන්ද?

14. විදුලි විදුම් යත ප්‍රථම වරට සොයාගන්නා ලද රට කුමක්ද?

15. ඇස් කණ්ණාඩි සොයාගන්නා ලද ගෞරවය හිමිවන්නේ කා හටද?

16. ඩයිනමයිට් සොයා ගත් තැනැත්තා කවුරුන්ද?

17. සැක්සෆෝනය සොයා ගත් පුද්ගලයා කවුරුන්ද?

18. ආගන්ඩ් ලාම්පුව සොයා ගන්නා ලද්දේ කවුරුන්ද?

19. විදුලි ගිටාරය සොයා ගත් තැනැත්තා කවුරුන්ද?

20. ආගන්ඩ් ලාම්පුව නිපද වූ රට සහ වර්ෂය කුමක්ද?

පිළිතුරු

දේශීය තොරතුරු – පිළිතුරු

1. ක්‍රි.ව. 1215දී

2. පස්වැනි මහින්ද රජු

3. පළමු විජයබාහු රජු

4. තුන්වැනි විජයබාහු රජු

5. මහනුවර රාජධානි සමයේ

6. දොන් ජුවාන් ධර්මපාල

7. මන්නාරමට

8. කොළඹ වරායෙන්

9. මහනුවර පැතිරුණු රෝගයකින්

10. කි.මී. 432

11. කි.මී.224

12. 27°C

13. 3305 km²

14. 72 km²

15. 664 km²

16. 129 km

17. මැයි සිට සැප්තැම්බර් දක්වා

18. දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා

19. නොවැම්බර්, දෙසැම්බර් මාසවල

20. 2000 mm

විදේශීය තොරතුරු- පිළිතුරු

1. කැනඩාව

2. කැනඩාව

3. යූරල් කඳු පන්තිය

4. ප්‍රංශය

5. කැස්පියන් මුහුද

6. මළ මුහුද

7. ඉන්ගා දිය ඇල්ල

8. බ්‍රසීලය

9. ඔස්ට්‍රේලියාව

10. තේම්ස් ගංගාව

11. කැන්බරා

12. කයිරෝ

13. ඔටාවා

14. ඉන්දුනීසියාව

15. තුර්කිය

16. වොල්ගා ගංගාව

17. බැංකොක්

18. ඔස්ලෝ

19. ජෝසප් ස්ටාලින් (Joseph Stalin)

20. 1989

කලා තොරතුරු – පිළිතුරු

1. මාර්ටින් වික්‍රමසිංහ

2. බාලෝපදේශය

3. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

4. පරෙවි සංදේශය

5 සිරියලතා

6. හිඟන කොල්ලා , කැලෑ හඳ

7. කුමාරතුංග මුනිදාස

8. කේ. ජයතිලක

9. මහගමසේකර

10. සයිමන් නවගත්තේගම

11. එස්. මහින්ද හිමි

12. ටී . බී. ඉලංගරත්න

13. ජේ. බී. දිසානායක

14. ගුණදාස අමරසේකර

15. ඒ. වී. සුරවීර

16 සාගර පලන්සූරිය

17. විලියම් ෂේක්ස්පියර්

18. ආර්.කේ. නාරායන්

19. මැක්සිම් ගෝර්කි

20. රබීන්ද්‍රනාත් තාගෝර්

විද්‍යා තොරතුරු – පිළිතුරු

1. පරිසර පද්ධතියේ යහපැවැත්ම, පාංශු ජෛව විවිධත්වය සහ ජෛව විද්‍යාත්මක චක්‍ර වැඩි දියුණු කරවන නිෂ්පාදන ක්‍රියාවලිය කාබනික වගාව නම් වේ.

2. පුද්ගලයෙක්, ක්‍රියාවක්, ආයතනයක් හෝ නිෂ්පාදනයක් හේතුකොට ගෙන නිශ්චිත කාල පරිච්ඡේදයක දී විමෝචනය වන

මුළු කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය කාබන් පියසටහන වේ.

3. නිදිකුම්බා, කතුරු මුරුංගා, මුරුංගා, බෝංචි, මෑ, මුං, පරිප්පු රනිල කුලයට අයත් වේ.

4. රනිල කුලයේ පලා, කොළ හා මුල් ද ආහාරයට ගනියි. රනිල කුලයේ සමහර ශාකවලින් තෙල් නිස්සාරණය කළ හැකි ය. රනිල කුලයේ ශාකවලින් අතුරුපස වර්ග ද සෑදීමට හැකි ය. රනිල කුලයේ ශාකවල Rizobium  නමැති බැක්ටීරියා වර්ගය ඇති නිසා එයින් එම ශාකවල මුල්වලට පරිසරයේ ඇති නයිට්‍රජන් (N2) වායු උරා ගැනේ. මෙහි දී පොළොව සරු වන අතර, ශාකය ද හොඳීන් වැවේ. එම නිසා මෙහි ඇති විටමින් සහ ඛණිජ ද ඉතා අධික ය.

5. කණාමැදිරියාගේ උදරයේ අපර කොටසේ ලුසිෆෙරින් (luciferin) නම් සංයෝගයක් තිබේ. ලුසිෆෙරින් නම් එන්සයිමය ද එහි තිබේ. අවශ්‍ය වූ විට දී මෙම එන්සයිමය ලුසිෆෙරින් සමග ප්‍රතික්‍රියා කරන්නේ ඔක්සිජන් හොඳීන් ලැබෙන විටයි. මේ ප්‍රතික්‍රියාවෙන් සිරුරට අවශ්‍ය ශක්තිය නිපදවේ. එම ශක්තියෙන් කොටසක් ආලෝකය බවට පත් වේ.

6. සෛලය

7. ප්‍රභාසංශ්ලේෂණය මඟින්

8. A-,A+B-,B+AB-,AB+,O-,O+

9. C6H12O6

10. බ්‍රහස්පති

11. ප්‍රොක්සිමා සෙන්චෝරි (Proxima Centauri)

12. හයිඩ්‍රජන්

13. ප්‍රෝටෝන, නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝනවලිනි.

14. 1/1840

15. -1

16. න්‍යෂ්ටිය (Nucleus)

17. කාබන්වලින් සෑදුණු දියමන්ති ශක්තිමත්ම මූලද්‍රව්‍ය වේ.

18. 206

19. NaCl (Sodium chloride) (සෝඩියම් ක්ලෝරයිඩ්)

20. කබොල

නව සොයා ගැනීම් සඳහා පිළිතුරු

1. බර්තොලමියෝ ක්‍රිස්තොෆෝරි

2. 1700

3. රොබට් විල්හෙල්ම් බන්සන්

4. අමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, රෝමය

5. බ්ලේස් පැස්කල්

6. ප්‍රංශය

7. බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්

8. 1749 – අමෙරිකා එක්සත් ජනපදය

9. බැරන් පවෙල් ෂිලින්

10. එස්තෝනියාව

11 ස්කොට්ලන්තය

12 Edwin Bear Budding

13. ආතර් ජේම්ස් අර්නට්

14 ඔස්ට්‍රේලියාව

15. සැල්විනෝ ඩී. ආර්මටි

16. ඇල්ෆ්‍රඩ් බර්නාඩ් නොබෙල්

17 ඇඩොල්ෆ් සැක්ස්

18. අයිමී ආගන්ඩ්

19. ඇඩෝල්ෆ් රිකන්බැකර්

20. ප්‍රංශය -1780

අකීෆ් සහ රොහන්සා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department