Home » Blog » නර්තන ලොවේ අග රැජන වූ චිත්‍රසේන

නර්තන ලොවේ අග රැජන වූ චිත්‍රසේන

by thanushika
0 comment

ආදරණීය දුවේ පුතේ, අධ්‍යාපනය සඳහා වැඩි වශයෙන් අවධානය යොමු කරන වර්තමානයේ බොහෝ දරුවන් බාහිර ක්‍රියාකාරකම්වලට යොමු වීම සිදු වන්නේ වැඩිහිටියන්ගේ මඟපෙන්වීම මත ය. මේ අනුව වර්තමානයේ බොහෝ දරුවන් නර්තනය සංගීතය, චිත්‍ර, ක්‍රීඩා සඳහා සිය අවධානය යොමු කරන්නේ නිරායාසයෙනි. මේ නිසා දරුවකු කුමන හෝ බාහිර විෂය ක්ෂේත්‍රයකට යොමු වීම වැදගත් ය. මෙලෙස නැටුම් විෂය ක්ෂේත්‍රයට යොමු වූ ඇය පිළිබඳ ඔබට කියන්නයි මේ අපේ සූදානම.

කාන්තාවට නර්තනය අකැප වූ අවස්ථාවක පුංචි වජිරා නර්තනයට යොමු වූවා ය. මෙලෙස සමාජයේ මතයට අභියෝග කළ ඇය පුරුෂයන් ආධිපත්‍යය දැරූ නර්තන ක්ෂේත්‍රය ජය ගෙන ඉදිරියට පැමිණියා ය. පරම්පරා ගණනාවකට නර්තනයෙන් මඟපෙන්වූ ඇය 1932 මාර්තු 15 වැනිදා කළුතරදී උපත ලැබුවා ය. 1938 වසරේදී ඇය පාසල් අධ්‍යාපනය ආරම්භ කළේ කළුතර බාලිකා විද්‍යාලයෙනි. 1944 වසරේදී වජිරා චිත්‍රසේන හොරණ ශ්‍රීපාලි විද්‍යාලයට ඇතුළු වී වසරක කාලයක් අධ්‍යාපනය ලැබුවා ය. එයින් පසු 1946 වසරේ කොල්ලුපිටියේ මෙතෝදිස්ත විද්‍යාලයට ඇතුළු වී වසරක කාලයක් අධ්‍යාපනය ලැබුවා ය. පාසල් අවධියේදී සාර්ථක ලෙස අධ්‍යාපනය හැදෑරූ ඇය පාසල් දිවියෙන් සමුගන්නා තෙක්ම නර්තනය හැදෑරුවා ය.

වෘත්තීය නර්තනවේදිනියක ලෙස ගමන ඇරැඹීම

1943 වසරේදී කළුතර නගර ශාලාවේදී ඇය ඇගේ කේවල නර්තනය පැවැත්වූවාය. ඒ වනවිට ඇය වයස අවුරුදු 11ක දැරියකි.1946 වර්ෂයේදී ඇය එම්.ඩී.චිත්‍රසේන මහතාගෙන් නර්තනය ඉගෙනීම ආරම්භ කළා ය. 1949 වසරේදී රාවණා මුද්‍රා නාට්‍යයේ ආරම්භ පූජා නැටුම වජිරාගේ ඒක පුද්ගල ප්‍රථම නර්තනය විය. මෙය ශ්‍රී ලංකාවේ නර්තන ශිල්පිනියක විසින් ඉදිරිපත් කළ ප්‍රථම ශාස්ත්‍රීය නර්තනය ද විය. වර්ෂ 1950දී එම්.ඩී. චිත්‍රසේන සමඟ වජිරා විවාහ වූවාය.

ඇයට හිමි වූ සම්මාන

* 2020 වසරේදී ඉන්දියාවේ සිව්වැනි ඉහළම සම්මානය වන පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවා ය.

* 2011 වසරේදී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ඇය දර්ශන විශාරද උපාධිය ලබා ගත්තා ය

නර්තනයට කළ මෙහෙය

හැත්තෑව දශකයේදී වජිරා ලයනල් වෙන්ඩ්ට් වේදිකාව මත කරදිය මුද්‍රා නාට්‍යයේ සිසී ලෙසත් නල දමයන්ති මුද්‍රා නාට්‍යයේ හංසයා ලෙසත් කළ අලංකාර රංගනය බොහෝ දෙනාගේ සිත් ගත්හ. මෙපමණක් නොව විවිධාකාරයේ නර්තන අත්දැකීම් එකතු කරමින් නව අත්දැකීම් එකතු කරගැනීමට ආචාර්ය වජිරා සමත් වූවා ය. මේ නිසාම ඇය අනුව යමින් නර්තන පරපුරක් බිහි වූහ. මේ නර්තන පරපුර විවිධ වූ නිර්මාණාත්මක නර්තන ස්වරූපයන් එක් කරමින් විවිධ නර්තනයන් නිර්මාණය කළහ.

මේ අයුරින් ශ්‍රී ලංකාවේ නර්තනයට නව ආලෝකයක් මැවූ පෞරුෂවත් නර්තනවේදිනිය

2024 සැප්තැම්බර් මස 23 වැනිදා දිවි සැරිය නිමා කළා ය.

රූපාන්ති බුලත්සිංහල

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department