Home » Blog » ලෝකයේ දුම්රිය ස්ථාන

ලෝකයේ දුම්රිය ස්ථාන

by thanushika
0 comment

ප්‍රවාහනය යනු මිනිසුන්, සතුන් සහ භාණ්ඩ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙන යෑමයි. ප්‍රවාහනය මඟින් වෙළෙඳාම සඳහා අවස්ථාව මිනිසා හට උදා විය. දුම්රිය යනු මිනිසා හට උදවු කරන එක් ප්‍රවාහන ක්‍රමකි. ලෝකයේ සෑම රටකම පාහේ දුම්රිය ප්‍රවාහනය ක්‍රියාත්මක වේ. අනෙකුත් ප්‍රවාහන මාධ්‍යන්ට වඩා දුම්රිය ප්‍රවාහනය ගතික වේ. භාණ්ඩ ප්‍රවාහන සඳහා ද දුම්රිය භාවිත කරනු ලබයි. මෙවර මිහිර පෝස්ටරය සැකසෙන්නේ ලෝකයේ දුම්රිය ස්ථාන ඇසුරෙනි .

Higashi-Hachimori Station 

( හිගාෂි -හචිමොරි දුම්රිය ස්ථානය )

Higashi-Hachimori Station  දුම්රිය ස්ථානය ජපානයේ අකිටා ප්‍රදේශයේ Happo  නගරයේ පිහිටා ඇත. මෙය නැඟෙනහිර ජපන් දුම්රිය සමාගම පවත්වාගෙන යයි. Higashi-Hachimori  දුම්රිය ස්ථානය කිලෝමීටර් 147.2ක් Gono Line මඟින් සේවා සපයනු ලබයි. මාර්ගයේ දකුණු පර්යන්තයේ සිට Higashi-Noshiro  දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 18.0ක් දුරින් පිහිටා ඇත. වර්ෂ 1926 අප්‍රේල් 26 වැනි දින විවෘතකර තිබේ.

මෙම දුම්රිය ස්ථානයේ මගී ජනතාවට එහා මෙහා යා හැකි අයුරින් සියලු පහසුකම් තිබිණි.

Udine railway Station

( උඩිනේ දුම්රිය ස්ථානය)

Udine දුම්රිය ස්ථානය ඊසාන දිග ඉතාලියේ Friuli-Venezia Giulia  හි ස්වාධීන ප්‍රදේශයේ සිට Udine නගරය දක්වා පිහිටා තිබේ. ‍වර්ෂ 1860 ජූලි 21 වැනි දින මෙම දුම්රිය ස්ථානය විවෘත කළේ ය.  Venice ,Trieste,Tarvisio,Cervignano සහ Cividale යන නම් ඇති පේළි පහකින් යුක්ත මංසන්ධියකි. Udine  දුම්රිය ස්ථානය නගර මධ්‍යයේ දකුණු කෙළවරේ  Viale Europa Unitaහි පිහිටා ඇත. මෙම දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම, ප්‍රවෘත්ති නියෝජිතයන් දෙදෙනකු, බැංකුවක්, දේවස්ථානයක්, ෆාමසියක්, සාප්පු, යුරෝස්ටාර් ක්ලබ් සහ දුම්රිය පොලිස් මූලස්ථානය ඇතුළු බොහෝ සේවාවන් සපයන විශාල මගී ගොඩනැඟිල්ලක් ඇත. දුම්රිය අංගණය මගී සේවාව සඳහා ධාවන පථ 7 කින් සමන්විත වේ. වේදිකාවක් නොමැති ධාවන පථ අංක 2 ඇතුළුව, භාණ්ඩ ප්‍රවාහනය, මාරු කිරීම, ස්ථාවර කිරීම සහ ගබඩා කිරීම සඳහා පමණක් භාවිත කිරීම සඳහා මෙය පීලි කිහිපයකින් සමන්විත වේ.

Newark Penn Station

(නෙවාර්ක් පෙන් දුම්රිය ස්ථානය)

නෙවාර්ක් පෙන් දුම්රිය ස්ථානය නිව් ජර්සි හි නෙවාර්ක් හි අන්තර් මාදිලි මගී ස්ථානයකි. නිව්යෝර්ක් අගනගරයේ ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානයකි. මෙම දුම්රිය ස්ථානය එක්සත් ජනපදයේ හත්වැනි කාර්ය බහුලම දුම්රිය ස්ථානය වන අතර, නිව්යෝර්ක් නගරයේ සිව්වැනි දුම්රිය ස්ථානයයි. නෙවාර්ක් පෙන් දුම්රිය ස්ථානය වර්ෂ 1935 මාර්තු 24 වැනි දින විවෘත කළේ ය. මෙම දුම්රිය ස්ථානය වර්ෂ 2007දී ප්‍රතිසංස්කරණයකර ඇත. නෙවාර්ක් පෙන් දුම්රිය ස්ථානය නිව්යෝර්ක් සහ නිව් ජර්සි වරාය අධිකාරිය මෙහෙයුම් කටයුතු සිදුකරයි.

Beijing South Railway Station

( බීජිං දකුණු දුම්රිය ස්ථානය)

මෙම දුම්රිය ස්ථානය පිහිටා ඇත්තේ චීනයේ බීජිං නගරයේ සිට කිලෝමීටර 6ක් පමණ දකුණින් ය. බීජිං දකුණු දුම්රිය ස්ථානයේ මහල් 5ක් ඇත. මෙම දුම්රිය ස්ථානය වර්ෂ 1897දී පමණ විවෘත කරන ලදි. වර්ෂ 2006 සිට වර්ෂ 2008 කාලයේ මෙම දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණයකර ඇත. ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව නැවත මෙම දුම්රිය ස්ථානය වර්ෂ 2008 අගෝස්තු 1 වැනි දින විවෘතකර තිබේ. මෙම දුම්රිය ස්ථානය සාමාන්‍ය මගී දුම්රිය ස්ථානය සහ අධිවේගී දුම්රිය ස්ථානය යන දෙකම ඒකාබද්ධ කරයි. මෙය වර්ග මීටර් 320,000ක් ආවරණය වන අතර, වේදිකා 13කින් සහ දුම්රිය මාර්ග 24කින් සමන්විත වේ. මෙම ස්ථානය ප්‍රධාන වශයෙන් අධිවේගී දුම්රිය සඳහා සේවා සපයනු ලබයි. මෙහි අධිවේගී දුම්රිය 383ක් පමණ ක්‍රියාත්මක වන අතර, සාමාන්‍යයෙන් බීජිං-ෂැංහයි අධිවේගී දුම්රිය ඇතුළුව දිනකට ඇතුළුවීම් සහ පිටවීම් 135,000ක් පමණ ගමන් කරයි.

Brisbane Central Railway Station

(බ්‍රිස්බේන් මධ්‍යම දුම්රිය ස්ථානය)

බ්‍රිස්බේන් මධ්‍යම දුම්රිය ස්ථානය ඔස්ට්‍රේලියාවේ ඇන්සාක් චතුරශ්‍රයට එපිටින් ඇන් සහ එඩ්වඩ් වීදිවල බ්‍රිස්බේන් මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ උතුරු කෙළවරේ පිහිටා ඇත. ඇන් සහ එඩ්වඩ් වීදිවලට කෙළවරේ ඇති ප්‍රධාන දොරටුවෙන් සහ වික්‍හැම් ටෙරස් වෙතින් පදික ප්‍රවේශය ලබා ගත හැකි ය. මධ්‍යම දුම්රිය ස්ථානය සඳහා වූ පළමු ගොඩනැඟිල්ල ලී සහ රැලි සහිත ගැල්වනයිස් කරන ලද යකඩ ව්‍යුහයක් ලෙස නිර්මාණය කර තිබිණි. මෙම දුම්රිය ස්ථානය වර්ෂ 1889 අගෝස්තු 18 වැනි දින විවෘත කළේ ය. බ්‍රිස්බේන් හි නවීකරණය කරන ලද දුම්රිය ස්ථානය දැන් සංචාරකයන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානයයි. එය වේදිකා 6 කින් සහ මගීන් සඳහා අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විත වේ. මෙම දුම්රිය ස්ථානය නගරයේ කාර්යබහුලම වීදිවලින් එකක පිහිටා ඇත.

Seoul Station

( සෝල් දුම්රිය ස්ථානය )

මෙම දුම්රිය ස්ථානය දකුණු කොරියාවේ අගනුවර වන සෝල්හි පිහිටා ඇත. මෙම දුම්රිය ස්ථානයට සේවය කරනු ලබන්නේ කෝරයිල් නගරාන්තර මාර්ග සහ සෝල් මෙට්‍රොපොලිටන් උමං මාර්ගයේ මගී දුම්රිය මඟිනි. වර්ෂ 1947 නොවැම්බර් 01 වැනි දින මෙම දුම්රිය නැවතුම්පොළ සෝල් ස්ටේෂන් ලෙස නම් කරන ලදි.පශ්චාද් කොරියානු යුද සමය පුරා මෙම දුම්රිය ස්ථානය පුළුල් කරන ලදි. සෝල් දුම්රිය ස්ථානයේ දක්ෂිණ ඇමුණුම වර්ෂ 1957 දෙසැම්බර් 30 දින නිම කරන ලද අතර, බටහිර ඇමුණුම වර්ෂ 1969 පෙබරවාරි 14 දින නිම කරන ලදි. මෙම දුම්රිය ස්ථානය සමහරITX – Saemaeul,Mugunghwa-Ho සහ Korail සංචාර දුම්රිය කිහිපයකට ද සේවය කරයි.

Trieste Centrale Railway Station

(ට්‍රයිස්ටේ සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය)

ට්‍රයිස්ටේ සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය ඉතාලියේ ඊසානදිග Giulia  හි ස්වාධීන ප්‍රදේශයේ ට්‍රයිස්ටේ නගරයට සහ මහ නගර සභාවට සේවය කරන ප්‍රධාන දුම්රිය ස්ථානයකි.වර්ෂ 1857 දී මෙම දුම්රිය ස්ථානය විවෘත කරන ලදි. ට්‍රයිස්ටේ සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය කළමනාකරණය කරනු ලබන්නේ Rete Ferroviaria Italiana විසිනි. මගී ගොඩනැඟිල්ලේ වාණිජ ප්‍රදේශය Centostazioni  විසින් කළමනාකරණය කරනු ලැබේ. ප්‍රතිසංස්කරණය කරන ලද දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර කාර්යාලයක්, මධ්‍යම පොරොත්තු ප්‍රදේශයක්, දේවස්ථානයක්, සුපිරි වෙළෙඳසැලක්, පොත් සාප්පුවක්, ෆාමසියක් සහ අධිවේගී දුම්රිය මගීන් සඳහා වෙන් කරන ලද නව විවේකාගාරයක් ඇතුළු පහසුකම් සහිත විශාල මගී ගොඩනැඟිල්ලක් ඇත . දුම්රි පොලිසිය, Trenitalia  සහ එහි මෙහෙයුම් කළමනාකරණය සඳහා තවත් එක් කාර්යාලයක් ඇත. සෑම වසරකම දුම්රිය ස්ථානයේ මගීන් මිලියන හයක් පමණ ගමන් කරයි. මෙය මුළු ඉතාලිය සමඟ සම්බන්ධ කරමින් දුම්රිය මගීන්ට සේවය කරයි.

Raghunathbari Railway Station

(රඝුනාත්බරි දුම්රිය ස්ථානය)

මෙම දුම්රිය ස්ථානය ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ පිහිටා ඇත. රඝුනාත්බරි දුම්රිය ස්ථානය පූර්බා මෙඩිනිපූර් දිස්ත්‍රික්කයේ රඝුනාත්බරි කමිනාචක්-රඝුනාත්බරි සඳහා සේවය කරනු ලබයි. මෙය හවුරා දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර 74ක් සහ පන්ස්කුරා සිට කිලෝමීටර 7ක් පමණ දුරින් පිහිටා ඇත. රඝුනාත්බරි දුම්රිය ස්ථානය Panskura – Haldia  මාර්ගයේ කුඩා දුම්රිය ස්ථානකි. රඝුනාත්බරි දුම්රිය ස්ථානයේ සංකේත නාමය’RGX’වේ.  Raghunathbari (RGX)  හන්දිය හරහා ගමන් කරන මුළු දුම්රිය සංඛ්‍යාව 34ක් පමණ ය. RGX හරහා ගමන් කරන සමහර ප්‍රධාන දුම්රි වන්නේ දීඝා – මල්ඩා ටවුන් එක්ස්ප්‍රස් සහ මල්ඩා ටවුන් – දීඝා එක්ස්ප්‍රස් ආදියයි. රඝුනාත්බරි දුම්රිය ස්ථානය අග්නිදිග දුම්රිය කලාපයට අයත් වේ.RGX හි හොඳීන් ඉදිකරන ලද වේදිකා 3ක් ඇත.

Bigger Railway Station

(බිග්ගර් දුම්රිය ස්ථානය)

බිග්ගර් දුම්රිය ස්ථානය යනු කැනඩාවේ සස්කැච්වාන් හි බිගර් හි වයා රේල් විසින් මෙහෙයවනු ලබන දුම්රිය ස්ථානයකි. කැනේඩියානු – පැසිෆික් දුම්රිය ප්‍රදේශය ඔස්සේ ශාඛා මාර්ගයක් ඉදිකරන විට වර්ෂ 1907 දී බිග්ගාර්ට එහි පළමු දුම්රිය සේවය ලැබිණි . දුම්රිය ස්ථාන ගොඩනැඟිල්ල වර්ෂ 1909 දී GTP විසින් ඉදිකරන ලදි. වර්ෂ 1910 දී පමණ බිග්ගර් දුම්රිය ස්ථානය විවෘතකර ඇත. මෙය බටහිර කැනඩාවේ විශාලතම GTP මධ්‍යස්ථානය විය. බිග්ගර් දුම්රිය ස්ථානයේ මගීන් සහ දුම්රිය සේවකයන් සඳහා දිනකට පැය 24 පුරා ක්‍රියාත්මකවන ආපන ශාලාවක් ඉදිකර ඇත. වර්ෂ 1996 පෙබරවාරි 19 වැනි දින, නියෝජ්‍ය අගමැති සහ කැනේඩියානු උරුමය පිළිබඳ අමාත්‍යවරිය වන ෂීලා කොප්ස් විසින් බිග්ගාර් දුම්රිය ස්ථානය උරුම දුම්රිය ස්ථානයක් ලෙස නම්කර තිබේ.

චතුරි ලක්ෂිකා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department