Home » Blog » කෙන්ටින් ජාතික වනෝද්‍යානය

කෙන්ටින් ජාතික වනෝද්‍යානය

by thanushika
0 comment

කෙන්ටින් ජාතික වනෝද්‍යානය තායිවානයේ හෙංග්චුන්ග්,ටෙන්චුන්ග් පිංටිංහි පිහිටා ඇත. මෙම වනෝද්‍යානය තායිවානයේ පැරැණිතම සහ ප්‍රධාන දූපතේ දකුණු දෙසින් පිහිටි ජාතික වනෝද්‍යානයකි. මෙය බාෂි ඕඩය ඔස්සේ තායිවාන දූපතේ දකුණු කෙළවර ආවරණය කරයි. විධායක යුවාන්ගේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් මෙම වනෝද්‍යානය පරිපාලනය කරනු ලබයි. වර්ෂ 1984 ජනවාරි 01 වැනි දින කෙන්ටින් ජාතික වනෝද්‍යානය ආරම්භ කළේ ය. කෙන්ටින් යන්නෙහි තේරුම වන්නේ මාර්ග සොයන්නන් හෝ පුරෝගාමීන් යන්නයි. මෙම ජාතික වනෝද්‍යානයට අමතරව කඳු, වනාන්තර, තණබිම්, වැව්, වැලි කඳු, වෙරළ සහ කොරල්පර ඇතුළත් වේ. ඉතින් මේ සූදානම පුංචි දූලා පුතාලට සුන්දරත්වයෙන් යුතු කෙන්ටින් ජාතික වනෝද්‍යානය පිළිබඳ තොරතුරු රැගෙන එන්නයි.

කෙන්ටින් ජාතික වනෝද්‍යානය වර්ග කිලෝමීටර් 181ක් පමණ භූමි ප්‍රදේශයකින් සහ වර්ග කිලෝමීටර් 152ක් පමණ මුහුදු ප්‍රදේශය ආවරණය කරනු ලබයි. මෙම වනෝද්‍යානය නන්වන් සහ බනානා මුහුදු බොක්ක,පැසිෆික් සාගරය ,තායිවාන සමුද්‍ර සන්ධියෙන් සහ ලුසොන් සමුද්‍ර සන්ධියෙන් වට වී ඇත. කෙන්ටින් ජාතික වනෝද්‍යානය Kaohsiung  සිට කිලෝමීටර් 90ක් පමණ දුරින් සහ ඊචඪදචද සිට කිලෝමීටර් 140ක් පමණ දුරින් පිහිටා තිබේ. මෙම වනෝද්‍යානය උතුරේ සිට දකුණට විහිදෙන දිගු හා පටු Hengchun Longitudinal  නිම්නයෙන් කොටස් දෙකකට බෙදී ඇත. බටහිර වෙරළ තීරයේ කොරල්පර ගල්පරවලින් පිරී ඇති අතර, වනෝද්‍යානයේ උතුරේ කඳු විශාල සංඛ්‍යාවක් මෙන්ම දකුණේ කොරල් කඳුතලා දක්නට ලැබේ. මෙහි ලොන්ග්ලුවාන් විලක් පිහිටා ඇත. නැඟෙනහිර දෙසින් කොරල් කඳුතලා සහ හුණුගල් ගුහා පිහිටා තිබේ. කොරල් කඳුතලා බිම්වල නැඟෙනහිර පැත්තේ සුළං සහ ගංගාවල ඒකාබද්ධ බලපෑමෙන් සෑදුණු අද්විතීය වැලි ගංගා, වැලි දිය ඇලි , කොරල් කඳු, ගිලී ගිය ගුහා ද ඇතුළත් වේ.

මෙම ජාතික වනෝද්‍යානයේ ක්ෂීරපායී විශේෂ 15ක්, පක්ෂි විශේෂ 310ක්, උරග සහ උභයජීවී විශේෂ 59ක්, මිරිදිය මත්ස්‍ය විශේෂ 21ක්, සමනල විශේෂ 216ක් සහ විවිධ කෘමි වර්ග මෙහි ජීවත්වෙති. ගොඩබිම් කකුළුවන් විශේෂ 26ක් මෙම ප්‍රදේශයේ වාසය කරන අතර, මෙය ලෝකයේ තනි ප්‍රදේශයක ඇති ඉහළම ගොඩබිම් කකුළුවන් විවිධත්වය වේ.

ormosan clouded leopard වැනි දේශීයව වඳ වී ගොස් ඇති දිය මී හරකුන් වැනි ගොඩබිම වෙසෙන ක්ෂීරපායින් විශේෂ 34ක් වාර්තා වී ඇත. වර්ෂ 1969 දී වනගතව වඳ වී ගිය ෆෝමෝසන් සිකා මුවන් වර්ෂ 1994දී කෙන්ටින් වනෝද්‍යානයට නැවත වරක් හඳුන්වා දෙන ලදි. චීන පැන්ගෝලින් දශයකට පසු නැවත මෙහිදී සොයා ගන්නා ලදි.

වර්ෂ 1860 ගණන්වල නාවික අනතුරු කිහිපයකින් පසු අමෙරිකානු සහ ජපන් රජය චීන රජයට කරන ලද ඉල්ලීම් අනුව එලුආන්බි ප්‍රදීපාගාරය වර්ෂ 1883දී නිම කරන ලදි.ප්‍රාදේශීය ගෝත්‍රිකයන්ගේ ප්‍රහාරවලින් ප්‍රදීපාගාරය ආරක්ෂා කිරීම සඳහා චීන හමුදා යැවීමට සිදු විය. ප්‍රදීපාගාරයේ ආරක්ෂාව සඳහා කාලතුවක්කු සහිත බළකොටුවකින් වට කරන ලදි. මෙම ප්‍රදීපාගාරයේ උස මීටර් 21.4ක් වන අතර, එහි ආලෝකය උදම් උස් ජලයට ඉහළින් මීටර් 56.4ක් පමණ වේ. සෑම තත්පර 10 කට වරක් ආලෝකය දැල්වෙන අතර, එහි පරාසය නාවික සැතපුම් 27.2ක් පමණ ය. මෙම ප්‍රදීපාගාරය පිහිටා ඇත්තේ මෙම ජාතික වනෝද්‍යානය අසල ය.

කෙන්ටින් ජාතික වනෝද්‍යානය නිවර්තන දේශගුණය සඳහා ප්‍රසිද්ධ වේ. වසර පුරා උණුසුම් දේශගුණයක් තිබේ. පිංතුංහි සෙසු ප්‍රදේශ සමඟ , දේශගුණය භූගෝලීය වශයෙන් නිවර්තන මෝසම් දේශගුණයක් ලෙස වර්ගීකරණයකර ඇත. සුප්‍රසිද්ධ ජාත්‍යන්තර රොක්-බෑන්ඩ් උත්සවය වර්ෂ 1995 සිට මෙම උද්‍යානයේ පවත්වා ඇත. වර්ෂ 2008 කේප් අංක 7 චිත්‍රපටයේ බොහෝ කොටස් රූගතකර ඇත්තේ කෙන්ටින් ජාතික වනෝද්‍යානයේ සහ ඒ අවට පරිසරයේ ය. මෙම ජාතික වනෝද්‍යානය නැරැඹීම සඳහා බොහෝ විදේශිකයෝ පැමිණෙති. වර්ෂ 2016 දී මිලියන 5.84ක් නරඹන්නන් සංඛ්‍යාවක් මෙහි පැමිණි අතර, මෙය තායිවානයේ වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත් වී තිබේ.

චතුරි ලක්ෂිකා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department