Home » Blog »  පුංචි ඔබේ දැනුම පොතට

 පුංචි ඔබේ දැනුම පොතට

by thanushika
0 comments

විදේශීය තොරතුරු

1. වැඩිම රත්රන් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන රට කුමක් ද?

2. පෙනිසිලින් (penicilin) සොයා ගත්තේ කවුරුන් ද?

3. ඩයිනමයිට් (Dynamite) සොයා ගත්තේ කවුරුන් ද?

4. ජංගම දුරකතනය සොයා ගත්තේ කවුරුන් ද?

5. ලෝකයේ දිගම ගඟ කුමක් ද?

6. ලෝකයේ උසම දිය ඇල්ල කුමක් ද?

7. ලෝකයේ ලොකුම දිය ඇල්ල කුමක් ද?

8. සහල් නිෂ්පාදනය වැඩි වශයෙන් සිදු කරන රාජ්‍ය කුමක් ද?

9. මුලින්ම පෝසිලේන් භාණ්ඩ නිපද වූ ජාතිය කවුද?

10. ලෝකයේ ප්‍රථම පරමාණු බලාගාරය ඉදිකළේ කවදා ද?

11. ලොව විශාලතම කාන්තාරය කුමක් ද?

12. ලොව වැඩිම ජනගහනයක් ඇති රට කුමක් ද?

13. ලෝකයේ ගැඹුරුම සාගරය කුමක් ද?

14. ලෝකයේ වැඩිම රටවල් ප්‍රමාණයක් ඇති මහද්වීපය කුමක් ද?

15. යුරෝපයට හා ආසියාවට අයත් රට කුමක් ද?

‍16. ලෝකයේ ඇති කුඩාම රට කුමක් ද?

17. ලෝකයේ විශාලතම දූපත කුමක් ද?

18. ලෝකයේ විශාලතම ගිනි කන්දකුමක් ද?

19. මුහුදේ ගැඹුරුම ස්ථානය කුමක් ද?

20. කහ ගංගාව යැයි හඳුන්වන්නේ කුමක් ද?

විද්‍යාත්මක හේතු

1. ගසේ දල්ල කැපූ පසු අංකුර වැවෙන්නේ ඇයි?

2. වර්ෂාවෙන් පසු දේදුන්න හට ගන්නේ ඇයි?

3. මිනිස් සිරුරේ ඇති කුඩාම අස්ථිය කුමක් ද?

4. අයිස් කැට ජලයේ පාවෙන්නේ ඇයි?

5. ජෛව විවිධත්වය යනු කුමක් ද?

6. ජල බිඳුවෙන් ගින්නක් උපදින්නේ කෙසේ ද?

7. උණුසුම් කරන විට පාන් පිපෙන්නේ ඇයි?

8. සබන් ඇසට වැටුණු විට ඇස් දන්නේ ඇයි?

9. ගස්වල පත්‍ර කොළ පාට වන්නේ ඇයි?

10. ගස්වල කොළ වැටෙන්නේ ඇයි?

11. සීතල කාලගුණයක දී යකඩවලින් සාදන ලද හැන්දක් හා ලීවලින් සාදන ලද හැන්දක් ඇල්ලූ විට, යකඩවලින් සෑදූ හැන්දෙන් සීතලක් දැනෙන්නේ ඇයි?

12. පිරිසුදු කිරීමේ දී කහ කුඩු යොදා ගන්නේ ඇයි?

13. උණුසුම් වතුර නාන විට නිර්මාණාත්මකභාවය වැඩිවෙනවා ද?

14. හතු හෙවත් බිම්මල් අයත් වන්නේ කුමන රාජධානියට ද?

15. රයිනෝසිරස්ගේ අං සෑදී ඇත්තේ කුමකින් ද?

16. රයිනෝසිරස්ගේ අංවල ඇති විශේෂත්වය කුමක් ද?

17. ලුණු වැඩිපුර ශරීරගත වීම රුධිර පීඩනයට බලපානවා ද?

18. සිරුරේ ඇති විශාලතම අවයවය කුමක් ද?

19. දියවිදූ යනු කවුරුන් ද?

20. නින්ද කොටස් තුනකට වෙන් වේ. එයින් වැඩිම වේලාවක් නිදාගන්නා නින්ද කුමක් ද?

දේශීය තොරතුරු

1. ශ්‍රී ලංකාවේ පළමු අච්චු කන්තෝරුව කුමක් ද?

2. නුවරඑළිය අයත් වන්නේ කුමන පළාතට ද?

3. බෞද්ධ ප්‍රබෝධයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳීන්විය හැකි වේදිකාවක පැවැත්වූ ප්‍රසිද්ධ විවාදය කුමක් ද?

4. මහනුවර රාජධානියේ අවසාන සිංහල රජු කවුරුන් ද?

5. ශ්‍රී ලංකාවේ පළමුවැනි රාජධානිය කුමක් ද?

6. කෝට්ටේ රාජධානයේ දී පැමිණි යුරෝපීය ජාතිකයන් කවුද?

7. ශ්‍රී ලංකාවේ උසම කන්ද කුමක් ද?

8. ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරයා කවුරුන් ද?

9. ශ්‍රී ලංකාවේ දෙවැනි රාජධානිය කුමක් ද?

10. කතරගම පුදබිම පිහිටා ඇත්තේ කුමන දිස්ත්‍රික්කයක ද?

11. මහනුවර ඇත් පංතියේ යුවරජුන් කවුරුන් ද?

12. අගනුවර ඇත් පංතියේ යුවරජුන් කවුරුන් ද?

13. කතරගම විශාලතම ඇතා කවුරුන් ද?

14. මහනුවර ඇත් පංතියේ නායකයා කවුරුන් ද?

15. ශ්‍රී ලංකාවේ ලොකුම හස්තියා කවුරුන් ද?

16. ක්‍රි.ව. 1215 දී ශ්‍රී ලංකාව ආක්‍රමණය කළේ කවුරුන් ද?

17. මහනුවර රාජධානිය ඉංග්‍රීසින් විසින් යටත් කර ගත්තේ කුමන වසරේදී ද?

18. පෙර වස් විසීම ආරම්භ කරන්නේ කවදා ද?

19. පසු වස් විසීම ආරම්භ කරන්නේ කවදා ද?

20. ශ්‍රී ලංකාවේ විශාලතම වැව කුමක් ද?

කලා තොරතුරු

1. 1972 වර්ෂයේ තිරගත වූ නිධානය සිනමා පටයේ අධ්‍යක්ෂවරයා කවුරුන්ද?

2. පරෙවි සන්දේශය රචනා කරන ලද්දේ කවුරුන් විසින්ද?

3. 1963 වර්ෂයේ තිරගත වූ ගම්පෙරළිය සිනමා පටයේ අධ්‍යක්ෂවරයා කවුරුන්ද?

4. කෝකිල සන්දේශය රචනා කරන ලද්දේ කවුරුන් විසින්ද?

5. මාණික්කාවත කවුරුන් විසින් රචිත කෘතියක්ද?

6. 1970 වර්ෂයේ තිරගත වූ තුංමං හන්දිය සිනමා පටයේ අධ්‍යක්ෂවරයා කවුරුන්ද?

7. පළමු සිංහල නවකතාව කුමක්ද?

8. මහාවංශය කෘතිය රචනා කරන ලද්දේ කුමන රජ දවසේද?

9. මහාවංශයේ ඇතුළත් පරිච්ඡේද සහ ගාථා ප්‍රමාණය කොපමණද?

10. කොහොඹා කංකාරිය ශාන්ති කර්මය අයත් වන සම්ප්‍රදාය කුමක්ද?

11. සතර අභිනයට අයත් අංග මොනවාද?

12. ගුරු ගීතය නවකතාව රචනා කළේ කවුද?

13. යුද්ධය හා සාමය නවකතාව රචනා කරන ලද කතුවරයා කවුරුන්ද?

14. උපමා කතා ලිවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් තැනැත්තා කවුරුන්ද?

15. ශ්‍රී ලංකාවේ පැරැණිම ගී පොත කුමක්ද?

16. පිනෝකියෝ නවකතාව රචනා කරන ලද්දේ කවුරුන් විසින්ද?

17. බ්‍රිටනිකා විශ්වකෝෂය ආරම්භ වූ වර්ෂය කුමක්ද?

18. චීනයේ පැරැණිම පුවත්පත නම් කරන්න

19. ජාත්‍යන්තර පුවත්පත් කලාවේදීන්ගේ දිනය කවදාද?

20. ශ්‍රී ලංකාවේ පළමු ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය ප්‍රකාශයට පත් කරන ලද්දේ කවුරුන් විසින් ද?

නව සොයා ගැනීම්

1. විදුලි බල්බය සොයාගන්නා ලද්දේ කවුරුන් විසින්ද?

2. ෆැක්ස් යන්ත්‍රය සොයා ගන්නා ලද්දේ කවුරුන් විසින්ද?

3. රසදිය උෂ්ණත්වමානය සොයා ගන්නා ලද්දේ කුමන වර්ෂයේද?

4. පරිගණකය නිෂ්පාදනය කළ පුද්ගලයා කවුරුන්ද?

5. පෙන්ඩියුලම් ඔරලෝසුව සොයා ගන්නා ලද්දේ කවුරුන් විසින්ද?

6. ගුරුත්වාකර්ෂණ බලය සොයා ගන්නා ලද පුද්ගලයා කවුරුන්ද?

7. රේඩියම් ,පොලෝනියම් යන ලෝහ වර්ග සොයාගන්නා ලද්දේ කවුරුන් විසින්ද?

8. දුරකතනය සහ මයික්‍රොෆෝනය යන උපකරණ ලෝකයට හඳුන්වා දෙනු ලැබුවේ කවුරුන් විසින්ද?

9. රූපවාහිනිය ලොවට හඳුන්වා දුන් පුද්ගලයා කවුරුන්ද?

10. ටූත්පික් සොයාගත්තේ කවුද?

11. වාෂ්ප එන්ජිම ලොවට හඳුන්වා දුන් පුද්ගලයා කවුරුන්ද?

12. වසූරිය එන්නත මුල්ම වරට හඳුන්වා දුන් පුද්ගලයා කවුරුන්ද?

13. බ්‍රේල් ක්‍රමය ලොවට හඳුන්වා දුන් පුද්ගලයා කවුරුන්ද?

14. පැස්ටරීකරණය හා ජල භීතිකා එන්නත ලොවට හඳුන්වා දීමට මුල් වූ පුද්ගලයා කවුරුන්ද?

15. ප්‍රථම ගුවන්යානය ලොවට හඳුන්වාදීමට මුල් වූ පුද්ගලයන් කවුරුන්ද?

16. ප්‍රථම තැපැල් මුද්දරය ලොවට ඉදිරිපත් කරන ලද්දේ කවුරුන් විසින්ද?

17. ග්‍රැමෆෝනය සොයා ගත්තේ කවුරුන්ද?

18. විද්‍යුත් තැපෑල සොයා ගන්නා ලද්දේ කවුරුන් විසින්ද?

19. කාබන් මයික්‍රොෆෝනය සොයාගත් පුද්ගලයා කවුරුන්ද?

20. වැකූම් ප්ලාස්කුව සොයාගත් පුද්ගලයා කවුරුන්ද?

 

දේශීය තොරතුරු – පිළිතුරු

1. ලංකෝපකාර අච්චු කන්තෝරුව

2. මධ්‍යම පළාතට

3. පානදුරා වාදය

4. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ

5. අනුරාධපුර රාජධානිය

6. පෘතුගීසින්

7. පිදුරුතලාගල කන්ද

8. විලියම් ගොපල්ලව මහතා

9. පොළොන්නරුව රාජධානිය

10 හම්බන්තොට දිස්ත්‍රික්කයේ

11. සිංහ රාජා

12. කෝට්ටේ රාජා

13. වාසනා ඇතා

14. ඉන්දි රාජා

15. යක්කල ගජබා හස්තියා

16. සොළීන්

17. ක්‍රි.ව.1815

18. ඇසළ පුර පසළොස්වක පොහෝ දින

19. නිකිණි පුර පසළොස්වක පොහෝ දින 20. පරාක්‍රම සමුද්‍රය

විදේශීය තොරතුරු- පිළිතුරු

1. චීනය

2. ඇලෙක්සැන්ඩර් ෆ්ලේමිං

3. ඇල්ෆ්‍රඩ් නොබෙල්

4. මාර්ටින් කූපර්

5. නයිල් ගංගාව

6. වෙනිසියුලාවේ ඒන්ජල් දිය ඇල්ල

7 නයගරා දිය ඇල්ල

8 චීනය

9 චීන ජාතිය (චීනයේ ෂැං රාජවංශය)

10. වර්ෂ 1954 ජූනි 27 වැනි දින

11. Antarctic desert

12. චීනය

13. පැසිෆික් සාගරය

14. අප්‍රිකානු මහද්වීපය

15. රුසියාව

16. වතිකාන නගරය (Vatican city)

17. ග්‍රීන්ලන්තය (Greenland))

18. Mauna Loa

19. මරියානා ආගාධය

20. හොවැං හෝ ගංගාව

කලා තොරතුරු – පිළිතුරු

1. ලෙස්ටර් ජේම්ස් පීරිස්

2. තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

3. ලෙස්ටර් ජේම්ස් පීරිස්

4. දෙවිනුවර ඉරුගල්කුලතිලක පිරිවෙන් හිමි

5. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

6. මහගම සේකර

7. 1905 දී පළවූ අලුත්ගමගේ සයිමන් ද සිල්වා ලියූ මීනා

8. ධාතුසේන රජු යුගයේ

9. පරිච්ඡේද – 37 ගාථා – 2913

10. උඩරට සම්ප්‍රදාය

11. ආංගික අභිනය ඐ වාචික අභිනය ඐ සාත්වික අභිනය ඐ ආහාර්ය අභිනය

12. චිංගීස් අයිත්මාතොව්

13. ලියෝ ටෝල්ස්ටෝයි

14 ඊසොප්

15 සියබස්ලකර

16. කාලෝ කොලෝඩි

17 1768

18. චීනයේ පීකිං ගැසට් (Jingbao)

19. සැප්තැම්බර් 8

20. චාල්ස් කාටර්

විද්‍යාත්මක හේතු – පිළිතුරු

1. ඔක්සින් (Auxin) යන හෝමෝනය ගසේ අංකුර වැවීම නවත්වයි. ගසේ දල්ල කැපූ විට ගසේ ඇති ඔක්සින් (Auxin) හෝමෝනය ඉවත් වේ. එවිට ගසේ දල්ලෙන් අංකුර වැවේ.

2. සුදු ආලෝකයට පාට හතක් ඇත. එම වර්ණ නම් රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ සහ දම් ය. ප්‍රිස්මයකින් සුදු පාට, පාට හතකට වෙන් කරයි. වර්ෂාවේදී වැහි බිංදු ප්‍රිස්මයක් සේ ය. එම නිසා සුදු ආලෝකය පාට හතකට වෙන් වෙයි. එම නිසා වර්ෂාවෙන් පසු දේදුන්නක් හට ගනී.

3. කනේ මැද පිහිටා ඇති ධරණකය මිනිස් සිරුරේ ඇති කුඩාම අස්ථිය ලෙස සැලකේ. මෙය අශ්ව ලාඩමක හැඩයක් ගනියි. එහි දිග මි.මී 2-3 හෝ අඟල් 0.1ක් වන අතර, එය කුඩාම අස්ථිය ලෙස සැලකේ.

4. අයිස් කැටවල ඝනත්වය ජලයේ

ඝනත්වයට වඩා අඩු හෙයින් අයිස් කැට ජලයේ පාවෙයි. ජලයේ ඝනත්වය 1 g/ ml වන අතර 0.91 g/ml හෙයින් අයිස් කැට ජලයේ පාවෙයි.

5. ජෛව විවිධත්වය යනු පරිසර විවිධතාව, ජාන විවිධතාව හා විශේෂ විවිධතාවයේ එකතුවකි.

6. ජල බිංදු අත් කාච මෙන් ය. ජල බින්දුව ආලෝක කිරණ පරාවර්තනය කරයි. ජල බිංදු වියළි කොළ මත වැටුණු විට ඉර එළිය පරාවර්තනයකර ගින්නක් හට ගනියි. බොහෝ විට මෙම ගින්දර හට ගන්නේ වනාන්තරවල ය.

7. පාන්වලට යීස්ට් නම් ක්ෂුද්‍ර ජීවියා යොදා ගැනීම නිසා උණුසුම් කරන විට පිපෙයි.

8. සබන් සාදන්නේ කෝස්ටික් සෝඩා (caustic soda-Sodium hydroxide- NaOH) යොදාගෙන ය. සබන්වලින් අපේ මැරුණු සම ඉවත් කරයි. එය ඇසට වැටෙන විට ඇසේ ඇත්තේ සිනිඳු සමක් නිසා ඇස්වල දැවිල්ලක් ඇති වෙයි.

9. ගස්වල පත්‍රවල කොළපාට ක්ලෝරෆිල් (chlorophyll) නම් දෙයක් ඇත. එයින් ගස්වල පත්‍ර කොළ පාට කරවයි.

10. ගස්වල කොළවල නැට්ට අගෙන් ඇබ්සිෂ්න් ලේයර් (abscission layer) නම් තීරුවකින් ගසේ කඳ සහ කොළය අතර ඇති සම්බන්ධතාව බිඳ වැටෙයි. එහි දී කොළයට ජලය නොලැබීමෙන් කොළය බිමට ගසෙන් වෙන් වේ. කොළය බිමට වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය නිසා ය.

11. යකඩවලින් ශරීරයේ උෂ්ණත්වය උරා ගන්නා හෙයින් යකඩ හැන්ද ඇල්ලූ විට සීතලක් දැනෙයි, එහෙත් ලී හැන්දෙන් උෂ්ණත්වය උරා නොගන්නා හෙයින් එසේ නොදැනෙයි.

12. කහ කුඩු විෂබීජ විනාශ කරන හෙයින් පිරිසුදු කිරීමේ දී කහ කුඩු යොදා ගැනෙයි.

13. උණුසුම් වතුර නාන විට ඩොපමින් (dopamine) ක්‍රියාකාරීත්වය වැඩි වෙයි. ඩොපමින් (dopamine) නිර්මාණාත්මක භාවය වර්ධනය කරන හෙයින් උණුසුම් වතුර නාන විට නිර්මාණාත්මක භාවය වැඩි වේ.

14. දිලීර රාජධානියට ය.

15. රයිනෝසිරස්ගේ අං සෑදී ඇත්තේ කෙරටීන්වලින් පමණි.

16. රයිනෝසිරස්ගේ අංවල ඇති විශේෂත්වය වන්නේ එය සෑදී ඇත්තේ කෙරටීන්වලින් යන්න සහ එය ඖෂධයක් ලෙස ඉතා මිල අධික දෙයක් යන්න ය.

17. ආහාර අනුභව කළ විගසම ආහාර ජීර්ණ පද්ධතිය වෙත ආහාර යොමු වෙයි. එහි දී ලුණු සහ අනෙකුත් සරල ද්‍රව්‍ය උරා ගනියි. ශරීරය තුළදී ඒවා වෙනත් ප්‍රෝටීන හා අම්ල වැනි දෑ නිපදවීමට යොදා ගැනේ. එහෙත් ලුණු රුධිරය තුළම තිබේ. එය අධි රුධිර පීඩනය වැනි රෝගවලට හේතුවක් වේ.

18. සිරුරේ ඇති විශාලතම අවයවය වන්නේ සම ය.

19. දියෙහි ඇවිදින පක්ෂයන් දියවිදුවෝ ය.

20. නින්ද කොටස් තුනකට වෙන් වේ. එනම් පැහැදිලි සිහින දැකීම, ගැඹුරු නින්ද සහ නොගැඹුරු නින්ද යි. වැඩිම වේලාවක් නිදාගන්නා නින්ද වන්නේ නොගැඹුරු නින්ද යි.

නව සොයා ගැනීම් – පිළිතුරු

1. තෝමස් අල්වා එඩිසන්

2. ඇලෙක්සැන්ඩර් බේන්

3. 1714 වර්ෂයේදී

4. චාල්ස් බැබේජ්

5. ගැලීලියෝ ගැලිලි

6 සර් අයිසෙක් නිව්ටන්

7 මාරි කියුරි

8 ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්

9 ජෝන් ලොගී බෙයාර්ඩ්

10 චාල්ස් ෆොස්ටර්

11. ජේම්ස් වොට්

12. එඩ්වඩ් ජෙනර්

13. ලුවී බ්‍රේල්

14. ලුවි පාස්චර්

15. රයිට් සහෝදරයෝ

16. රෝලන්ඩ් හිල්

17. තෝමස් අල්වා එඩිසන්

18. ශිවා අයියදුරෙයි

19. ඩේවිඩ් එඩ්වඩ් හියුග්ස්

20. James Dewar

අකීෆ සහ රොහන්සා

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department