ශිෂ්‍ය නායක නායිකාවන් වෙත පදක්කම් පැලඳවීම
හිඟුරාණ පැරැණිගම අම්පාර සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් වෙත පදක්කම් පැලඳවීම පසුගියදා සිදු කෙරිණි. විද්‍යාලයේ වැඩ බලන විදුහල්පතිනි ඉනෝකා දිශානි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවයට අම්බලන්ඔය ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ප්‍රියන්ත ගුණසේකර මහතා සහ එක්ගල්ඔය ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය ඉනෝකා මල්කාන්ති මහත්මිය ද ආරාධිතයන් ලෙස සහභාගි වූහ.
දමන සමූහ කේ. ඒ. මෛත්‍රීපාල
සිඟිති පොළ
මා/ග/ තලකිරියාගම මහා විද්‍යාලයේ 01 ශ්‍රේණියේ සිසු දරුවන් විසින් පරිසරය විෂයට සමගාමීව පවත්වනු ලැබූ සිඟිති පොළ පාසල් භූමියේදී පසුගිය 29 වැනිදා පැවති අතර, මෙම අවස්ථාවට පාසල් විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද, සිසු දරුවන් ඇතුළු මවුපියන් ද සහභාගි වූහ.
උතුරේ දරුවන්ගේ අධ්‍යාපනයට යුද හමුදාවෙන් අත්වැලක්
යාපනය හා කිලිනොච්චිය ප්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු හා සමාජීය අවශ්‍යතා සඳහා ඉදි කෙරෙන සිමික් උද්‍යාන දෙක ජනතා අයිතියට පත්කිරීම යුද හමුදාපති විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 31 දින සිදු කෙරිණි.
උතුරේ දරුවන්ගේ අධ්‍යාපනික හා සමාජීය අවශ්‍යතා සපුරා ගැනීමට මෙන්ම අධ්‍යාපන ආයතනවලට සහයෝගය ලබාදීමේ අරමුණින් මෙම බහු කාර්ය උද්‍යාන ආරම්භ කිරීම ක්‍රියාත්මක කෙරිණි. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ උපදෙස් මත යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් මෙම උද්‍යාන ඉදි කළේය. අධ්‍යාපන ප්‍රදේශවල පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් ශාරීරික ව්‍යායාමවල යෙදීමට හා ක්‍රීඩාවන්හී යෙදීමට අවශ්‍ය පහසුකම් ඇතුළු විශේෂාංග රැසකින් එම උද්‍යාන සමන්විත වේ. යාපනය, පලාලි හා කිලිනොච්චිය ප්‍රදේශවල ඉදිකළ එම බහු කාර්ය උද්‍යාන දෙක ජනතා අයිතියට පත් කිරීම යුද හමුදාපති ලුතින් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, පාසල් සිසුන්ට උපකරණ ප්‍රදානයකිරීම ද මීට සමගාමීව සිදු කළේය. මෙම වැඩපිළිවෙළ උතුරේ සෙසු ප්‍රදේශවල ද ක්‍රියාත්මක කිරීම යුද හමුදාවේ අරමුණ වී ඇත. යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
කැබිතිගොල්ලෑව සමූහ එස්. ජී. උබේපාල
තඹුත්තේගම දැඩි පන්දු ක්‍රිකට් තරගාවලිය
දැඩි පන්දු ක්‍රිකට් තරගාවලියක් දෙදිනක් පුරා තඹුත්තේගම මහවැලි ක්‍රීඩාංගණයේදී පැවැත්විය.
මේ සඳහා අනුරාධපුර දිස්ත්‍රික් අධ්‍යාපන බලප්‍රදේශය තුළ පාසල්වල ළමුන්ගේ එකමුතුවකින් පුහුණුව ලැබූ වයස අවුරුදු 15 න් පහළ, 13න් පහළ, 11න් පහළ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 67ක් මේ සඳහා සහභාගි වූහ. මෙය සංවිධානය කරනු ලැබුවේ තඹුත්තේගම නර්ශන් ක්‍රිකට් ඇකඩමිය විසින් ය.
මෙම තරගාවලිය අගෝස්තු මස 31 හා සැප්තැම්බර් 01 යන දෙදින තුළ මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.
හියුමත්ත රත්නායක මහතා ප්‍රධාන පුහුණුකරු ලෙසත්, සහයක පුහුණුකරු ලෙස අකිල උදය මහතාත් සමඟ ඉන්දික උදයංග මහතාත් මෙම පාසල් ළමයින් වෙනුවෙන් අනගි සහයක් ලබා දුන්හ. පුංචි හපනුන්ගේ දැඩි පන්දු ක්‍රිකට් තරගාවලිය දෙදිනක් පුරාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනිසුරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වීම ද විශේෂත්වයක් විය.
තලාව සමූහ – බ්.ඩබ්.ඩ්. ධර්මකීර්ති