මගේ අත්තම්මා
පුංචි කාලේ අත් අල්ලා ගෙන යන විටදී
සිතෙන්නට ඇති ලොකු වෙන්නේ කවදා ද කියා
මා තරමක් ලොකු වූ විට
අත්තම්මා ඈට හැකි ලෙසකට
සෙල්ලම් කළා මා සමඟ
පාසල් යන විටදී ද
මා පාසලට ඇරලවන්නේ විටකදි ඇයයි
පාසල් යන්නට කලින්
ආරක්ෂාව ද මතක් කරයි
මිනිසුන් රැසකගේ මිතුරියකි ඇය
ඇය මට මෙන් සැමටම කරුණාවන්තය
හැමවිටකම මට පවසන්නේ
උසස් මිනිසෙක් වෙන්න කියා ය
මාගේ දියුණුව පිටුපස
තෙවෙනියට සිටින්නේ ඇයයි
දීර්ඝායුෂ ලැබේවා! මගේ ආදර අත්තම්මාට
නිදුක් නිරෝගීව සතුටෙන් ඉන්න
මතු දවසක මා රකින්නම් ඔබව
මගේ ආදරණීය රත්තරන් අත්තම්මේ
දිනුක සත්සර ඇන්තනි
7 ශ්‍රේණිය ඊ,
ශ්‍රී සුමංගල විදුහල,
මහනුවර
————————————–
උදෑසන අසිරිය
උදෑසනම කුකුළන් හඬලනුයේ ගම්මුන් අවදි කරවන අටියෙනි. ඒ සමඟම පියඹා ආ අනේකවිධ වර්ණයන්ගෙන් සැරසුණු විහඟ රෑන් කඳු මුදුනින් එහා නොපෙනෙන තෙක් මානයට පියඹා ගියහ.
හිරු කුමරාව පිළිගැනීමට රතු, කහ, තැඹිලි, රෝස ආදීි නොයෙකුත් වර්ණයන්ගෙන් පොහොසත් වූ වලාකුළු කඳු මුදුන් අතර සිටින්නේ නොඉවසිල්ලෙන් ය. නැඟෙනහිර අහසින් හිරු කුමරා ගිනිබෝලයක් මෙන් පායා එද්දී කුරුලු පැටව් ගීත ගැයුවේ ‘ආයුබෝවන්’ කියනවා ලෙසිනි. නිල්ල ගැසුණු වෙල් යාය මේ අසිරිය දෙගුණ තෙගුණ කරවීමට සමත් විය. ගම පසෙක වූ ධවල පැහැ සළුවලින් සැරසුණු දිය ඇලි කුමරිය මෙතෙක් වේලා සිප ගෙන සිටි මීදුම් පටල සැඟවී ගොසිනි. මෙම උදෑසනට ගම්පියස දකින අයකු මෙම අසිරිය සිත්තමකට නගනු නොඅනුමාන ය.
එන්.ජී. පුණ්‍යා නේත්‍රාංජලී
7 ශ්‍රේණිය,
මහ/පුෂ්පදාන බාලිකා විද්‍යාලය
මහනුවර
——————————-
පරිසර දූෂණයට තිත
වර්තමානයේ මිනිසා අතින් සිදුවන්නා වූ වැරැදීම්වලට දඬුවම් විඳීමට සිදුව ඇත්තේ හෙට දවසේ රට භාර ගැනීමට සිටින ඔවුන්ගේම වත්මන් පරපුරටයි. එම වැරැදි අතර මුල් තැන ගෙන සිටින්නේ පරිසර දූෂණයයි.
පරිසරය යනු අප අවට ඇති වටපිටාවයි. එම පරිසරය සුරැකීම අප සතු පරම වගකීමයි. ගසට පොත්ත මෙන් මිනිසාට ද පරිසරය නොමැතිව ජීවත්විය නොහැකි ය.
පරිසර හිතකාමියකු වූ රතු ඉන්දියානු ගෝත්‍රික සියැටෙල් පවසා ඇත්තේ “අපි මහ පොළොවේ කොටසක් වන්නා සේම, මහපොළොව අපගේ කොටසක් වන්නේ ය. සුවඳැති මල් අපගේ සහෝදරියෝ ය. මුවා, රාජාලියා, අශ්වයා අපගේ සහෝදරයෝ ය. රොකී කඳුකරයේ මිතුරු හිමතුරු වදුලුවල තෙතමනය මිනිසුන්ගේ, අශ්වයන්ගේ උණුසුම එකම පවුලට අයත් ය” යන්න එම උදාරතර වූ මිනිසාගේ වටිනා සංකල්පයකි. ඔහු කෙතරම් පරිසර හිතකාමියකු වේ දැයි එතුමාගේ ප්‍රකාශවලින් අපට පැහැදිලි වේ. ලොව දෙවැනුවට වැඩිම ජනගහනයක් වාසය කරන රට වන ඉන්දියාවේ ද වර්තමානයේ මිනිසුන්ට අත්ව ඇති ඉරණම කෙතරම් විස්මයජනක සහ කෙතරම් භයංකර වේද යත් ඔවුන්ට නිසියාකාරව ඔක්සිජන් නොලැබීම හේතුකොට ගෙන මිනිසුන් ක්ෂණිකව මහ පොළොවට ඇද වැටී මහ පොළොව සිප ගනියි. වත්මන් ලෝකය අතීතයට වඩා හාත්පසින්ම වෙනස්ව ඇත. ආදි මානවයා තමා ගැන පමණක් නොව අන්‍යයයන් ගැන ද සිතා තම කාර්යයන් සිදු කළහ. ඔවුන් සාදා ගත් නගර කිසිවකුට කිසිදු හානියක් සිදු නොවන ආකාරයට නිර්මාණය කරඇත. එහෙත් වත්මන් සමාජය ඊට හාත්පසින්ම වෙනස් ආකාරයේ නගර බිහි කරගෙන ඇත. පරිසරයට ඇලුම් කළ තම මිතුන් මිත්තන්ට ද අපහාස කරමින් තම කාර්යය ඉටු කර ගැනීමට වර්තමානය පුරුදු වී ඇත.
පරිසරවේදියකු වන සියැටෙල් ප්‍රකාශ කළ තවත් සංකල්ප ඇත. ඔහු පවසා ඇත්තේ “ඇළ,දොළ, ගංගා, දියඇලිවලින් ගලන්නා වූ දිය පහරවල අප මව්පියන්ගේ හා මුතුන්මිත්තන්ගේ ලේ දහඩිය මඟින් පෝෂණය වී ඇත. අවට පරිසරයේ හමන පවන්වල ඇත්තේ මාගේ මව්පියන්ගේ හා මුතුන් මිත්තන්ගේ දුක් සෝ සුසුම් කියා ය. අප මව්පියන්, මුතුන් මිත්තන් වැළලූ විට ඒවා දිරා ගොස් මේ පස සරු කරඇත්තේ අපගේ හෙට පරපුර වෙනුවෙනි.
මා හට මේවා දකිනා විට සතුටක් හා දුකක් ද ඇති වේ. එහි සතුට නම් අප මුතුන් මිත්තන් හා මව්පියන් අපට පරිසරයක් හා ලස්සන රටක් ඉතුරුකර ගොස් ඇති නිසා ය. දුක නම්, මේවා අප විසින්ම විනාශ කර දැමීමයි. ඔවුන් වැළලූ තැන්වල ඔවුන්ගේ දේහ දිරාගොස් පස සරුකර අපට ගස්වැල් ලබා දී ඇත. එම ගස්වැල් කපා දැමීමට වර්තමානය පුරුදු වී ඇත.” යන්නයි. ඔහුගේ එම වදන් අප නිතර ඇස ගැටෙයි. නැතහොත් දෙසවන්වල ගැටී ඒ ගැන අප හිතේ දෝංකාර දෙයි. ඔහු කෙතරම් පරිසර හිතකාමී වේද? එහෙත් වර්මානයේ මිනිසුන්ගේ විවිධ කාර්යයන් නිසා මෙම ක්‍රියාකලාපය හාත්පසින්ම වෙනස් පැත්තකට හැරීමක් සිදුවී ඇත. සියැටෙල් මෙන්ම අපි ද අපේ පරිසරය දෙස දෑස විවරකර බලමු. මේවායේ භයංකර වූ ප්‍රතිඵල ගැන දැනුම්වත්ව ක්‍රියා කරමු. අපි අපේ දේ රැකගෙන අලුත් දේ ද අරගනිමින් නව සංකල්පවලින් පිරිපුන් පරිසර හිතකාමීන්ගෙන් සමන්විත රටක් ලෙස එකට එකතු වී මෙම ගැටලුවලට පිළිතුරක් සොයමු.
අන්ජානි රවීෂා සිත්මි ඩයස් දහනායක
8 ශ්‍රේණිය,
මාර/කරන්දෙණිය ජාතික පාසල
කඹුරුපිටිය